Uncategorized

රිදියගමට එක්වූ අමුත්තා

රිදියගම සෆාරි උද්‍යානයේ ’’ලාරා ’’ නැමති සිංහ ධේනුව බිහිකළ පළමු සිංහ පැටවා වන ’’ඩෝරා’’ නමැති සිංහ පැටවා අද (18දා) සිට මහජන ප්‍රදර්ශනයට තබන බව රිදියගම සත්වෝද්‍යානයේ භාරකරු සහකාර අධ්‍යක්ෂක හේමන්ත සමරසේකර මහතා කියා සිටියේය.

Uncategorized

කූරගල පූජා වස්තු තැන්පත්කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

කූරගල ඓතිහාසික පුදබිමෙහි පිහිටා ඇති ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (16දා) දින සවස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Uncategorized

ඩොලර් බේර ගන්න දේශීය කෘමිනාශකයක්

විදේශීය රටවල් ඉලක්ක කර ගෙන වගා කරන ලද පලතුරු කෘමින් හා පිටි මකුණන් ගේ හානියට ලක්ව විනාශ වී යාමේ අවදානමක පිළිබඳව පසුගිය දෙසැම්බර් මාසයේ කළ හෙලිදරව්වෙන් පසුව තරුණයන් දෙදෙනෙකු දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සියයට සීයක් කෘමීන් විනාස කරන දියරයක් නිෂ්පාදනය කොට පළතුරු වගාවන් බේරා දීමට ඉදිරිපත්ව සිටිති.

Uncategorized

ගිනි කන්දක් පුපුරා ටොංගා දූපතට සුනාමියක්

ටොංගා දූපත ආසන්න මුහුදු පතුළේ ගිනිකන්දක් පිපිරීයාම හේතුවෙන් සුනාමි රළ ඇතිවී තිබේ. ගනිකන්ද පිපිරීමත් සමග ඇතිවූ සුනාමි රළ අඩි 4කට වඩා වැඩිවූ අතර එයින් ආරක්ෂාවිම වෙනුවෙන් ටොංගා වැසියන් උස් ස්ථාන බලා දිවගොස් තිබේ.

Uncategorized

’’පොඩි මැණිකේ’’ කොටගලට මගීන් මහමගට

කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අද(14දා) ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය කොටගල දුම්රිය ස්ථානය ආසන්නයේදි සංඥා ලබා නොදීම නිසා විනාඩි 30 පමණ කාලයක් දුම්රිය ස්ථානයට නුදුරින් නතර කර තිබු අතර,පසුව එම දුම්රිය පොලිස් නිලධාරින්ගේ මැදිහත් විමෙන් කොටගල දුම්රිය ස්ථානය වෙත ධාවනය කර තිබේ.

Uncategorized

වතුකරයේ තෛපොංගල් සැමරුම්

හින්දු භක්තිකයන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හෙවත් තෛපොංගල් උත්සවය අද(14දා) වන දිනට යෙදි තිබු අතර එම තෛපොංගල් උත්සවය සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව සැමරිමට වතුකරයේ හා හැටන් ප්‍රදේශයේ හින්දු ජනතාව කටයුතු කරන ලදි.

Uncategorized

හමුදා ප්‍රධානීන් නායකත්වය ප්‍රගුණ කළ යුතුයි

අපේ ශ්‍රේෂ්ඨ ජාතිය මුහුණ දෙන නව ආරක්‍ෂක අභියෝගයන්ට මුහුණ දීම සඳහා අනාගත හමුදා නායකයන් අතර, නායකත්ව ගුණාංග වර්ධනය කිරීමට අවශ්‍ය බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පැවසීය.

Uncategorized

පරිසර හිතකාමී ජල බෝතල් සතොසෙන්

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා පරිසර හිතකාමී පානීය ජල බෝතල් වෙළෙඳ පොලට හඳුන්වා දෙනු ලැබිණි.

Uncategorized

බදුල්ල-කොළඹ දුම්රිය ධාවනයට බාධා

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් අද (9) දහවල් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනිමට ලක් විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Uncategorized

ටොන් 6ක ගංජා අත්අඩංගුවට ගත් ඒකාබද්ධ ගුවන් මෙහෙයුම

අම්පාර කුමන රක්ෂිතයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා හේනක් වැටලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කටයුතු කර තිබේ.

Uncategorized

මහනුවර හැඩකල ව්‍යාපෘති ජනතා අයිතියට

“සියක් නගර” සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මේ වන විට ඉදිකිරීම් අවසන් කරන ලද සංවර්ධන ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මස 08 වැනිදා මහනුවර දී ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

Uncategorized

’’ඉල්ලන් කන්නා’’ නිසා ඉල්ලන් කෑමක් අත ළඟ

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශීය වනඅලියෙකු පැය විසි 24 පුරා ප්‍රධාන මාර්ගයට පිවිස යන එන වාහන වලින් ලබාදෙන ආහාර ගැනීමට පුරුදු වී සිටීම නිසා විශාල අනතුරක් ඉදිරියේදී සිදුවිය හැකි බව මාර්ගයේ ගමන්කරන්නෝ පවසති.

