එළැඹෙන සැප්තැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අධීවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු වාහනවල සිටින සෑම මගියෙකුම ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
අමාත්‍යංශය සදහන් කර සිටියේ 'මාර්ග ආරක්‍ෂණ ක්‍රියාකාරී සැලැස්ම’ ප්‍රකාරව වසර දෙකක ක්‍රියාකාරී සැලැස්මෙහි තෙවැනි අදියර ලෙස මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බවයි.
ආසන බඳ පටි පැළඳීමේ කාර්යයේ දී පසුගිය ජූලි 01 වැනිදා සිට සියලු මාර්ගවල ගමන් ගන්නා සියලු බස් රථ රියැදුරන් ආසන පටි පැළඳීම අනිවාර්ය කෙරිණ.
එසේම අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීම මේ මස 01 වැනිදා සිට ක්‍රියාත්ම කිරීමට අමාත්‍යංශය කටයුතු කරන ලදී.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා පෙන්වා දුන්නේ බඳ පටි පැළඳීම තුළිත් අනතුරු හානි 40%-45% සංඛ්‍යාවකින් අවම කරගැනීමේ හැකියාව පවතින බවට ලොවපුරා සිදු කර ඇති අධ්‍යයන මගින් අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව රියැදුරන්, මගීන් දැනුම්වත් කිරීම තුළින් පොදුවේ මහජනතාව ආරක්‍ෂිත ගමනාගමනයකට ක්‍රමිකව හුරු කරවීම මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබන බවත් එ මගින් ජීවිත, දේපළ හානි, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයන් අවම කර ගැනීමට හැකිවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Leave a Reply