දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දින ගණනාවකින් පසුව වැඩි වශයෙන් එළවළු ලැබීමත් සමඟ සීඝ්‍රයෙන් එළවළු තොග මිල අද (27දා) පහත වැටී ඇතැයි වෙළඳ ව්‍යාපාරිකයෝ පවසති.

කන්ද උඩරට ප්‍රදේශ වලින් ලැබෙන මෙන්ම පහතරට ප්‍රදේශ ප්‍රදේශ වලින් ලැබෙන එළවළු  ප්‍රමාණය ද දිනෙන් දින වැඩි වීම්ත් සමඟ එළවළු කිලෝ එකක මිල රු රුපියල් 100 ත් 150 ත් අතර ඉහළ අගයකින් පහත් වැටී තිබීම විශේෂත්වයකි.

 ඉකුත්  සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් ,ලීස් ,බෝංචි ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල්  450, 500 අතර ඉහළ අගයක් ගෙන තිබුණද 27 වන දින උදෑසන වනවිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එම එළවළු කිලෝ එකක තොග මිල රුපියල් 150 ත් 200 ත් අතර පහත වැටී ඇති බව වෙළෙඳ ව්‍යාපාරිකයකු පෙන්වා දෙති

එමෙන්ම පහුගිය දිනවල පොහොර නොමැතිව වීම හේතුවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී නැති බව ගොවින් බොහෝ  දෙනා ප්‍රකාශ කළ ද එක වරම ඉතා සාර්ථක උඩරට එළවළු අස්වැන්නක් ලැබී තිබීම පුදුමය දනවන කරුණක් බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

 ඇතැම් කැරට් අල විශාල වශයෙන් පෙනුමක් ඇති  බවත් එළවළු වර්ග ද  බොහොමයක් ඉතා අනර්ඝ තත්ත්වයේ එළවළු බව වෙළෙඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන අතර එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යෑමත් සමග එළවළු මිල දී ගැනීම සඳහා පැමිණෙන බොහෝ වෙළෙන්දන් ගේ පැමිණීම  අඩුවීමක් දක්නට තිබෙන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.

1 comment

klal

03 years 06 months 29 days 05 hours 58 minutes 46 seconds ago

Mewa pitipassse kawuru hari innawa deshapalana saha mulyamaya wasi ganna. Deshapalana wasi ganna thawa avurudu 4 thiyenawa. Muyamaya wasi ganna thama. Anduwath yam deyak karanakota me wage dewal wiyahaki bawata awabodayak thibiya yuthui. Rajya sewayanam wadakatama naha. Agricuture eke lakshaganak wada karanawa. bime thathawaya hondata dannawa. Elawulu aduwune pohora nisa kiyala gowiyo berihan denakota goluwo beero wage field officers la balagena hitiya. Gowiyo karapu wade athe paththu wuna. Wassa nisa aswanna neluwe naha.Ekata anuduwa amaruwe danna pohora nisa kiyal kiwwa. Samakarak Mahacharyawaru keewe Lankawa Iwari kiyala. Balanna monatharam mun kuhakada?

Reply

Leave a Reply

Post Comment