සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ද ඕවල් පිටියේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය අත ආබාධයකට ලක්ව තිබියදීත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ක්‍රිස් වොකස්ට සිදුවිය.
ලකුණු 374ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින එංගලන්තය කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 367ක් පමණි.
එංගලන්තයේ 9 වැනි කඩුල්ල ලකුණු 357දී දැවී යාම නිසාවෙන් ඒ වන විටත් වම් අත ආබාධයකට ලක්ව සිටි ක්‍රිස් වෝක්ස්ට පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට සිදුවිය.
කෙසේ වෙතත් ගට් එයිට්කින්සන් සිය අන්තය රැකගෙන අවසන් ලකුණු 17 ලබා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමග තියුණු සටනක යෙදුණත් මොහොමඩ් සිරාජ්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියේය. ඒ අනුව ඉන්දියාව ලකුණු 6නින් තරගය ජය ගත්තේය.
Leave a Reply