Uncategorized

චීන - ශ්‍රී ලංකා සබදතා ශක්තිමත් කිරීමට කැපවනවා- චීන තානාපති

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ෂෙන්හොන් මහතා අද (05) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවූ අතර චීන මහජන කොන්ග්‍රසයේ ස්ථාවර කමිටු සභාපති (චීන පාර්ලිමේන්තුවේ කථානායක) ලී ෂන්සු මහතාගේ නව වසර සඳහා වන සුබ පැතුම් පනිවුඩය, කථානායකවරයා වෙත පිළිගැන්වීමද සිදුවිය.

Uncategorized

ජනපති දළදා සමිඳුන් වඳියි

මාළිගාව පරිශ්‍රයේ දී දළදා සමිඳුන් වන්දනා කිරීමට පැමිණි ජනතාවගෙන් ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනතාව සමග කතාබහ කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

Uncategorized

ලංකාවේ කුමාරයෙක් ගැන චීනයේ රූපවාහිනියක යන කාටූනය

පැරණි කාලයේ චීනයට පැමිණි ලංකාවේ කුමාරයෙක් හා සම්බන්ධ කාටූනයක් චීනය විසින් නිර්මාණය කර තිබේ. මෙම කාටූනය දෙසැම්බර් මස 20 වැනිදා සිට, සෑම සතියේ දිනකම පස්වරු 18:40ට එම කාටූනය BRTV ළමා නාළිකාවේ විකාශය කෙරෙයි.

Uncategorized

රෝද හතරක ගිය සුසිල් රෝද තුනකට බසියි

රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත් කළ සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (04දා) සිය අමාත්‍යධුරයට අදාළ වාහන මෙන්ම අනෙකුත් දෑ භාර දීමෙන් අනතුරුව ත්‍රි රෝද රථයක නැගී පිටව ගියේය.

Uncategorized

ජනපතිට ’ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ’ ගෞරව නාමය පිරිනමයි

මහා සංඝරත්නයේ ආශිර්වාදය පළ කරමින්, මහාවිහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත “ශ්‍රී ලංකාධීශ්වර පද්මවිභූෂණ” ගෞරව නාමය පිරිනමයි.

Uncategorized

යුද හමුදාවෙන් නාවික හමුදාවට මාරු වූ වගකීම

ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් නාවික හමුදාව වෙත භාර ගැනීම 2021 දෙසැම්බර් මස 31 වන දින සහ 2022 ජනවාරි මස 01 වන දින කොළඹ ගාලු මුවදොරදී සහ නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි

Uncategorized

රසායනික සියයට 30 - කාබනික සියයට 70 - තක්කාලි අක්කර 3.5න් රු මි 10 ක ආදායමක්

සියයට හැත්තෑවක් කාබනික පොහොර සහ සියයට තිහක් රසායනික පොහොර යොදාගෙනඅක්කර තුන හමාරක භූමියක තක්කාලි වගාවෙන් මෙවර එක කන්නයකින් රුපියල් මිලියන 10ක මුදලක් උපයාගත් ගොවියකු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයෙන් අපට හමුව විය

Uncategorized

උත්තර දේවියේ ගැටුණ මෝටර් රථය ගිනි ගනියි

කන්කසන්තුරයේ සිට කොළඹ බලා ධාවනය වූ උත්තරදේවි සීඝ්‍රගාමී දුම්රියේ වනවාසල දුම්රිය ස්ථානය අසළ මෝටර් රථයක් ගැටිමෙන් සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Uncategorized

සාරා ලංකාවෙන් යයි

තනි එන්ජින් ගුවන් යානයකින් ලොව වටා සංචාරය කරමින් ලෝක වාර්තාවක් තැබීමට සැරෙසන බෙල්ජියම් ජාතික ළාබාලතම ගුවන් නියමුවරිය සාරා රදෆර්ඩ් මෙනවිය අද (30දා) උදෑසන නවයට පමන රත්මලාන ගුවන්තොටින් ඉන්දියාවේ කොයිම්බතුර් බලා යළි ගමන් ඇරඹුවාය.

Uncategorized

චීනයෙන් ශ්‍රී ලංකා පොලීසියට යතුරු පැදි 10ක්

GN 125 H වර්ගයේ යතුරු පැදි 10ක් මෙසේ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා හා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත පරිත්‍යාග කළේය.

Uncategorized

ලෝකය වටා තනිවම ගුවන් යානයකින් යන සාරා ලංකාවටත් එයි

මයික්‍රෝ ලයිට් තනි එන්ජින් ගුවන්යානයකින් ලෝකය වටා තනිව පියාසර කළ ළාබාලතම ගුවන් නියමුවරිය ලෙස ලෝක වාර්ථාවක් තැබීමට සූදානම් වන බෙල්ජියම් ජාතික අවුරුදු දහනවයක් වයසැති සාරා රදර්ෆර්ඩ්(Zara Rutherford) මෙනවිය අද (28දා) දහවල් එකහමාරට පමණ රත්මලාන ගුවන් තොටුපලට පැමිණියාය.