පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අයවැයෙන් පසුව පැවැති තේ පැන් සංග්‍රහයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කථා කරන ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතී. ඒ පිළිබඳව මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

 'මා, මහින්ද රාජපක්ෂ ඉදිරියේ දෙකට නැමුණේ නැත.

හර්ෂට කොන්දක් නැද්ද? ඇයි මහින්ද රාජපක්ෂ ඉස්සරහට දෙකට නැමුණේ? එළියේ පොර ටෝක්දීල ඇතුළේ දෙකට නැමෙනවා. පාර්ලිමේන්තුවේදී මා අගමැති මහින්ද රාජපක්ෂ සමග කතා කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඉලක්ක කරගනිමින් සමහරුන් මට එවැනි චෝදනාවක් කරනවා.
මගේ දේශපාලන භාවිතාවය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් කිරීමට මෙම සේයාරුව කදිම උදාහරණයක් නිසා මා මෙම සටහන තබමි. බොහෝ දේශපාලනඥයින් සමග මාගේ පුද්ගලික තරහක් නැත. ඔවුන් මුණ ගැසුණු විට සුහදව කතා කිරීම මාගේ සිරිතයි. නමුත්, ප්රතිපත්තිමය වශයෙන් මා දරණ ස්ථාවරය මා සෑමවිටම ප්රකාශ කිරීමට පැකිලෙන්නේ නැත. දේශපාලනය යනු විරුද්ධවාදීන් සමග වෛරයෙන් කටයුතු කිරීම යැයි යමෙකු සිතනවා නම් එවැනි රටකට අනාගතයක් නැත. එහා ගෙදර මිනිහා කුමන දේශපාලන මතයක් දැරුවද ඔහු සමග සුහදව සිටිය හැකි දේශපාලන සංස්කෘතියක් රටේම ගොඩ නැගිය යුතුය.
නමුත්, ප්රතිපත්තිමය වශයෙන් තමන් දරණ අදහස ජයග්රහණය කරවීමේ අයිතිය සෑම කෙනෙකුටම තිබිය යුතුය. මනුෂ්යත්වය දේශපාලනයට වඩා උඩින් තිබෙන්නක් බව මාගේ අදහසයි. මා මහින්ද රාජපක්ෂගේ දේශපාලන භාවිතාව සහ ප්රතිපත්ති වලට එකඟ නැත. මා සෑමවිටම එය විවේචනය කරමි. නමුත්, ඔහු මා සමග කතාකළ විට කතා නොකර සිටීම මාගේ් සිරිත නොවේ. ඔහුට පුටුවෙන් නැගිට කතා කිරීමට අපහසු නිසා මා ඔහු දෙසට නැඹුරුව කතා කළෙමි. එය කිසිසේත්ම දෙකට නැමීමක් ලෙස මා නොසිතමි. රටේ දේශපාලන සංස්කෘතිය කෙතරම් වෙනස් විය යුතුදැයි මේ සිදුවීමෙන්ද පාඩමක් උගත හැකිය. විරුද්ධ පක්ෂයේ සිටිනවා කියන්නේ පුද්ගලයින් සමග වචනයක් හෝ කතා නොකර මරාගෙන මැරෙන තරහකින් ජීවත්වීම නොවන අතර ප්රතිපත්තිමය වෙනසකින් ජීවත්වීම පමණි.
මා මහින්ද රාජපක්ෂ ඉදිරියේ නැමුණා නොව නැගිටීමට අපහසු කෙනෙකුට රිසි පරිදි කතා කිරීමට නැඹුරුවූවා පමණි.'

5 comments

sulakshana senevirathna

03 years 07 months 10 days 09 hours 58 minutes 37 seconds ago

hitapu amathiwarayek kiwwa wage "mun okkoma Yaluwo malli"kathawa sahathika aththane..

Reply

Demuni Uduwara

03 years 07 months 10 days 09 hours 58 minutes 29 seconds ago

Harsha's prompt response to the accusation is self-explanatory!

Reply

පිනි බිදු

03 years 07 months 07 days 01 hours 46 minutes 47 seconds ago

මුං ඔක්කොම යාලුවෝ මල්ලි ඔක්කොම රටේ මිනිස්සුන්ට කෙලිනවා

Reply

අනුර විජේසිංහ

03 years 07 months 07 days 01 hours 46 minutes 44 seconds ago

අපේ රටට උන විපත්තිය තමා දේශපාලනය.වැඩිහිටි කෙනෙකුට සැලකිම වැරදිද?ලංකාවෙි සිටින පරිනතම දෙශපාලාඥායාට ගරැ කිරිම වැරදිද?

Reply

Nandaguptha

03 years 07 months 06 days 05 hours 44 minutes 44 seconds ago

Sri Lanka has so many important issues to discuss, this sort of reports shows the bankrupt nature of the news paper

Reply

Leave a Reply

Post Comment