යාල ජාතික උද්‍යානයේ මේ වසරේ දි මේ වන විට රුපියල් මිලියන 2160 ක් ඉක්ම වූ ආදායමක් ලැබි ඇති බව ඌව කළාපය භාර සහකාර වනජීවී අධ්යක්ෂ ඩබ්.ඒ.ඒ ඩී.යූ ඉන්ද්‍රජිත් මහතා කියයි. දෛනිකව දළ වශයෙන් වාහන 500 ක් පමන යාල ජාතික උද්‍යානයට ඇතුල්වීම සිදුවන බවද හෙතෙම සඳහන් කලේය.
"දෙස් විදෙස් සංචාරකයින් යාල ජාතික උද්‍යානය නැරඹිමට පැමිනිමේ කාලය දැන් එළඹ වී තිබෙනව. සංචාරකයින් රැගත් ජිප් රථ යාල ජාතික උද්‍යානයට පැමිනෙන විට සෑම වසරකම විවිධ ගැටළු මතුවෙනව. එම හේතුව නිසාම මීට සති දෙකකට පමන කලින් පරිසර ඇමැතිතුමා සමඟ සාකච්ඡා කරල ගත්ත තිරණයක් මත ලියාපදිංචි සහ පෞද්ගලික ජීප් රථ පමනක් යාල ජාතික උද්‍යානයට ඇතුල් කරන්න තීරණය කලා. දිනකට වාහන 500 ක් පමණ දළවශයෙන් යාල ජාතික උද්‍යානයට ඇතුල්වෙනව.
මේ වසරේ දැනට ඒ අනුව ප්‍ර වේශපත්‍ර වලින් මේ වන විට ආදායම රුපියල් මිලියන 2160 ක්පමන ලබා තිබෙනව. සංචාරකයින් රැගත් වාහන ඕනෑවට වඩා ඇතුලු වුවහොත් එය දරා ගැනීමේ හැකියාවක් නැති හෙයින් පිටතින් පැමිනෙන වාහන ඇතුළු කිරිමට අවසර නොදීමට තමයි ඇමැතිතුමාගේ ස්ථාවරය වුනේ. ඒ අනුව සෆාරි ජිප් රථවලට ඇතුළු විමට අවසරය ලබාදිමට කටයුුතු කලා ඒ අනුව සංචාරකයින්ට එම පහසුකම් සලසා දි තිබෙනව"
අම්බලන්තොට සනත් ගමගේ
Leave a Reply