විදුලිබල පනත් සංශෝධනයේදී සේවකයින්ට සිදුවන අසාධාරණවලට අද (04) දිනයේදි විසදුම් නොලබුණහොත් 06 වන දින සිට ක්‍රියා මාර්ග ආරම්භ කරන බව විදුලිබලමණ්ඩල වෘත්තීය සමීති සඳහන් කරයි.

පවතින ගැටලු පිළිබඳව වෘත්තීය සමීති හා බලශක්ති අමාත්‍යවරයා අතර අද (04) සාකච්ඡාවක් පැවැත් වෙන බවද වෘත්තීය සමීති නියෝජිතයෝ පෙන්වා දෙති.

නව පනත් සංශෝධනය තුළින් සේවකයන්ට විශාල අගතියක් සිදුවන බවත් මෙය කඩිනමින් විසදිය යුතු බවද සඳහන් කරයි.

මෙම පනත් කෙටුම්පත මේ මස 06 වන දින පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙන බවත් සේවක අයිතිවාසිකම් සුරක්ෂිත වන අකාරයට නව පනත් කෙටුම් පත සකස් නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ හොත් එදින සිට ක්‍රියා මාර්ග ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවද පෙන්වා දෙයි.

 

0 comments

Leave a Reply

Post Comment