නුවරඑළිය නගරයේ සතිපොලේ අද (13) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.

සතිපොලේ උඩරට සහ පහතරට සැම එළවළු කිලෝවක්ම රු 400කට අලෙවි වන අතර තාක්කාලි කිලෝවක් රු 600 වැනි අධික මිලකට අලෙවි වෙයි.

සතිපොලේ දෙල් ගෙඩියක් රු 200 වැනි මිලකට අලෙවි වෙයි.  වෙළදුන් කියා සිටින්නේ එලවළු මිල ඉහල යාම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි.  තව සති කිහිපයක් තුළ එළවළු හිගවිමත් සමග මිට වඩා මිල ඉහල යා හැකි බව ඔවුහු පවසති.

1 comment

Atul Rathnayake

03 years 07 months 12 days 06 hours 32 minutes 30 seconds ago

dan sapada?

Reply

Leave a Reply

Post Comment