ඝාතන තුනකට අදාළ සැකකරුවන් අල්ලයි
මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මනුෂ්‍ය ඝාතන තුනකට සම්බන්ධ සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ලැයිස්තුගත සමාගම් සඳහා ආයෝජන සීමාව ඇ.ඩො 500,000 සිට 750,000 දක්වා ඉහළට -ලැයිස්තුගත නොකළ සමාගම් සඳහා සීමාව ඇ.ඩො 150,000 සිට 200,000 දක්වා ඉහළ නංවයි - ඇ.ඩො මිලියන 2 ඉක්මවන ඕනෑම ආයෝජනයක් සඳහා විශේෂ අනුමතියක් අවශ්‍ය වේ.
සිනි කර්මාන්තශලාවල ඇති වි තිබෙන අර්බුදය විසදිමට නම් දුඹූරු සිනි මත යොදා තිබෙන සියයට දහ අටේ (18) වැට් බද්ද කඩිනමින් ඉවත් කළ යුතු බව ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි
මාස 11 තුළදී ෆාම් ඔයිල් කිලෝවක මිල දෙගුණයකට වැඩි මුදලකින් ඉහළ යාම නිසා ආහාර සකස් කරන පිරිස් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවසමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහැරේ ගමන් කල “භානුක” නැමැති අලියෙකු ඊයේ (04) රාත්‍රි හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.
අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ ඓතිහාසිකත්වය ආරක්ෂා කරමින් දරුවන්, වැඩිහිටියන් ඇතුළු සියළු ජනතාවට හිතකර පරිසරයක් සැලසීම වෙනුවෙන් අනුරාධපුර නගරය උද්‍යාන හිතකර ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ඊයේ (3දා) ආරම්භ කෙරිණි.
අද වන විට ඇත්තේ අලි මිනිස් ගැටුමක් නොව මිනිස් අලි ගැටුමක් බවත් මිනිසුන් විසින් වනාන්තරය ආක්‍රමණය කරමින් ඉදිකිරීම් සිදුකරන විට අලි ඇතුන් ඇතුළු වන සතුන්ට මිනිස්සුන්ගේ වාසභූමි කරා පැමිණීමට සිදුව තිබෙන බව අධිවාසිනායක ඌරු වරිගේ වන්නිලෑ ඇත්තෝ පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 159 දෙනෙකුගේ මාසික වැටුප වන ලක්ෂ 477 ක් මාසිකව පැලවත්තේ කාර්යාලයේ ගීණුමට බැර වන බවත් එය වාර්ෂිකව ලක්ෂ 5727 ක් බව නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පැවසීය.
කණ්ඩලම ජලාශයේ අසාධ්‍ය තත්ත්වයේ ජලය මත සිටි කණ්ඩලමේ හැඩකාරයා නමින් හඳුන්වන වන අලියා සුව කර ගැනීම සඳහා වනජීවී පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් දැඩි වෙහෙසක් දරමින් සිටියි.
සමාගම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (04) සිය සහතිකය සටහන් කළේය.
කිරිබත්ගොඩ නගරයේ රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබු හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනා තවදුරටත් මේ මස 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ( 04 වැනිදා ) නියම කළාය.
සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා දැනුම් දීමෙන් අසිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කිරීමේ චෝදනාවන්ට තමන් නිවැරදිකරුනතුරුව ඔහුට එරෙහි නඩුව විභාග කිරීම කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (04) ආරම්භ කළේය.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වුණොත් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් කෝටි දෙලක්ෂ දහනම දාහක්. රුපියල් ට්‍රිලියන 2.9 ක්.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ද ඕවල් පිටියේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය අත ආබාධයකට ලක්ව තිබියදීත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ක්‍රිස් වොකස්ට සිදුවිය.
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(04දා) තීන්දු කළේය.
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පසවන හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය සඳහා වන තරගය අද (04දා) පැවැත්වේ.
මෙම වසරේ ගතවූ මාස 07ක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 3.7ක ආදායමක් උපයා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
දෙවිනුවර දේවාලය ඉදිරිපිට දී මීට මාස හතරක පෙර වෙඩි තබා ඝාතනය කල යොමේෂ් නදීෂාන් තරුණයාගේ පියා හා සහෝදරයෙකු මහ මුහුද මැදදී ඝාතනය කිරීම සදහා ඔවුන්ගේ බෝට්ටුවේ රහසිගතව ජී.පී.එස් උපකරණය සවි කර තැබීම පිළිබඳව පරික්ෂණයක් පවත්වන බව ගන්දර පොලීසිය පවසයි.
යේමනයේ සංක්රමනිකයන් රැගත් බෝට්ටුවක් පෙරලී යාමෙන් පුදග්ලයන් 68 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඔක්කම්පිටිය පොලීසියේ ස්ථානාධිපතිවරයා ලබන 18 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
බිබිල , දිග්ගොම්මන, නාගල ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී, කසිප්පු පෙරමින් සිටි පාසැල් දරුවන් දෙදනෙකු ඇතුලු සැකකරුවන් තිදෙනෙකු ඊයේ ( 03 ) අත්අඩංගුවට ගත්බව බිබිල පොලිසිය පවසයි.
පොළොන්නරුව ඇතුළු මහවැලි බි හා සී කලාපවලට පසුගිය දින දෙක ඇතුළත ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවට, මෙවර යල කන්නයේ නෙළාගත් වී අස්වනු හසු වීමත් සමග අමු වී සහ වේලපු වී මිල සීග්‍රයෙන් පහළ බැස ඇති බව ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීන් සඳහන් කරයි.
දඹුල්ල මහනගර සභාවේ ලංකා පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ජාලිය ඕපාත මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
මේ මස 10 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට(06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක්, තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
යාල ජාතික උද්‍යානයේ මේ වසරේ දි මේ වන විට රුපියල් මිලියන 2160 ක් ඉක්ම වූ ආදායමක් ලැබි ඇති බව ඌව කළාපය භාර සහකාර වනජීවී අධ්යක්ෂ ඩබ්.ඒ.ඒ ඩී.යූ ඉන්ද්‍රජිත් මහතා කියයි. දෛනිකව දළ වශයෙන් වාහන 500 ක් පමන යාල ජාතික උද්‍යානයට ඇතුල්වීම සිදුවන බවද හෙතෙම සඳහන් කලේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව ඔක්තෝබර් මස 29 වන දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබේ.
විදුලිබල පනත් සංශෝධනයේදී සේවකයින්ට සිදුවන අසාධාරණවලට අද (04) දිනයේදි විසදුම් නොලබුණහොත් 06 වන දින සිට ක්‍රියා මාර්ග ආරම්භ කරන බව විදුලිබලමණ්ඩල වෘත්තීය සමීති සඳහන් කරයි.
මේ වසරේ ජනවාරි 01 වන දින සිට ඊයේ (03) දිනය දක්වා කාලය තුලදි වෙඩි තැබීමේ සිද්ධීන් 76ක් වාර්තා වි තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කරයි.
එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අධීවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.