Breaking News

කොවිඩ් මරණ තුනක් හා ආසාදිතයන් 8ක්

පෙරේදා දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ තුනක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Breaking News

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකරලා

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකර තැබීම මඟින් ජීවිත අනවශ්‍ය අවධානමකට ලක්වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

Breaking News

චීනයේ කොවිඩි රැළි තුනක් එන බවට අනතුරු ඇඟවීමක්

චීනයේ ඉහළම සෞඛ්‍ය නිලධාරියෙකු පවසන්නේ මෙම ශීත සෘතුවේ දී අපේක්ෂා කරන ලද කොවිඩ් රැළි තුනෙන් තුනෙන් පළමුවැන්න මේ වන විට චීනය අත්විඳින බව තමා විශ්වාස කරන බවයි. කොවිඩ් පාලනය කිරීමට චීනය සාර්ථක ලෙස පනවා තිබූ සීමාවන් ජනතාවගේ තරමක අකමැත්ත අනුව ලිහිල් කිරිමට චීනය කටයුතු කළේය.

Breaking News

කොවිඩ් ආසාදිතයන් ගණන යළිත් අංක දෙකක අගයකට

ශ්‍රි ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව යළිත් අංක දෙකේ අගයකට පැමිණ තිබේ. ඒ් ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන් 15ක් වාර්තා වීමත් සමගිනි. මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණයක්ද වාර්තා වී තිබේ.

Breaking News

කෝවිඩ් ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාවට 80වැනි තැන

දෛනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන්ගේ හා මරණ ප්‍රමාණය පහළ යමින් තිබෙන අතර, මේ අනුව කෝවිඩ් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 80වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.

Breaking News

කොවිඩ් රෝගීන් තනි ඉලක්කමකට

ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම තනි ඉලක්කමක් දක්වා පහළට විත් තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 09කි. මේ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 670685කි.

Technology

කොවිඩ් ඇතුළු වෛරස් උණ හඳුනා ගන්නා මුහුණු ආවරණයක් චීනයෙන්

COVID-19 හෝ උණ රෝගයට නිරාවරණය වී ඇත්දැයි පරිශීලකයින්ට දැන ගැනීමට ඉඩ සලසන නව මුව ආවරණයක් චීන පර්යේෂකයන් විසින් නිපදවා තිබේ. මුහුණු ආවරණ භාවිතය පහත වැටෙන විට සහ තවත් රටවල් වෛරස් සීමා ලිහිල් කරන විට පවා අවදානමට ලක්විය හැකි ජනගහනයට උපකාර කිරීම මෙම නව නිර්මාණයේ අපේක්ෂාවයි.

Breaking News

විශේෂ සති අන්ත එන්නත් වැඩසටහනක්

කොවිඩ් මර්දන තෙවන, සිව්වන බූස්ටර් එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඉදිරි සති අන්ත කිහිපය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Breaking News

‘දීර්ඝ කොවිඩ් 19’ සත්‍යයක් වෙයි

දීර්ඝ කෝවිඩ් 19 රෝගී තත්ත්වය සත්‍යයක් බවට පත්ව ඇති බවත් එය වැළැක්වීම වෙනුවෙන් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට අත්‍යාවශ්‍ය සාධකයක් බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Breaking News

තවත් කොවිඩ් මරණ 5ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. මෙම සියලුම මරණ අවුරුදු 60ට වැඩි අය වෙයි. කාන්තාවන් 2ක් හා පිරිමින් ‌දෙදෙනෙක් මෙසේ කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

Breaking News

කොවිඩ් මරණත් ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාවද පැහැදිලි ලෙස ඉහළ යමින් පවතී. ඒ අනුව ඊයේ දිනයේදී සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 09කි.

Breaking News

කොවිඩ් ආසාදිතයන් 200ටම කිට්ටු කරයි

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 181ක් හඳුනාගෙන තිබේ. මේ අනුව දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ට ආසන්න වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.

Breaking News

කොවිඩ් පාලනයට එන්නත්කරණය වේගවත් කරන්න

මේ වන විට කොවිඩ් වසංගත තත්ත්වයේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එය පාලනය කිරීම සඳහා එන්නත්කරණය තවදුරටත් වේගවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන් වෙත අද (02) උපදෙස් ලබා දුන්නේය.

