මේ මස 10 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සියලුම ප්‍රවර්ධන කටයුතු හෙට(06දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තෙක්, තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශිෂ්‍යත්ව විභාගය මේ මස 10 වැනි දින දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2787 කදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව හෙට රාත්‍රී 12.00 සිට විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ පන්ති මෙහෙය වීම,විෂයානුබද්ධ දේශන, සම්මන්ත්රණ, වැඩමුළු පැවැත්වීම,උක්ත විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කීරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම තහනම් බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
යම් අයෙකු, ආයතනයක් හෝ වෙනත් පාර්ශ්වයක් මෙකී නියෝග නොසලකා ක්‍රියා කරනු ලැබුව හොත් ඒ තැනැත්තා, ආයතනය හෝ එම පාර්ශ්වය විභාග පනත යටතේ වරදකරුවකු වන බවද සඳහන් කරයි.
එසේම කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් හෝ පාර්ශ්වයක් මෙම නියෝග යම් ආකාරයකින් කඩ කිරීමක් හෝ උල්ලංසනය කිරීමක් සිදු කළ හොත් ඒ පිළිබඳව ළඟ ම ඇති පොලිස් ස්ථානයට, පොලිස් මූලස්ථානය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත පහත දුරකථන අංක ඔස්සේ පැමිණිලි කළ හැකි බවද පෙන්වා දෙයි.
පොලිස් මූලස්ථානය,පොලිස් හදිසි ඇමතුම් අංකය119 ඔස්සේ හෝ
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911හෝ
පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112421111 0112784208/0112784537 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Leave a Reply