රෝහිත Dambulla Giants කණ්ඩායමට?
LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.
LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.
කොරෝනා වසංගතය නිසා මාස 6 පමණ කාලයක් නැවතුන කොළඹ- බදුල්ල දුම්රිය සේවය ඊයේ ආරම්භවූ අතර එම දුම්රියෙන් විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඊයේ (29) සවස ඇල්ල ට පැමිණියහ.
ඉන්දියාවෙන් ගෙන්වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් අල සෝටීස් (කෙටි කෑම) නිෂ්පාදනය සඳහා රටපුරා බෙදාහරින ජාවාරම්ක සුලමුල හෙළි කර ගැනීම්ට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට 28 දින පස්වරුවේ හැකි වී තිබේ.
පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් දිවයින තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්වීමත් සමග කොළඹ ප්‍රදේශය තුලට වැඩි රථවාහන ප්‍රමාණයක් ඇතුල්වීම නිසා ඇතිවන දැඩිවාහන තදබදය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් හා ඩ්‍රෝන යානා යොදගනිමින් මෙලෙස නීරීක්ෂණය කරන ලදී.
මහරගම නගර සභාවේ නගරාධිපතිවරයා තම නිවසට අනවසරයෙන් විදුලිය ලබා ගැනීමේ සිද්ධිය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් , මහරගම නගර සභා ශ්‍රවණාගාරයේදී අද (25) දා පැවති මාසික මහා සභා රැස්වීමේදී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් අදහස් දැක්වීමත් සමඟ පැවති උණුසුම් තත්ත්වය හේතුවෙන් මහා සභා රැස්වීම අවස්ථා තුනකදී කල්දැමීමට මූලාසනයට සිදුවිය .
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියකගේ වරප්‍රසාද කඩ කිරීම සම්බන්දයෙන් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා සමාව නොගන්නේ නම් ඔහුට කථානායකවරයා මැදිහත්ව දඬුවම් කළ යුතු බවත් එසේ නොමැති නම් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරය හමුවට ගෙන යන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ගොවීන් ලක්ෂ 10කගේ නිෂ්පාදන’’ අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපළට යැවිය හැකි නිෂ්පාදන ධාරිතාවෙන් සහ නවීනතම තාක්ෂණයෙන් යුත් පන්නිපිටියේ පිහිටි වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගමට(World Wide Commodities Private Limited) අයත් ඉදිවෙමින් පවතින කර්මාන්තශාලාව අද (24) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැලණි පාළම ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි.
යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.
ත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර යළින් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (21දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
පැරණි තුරඟ තරග පිටියේ ස්ථාපිත හෝටලයක් තුළ පිපිරීමක් සමග ගින්නක් ඇතිව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
කටුනායක 18 කණුව මංසන්ධිය ආසන්නයේ පිහිටා ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත ශාක නීරෝධායන ආයතනය ඉදිරිපිට දී , කෘෂිකර්ම දෙපාර්තමේන්තු සේවකයින් , තම කෑම පැයේ දී විරෝධතා ව්‍යාපාරයක නිරත විය.
අනුරාධපුර “සඳ හිරු සෑ රඳුන්ගේ” කොත් වහන්සේ නිරාවරණය කොට, ලෝකවාසී ජනතාවගේ වන්දනාමානයට දායාද කිරීමේ පුණ්‍ය මහෝත්සවය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය අංශ විසින් විවිධ මාර්ගෝපදේශ නිකුත් කළත් අද (18දා) දිනයේදී තංගල්ල පරෙවි වැල්ල වෙරළ උද්‍යානයට විශාල සංචාරකයන් පිරිසක් පැමිණ සිටි ආකාරය දක්නට හැකිවිය.
දූෂණයෙන්, වංචාවෙන් දක්ෂයන්ගෙන් ආණ්ඩුවක් බිහිකර කඩා වැටුනු දේශය ගොඩනැංවීමට සමගි ජනබලවේගය කටයුතු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (16දා) පැවසීය.
මන්නාරම උප්පුකුලම් කොන්තෙයිපිඩ්ඩි ප්‍රදේශයේ පිහිටි වසර 45 කට වඩා පැරණි අබලන් තත්වයේ තිබූ පානීය ජල ටැංකියක් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පුපරවා බිම හෙලීමට යුදහමුදාව විසින් ඊයේ (15) සවස පියවර ගනු ලැබීය.
මා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.
ශ්‍රී ලංකාවට අවේනික සහ දුර්ලභ ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ නාවලකන්ද වනාන්තර පද්ධතියට යාබදව පවතින්නා වූ ගුලවිට උතුර ග්‍රාමසේවා වසම තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ.
මහ වැසිත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් කල්පිටියේ අක්කර 6000 කට වැඩි වගා බිම් ප්‍රමාණයක් සම්පුර්ණයෙන් යටවි විනාශ ව ඇති බව වගාකරුවන් පවසයි. කල්පිටිය අර්ධද්විපයට අයත් මේ අනුව සේතපොල,දළුව, මාන්පුරිය, ඉලන්තඩිය, නාරක්කල්ලිය, නාවක්කාඩුව, ආඩන්කෙනි, කොයියාවාඩිය, එත්තාලේ, තිහලි, පාලකුඩා තලවිල, පුලච්චේන, පනිඅඩිය, නොරෝච්චෝල, ආලංකුඩා, කන්දකුඩා, කල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාවන් මෙසේ හානි සිදුව ඇති බව වගාකරුවන් කියයි.
නුවරඑළිය නගරයේ සතිපොලේ අද (13) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.
පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඊයේ (11දා) පැවැති අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව ජයගත්තත් බොහෝ දෙනෙකුගේ අවධානය මේ වන විට පාකිස්තානය වෙත යොමුව තිබේ. පාකිස්තාන කණ්ඩායම මෙම තරගාවලියේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ අතර ඔවුන්ගේ ජයග්‍රහණ පසුපස සිටි එක් ක්‍රීඩකයෙක් වූයේ මොහොමඩ් රිස්වාන්ය.
“ජාතික ආරක්‍ෂක විද්‍යායතනය” අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් දැයට දායාද කෙරිණ.
කෑගල්ල දේවාලේගම පුස්සැල්ල ප්‍රදේශයේ නිවසක් මතට නාය යෑමක් අද (10 දා) අළුයම සිදු ඇත. එහිදී නිවසේ සිටි පියා හා පුතා අතුරුදන්ව සිටියදී හමුදා නිලධාරින් විසින් සොයාගනු ලැබීය. ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් තිබුණි. මෙම නාය යෑමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
පවතින අයහපත් කාළගුණය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රිකයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක ග්‍රාම සේවා වසම් 204 ක පවුල් ඒකක 2221 කට අයත්,පුද්ගලයින් 78,614 ක් පීඩාවට පත්ව ඇතැයි පුත්තලම දිසා ලේකම් කේ.ජී.විජේ සිරි මහතා පවසයි.
පුත්තලම දිස්ත්‍රික්කයට අද (8 දා) අලුයම සිට ඇද හැලෙන මහ වර්ෂාවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවී ගමනා ගමනයට බාධා එල්ලවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා පවසයි.
සියරා ලියොන් අගනුවර වන ෆ්‍රීටවුන්හිදී ඉන්ධන ටැංකියක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයන් 91 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය ආඥාපති මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ අධීක්‍ෂණය යටතේ, එම බල ප්‍රදේශයේ යුද්ධ හමුදාවට අයත් පාවිච්චියට නුසුදුසු තත්වයේ පැවති වාහන 4 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් අලුත්වැඩියා කර තිබේ.