ශ්‍රී ලංකාව සහ රුසියාව අතර යළින් ඍජු ගුවන් ගමන් සේවා  ආරම්භ කරමින් රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (21දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

1964 වර්ෂයේ රුසියාව ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කර ඇති අතර 2020 වසරේ දී ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගතය නිසා මෙම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබුණි 

රුසියාවේ මොස්කව් නුවර සිට රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ.- 284 දරන  ගුවන් යානය අද උදෑසන 10.50 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. මෙම ගුවන් යානයෙන් ගුවන් මගීන් 240 දෙනෙකු පැමිණ සිටියහ .

රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානා සතියේ සෑම සිකුරාදා සහ ඉරිදා දින වල රුසියාවේ මොස්කව් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර සතියකට දින දෙකක් ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය .

1 comment

aaa

03 years 07 months 03 days 02 hours 39 minutes 28 seconds ago

No masks???

Reply

Leave a Reply

Post Comment