Breaking News

කොවිඩ් ආසාදිතයන් 143ක් - මරණ 05ක්

අද (29දා) නව කොවිඩ් ආසාදිතයන් 143ක් හඳුනාගෙන ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. මෙ අනුව අඛණ්ඩව දින තුනක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා ගියේය.

Breaking News

කොවිඩ් ආසාදිතයන් 72ක්

ශ්‍රී ලංකාවේ අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 72ක් වාර්තා වී තිබේ. මේ අුව දිගින් දිගටම ශ්‍රී ලංකාවෙන් හඳුුුනාගැනෙන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී.

Breaking News

කොවිඩ් ආසාදිතයන් එන්න එන්නම වැඩිවෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වර්ධනය වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති ආසාදිතයන් සංඛ්‍යාව 62ක් දක්වා වර්ධනය වි තිබේ.

Breaking News

කොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක්

කොවිඩ් ආසාදිතයන්ගේ තරමක වැඩිවීමක් මේ වන විට සටහන් වෙමින් පවතී. මේ අනුව අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 20ක් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Breaking News

ඔක්කොගේම අවධානය වෙනත් අතට යද්දී ප්‍රභල කොවිඩ් ප්‍රභේදයක් ගැන අනතුරු ඇඟවීමක්

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා සොයාගත් වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වන මෙන්ම ප්‍රතිශක්තිය මග හැරිය හැක දරුණු කොවිඩ් ප්‍ර ‌භේදයක් සොයාගෙන ඇතැයි ශ්‍රීජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු පවසන්නේ BA5 ලෙසින් හඳුන්වන මෙම ප්‍ර භේදය මේ දක්වා රටවල් 63 කින් හඳුනාගෙන ඇතත් ශ්‍රී ලංකාවෙන් තවමත් වාර්තා වී නොමැති බවයි.

Breaking News

කොවිඩ් එන්නතට බුද්ධිමය අයිතිය අත්හරියි

කොවිඩ් එන්නත් සඳහා බුද්ධිමය අයිතිය ඉවත් කිරීමට ලෝක වෙළඳ සංවිධානය තීරණය කර තිබේ. ලෝක වෙළඳ සංවිධානයේ අමාත්‍ය මණ්ඩල මට්ටමේ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

Live

තවත් කොවිඩ් මරණ 02ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. මෙම මරණ දෙක ඊයේ (22දා) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. අවුරුදු 60ට වැඩි කාන්තවක් හා පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Live

තවත් කොවිඩ් මරණ 04ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (28දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Live

තවත් කොවිඩ් මරණ 06ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොව්ඩ් මරණ 06ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (27දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Live

තවත් කොවිඩ් මරණ 02ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 02ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ (25දා) සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Breaking News

තෙවැනි මාත්‍රාව ලබා ගැනීමට උනන්දුව අඩුවෙයි

කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව තුළ පැවැති උනන්දුව මේ වට යළිත් අඩුවී තිබේ.

Live

ආසාදිතයන් 288ක්

ශ්‍රී ලංකාවෙන් අද (18දා) දිනයේදී කොවිඩ් ආසාදිතයන් 288ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අතර විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයන් වාර්තා නොවෙයි.

Breaking News

චීනයේ කොවිඩ් නැගිටීමක්

ඔමික්‍රොන් කොවිඩ් ප්‍ර භේදය ව්‍යාප්තවීමත් සමග චීනය තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා දිනයේදී චීනයෙන් කොවිඩ් ආසාදිතයන් 3500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර එය වසර දෙකක් තුළ වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව වෙයි.

Breaking News

චීනයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම ඉහළට

බීජිං, මාර්තු 13 (ෂිංහුවා) - චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වසර දෙකකට පමණ පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (12දා) දිනයේදී චීනයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් 1,807 ක් වාර්තා වී ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

Live

තවත් කොවිඩ් මරණ 09ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොවඩ් මරණ 09ක් වාර්තා වී තිිබේ. මෙම මරණ ඊයේ (11දා) සිිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.