ත්‍රිකුණාමලය, කින්නියාහි කුරුංඤ්ඤකේනි කලපුවේ පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් කිහිපදෙනෙක්ක් මිය ගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.

මිය ගිය පුද්ගලයන් අතර පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින බව වාර්තාවන  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සොයාගත් මෘත ශරීර කිහිපයක් හා තුවාල ලැබූවන් කිහිප දෙනෙක් කින්නියා මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

කින්නියා පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

0 comments

Leave a Reply

Post Comment