කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ බූස්ටර් එන්නත හෙවත් තෙවැනි මාත්‍රාව ලබා ගැනීම වෙනුවෙන් ජනතාව තුළ පැවැති උනන්දුව මේ වට යළිත් අඩුවී තිබේ.

දිනකට 40000 -50000ත් අතර ප්‍රමාණයක් ලබා ගත් කොවිඩ් එන්නත් මාත්‍රා ගණන මේ වන විට 15000ට ආසන්න අගයකට පැමිිණ තිබේ.

ඒ අනුව 15දා - 14912ක් 16 දා - 15715ක් 17 දා - 6406ක් 18 දා - 13397 ක් 19 දා - 12236 20 දා - 4228ක් 21 දා - 9756ක් ලෙස එන්නත් ගබාගෙන තිබේ. 

වසංගත රෝග විිද්‍යා ඒකකය නිකුත් කළ දත්ත අනුව අද පෙරවරුව වන තෙවැනි මාත්‍රාව ලබාගෙන අවසන් කර ඇති සංඛ්‍යාව 7 711 860කි.

ශ්‍රි ලංකාවේ තෙවැනි මාත්‍රාව ලෙස ලබාදෙන්නේ ඇමෙරිකාවේ නිිෂ්පාදිත ෆයිසර් එන්නතයිි.

0 comments

Leave a Reply

Post Comment