බීජිං, මාර්තු 13 (ෂිංහුවා) - චීනයේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම වසර දෙකකට පමණ පසු ඉහළම අගයට පැමිණ තිබේ. ඒ අනුව ඊයේ (12දා) දිනයේදී චීනයෙන් දේශීයව සම්ප්‍රේෂණය වූ කොවිඩ් රෝගීන් 1,807 ක් වාර්තා වී ඇති බව  ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

නව දේශීය ආසාදනවලින් වඩිම පිරිසක් ජිලින්  හි වාර්තා වී ඇත. එම අගය  1,412 කි. සෙසු ආසාදිතයන් ෂැන්ඩොං, ගුවැන්ඩොං, ෂැන්සි , හෙබෙයි, ජියැන්ග්සු, ටියැන්ජින් ඇතුළු ප්‍ර දේශවලින් වාර්තා වී තිබේ.කෙසේ වෙතත් එදින මරණ කිසිවක් වාර්තා වී නොමැත.

මේ අනුව චීනයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 115,466 දක්වා ඉහළ ගොස් තිබේ.

තවමත් රෝගීන් 7,230 ක් ප්‍රතිකාර ලබමින් සිටි අතර ඔවුන්ගෙන් හය දෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි. රෝගය පැතිර යාමෙන් රෝගීන් 4,636 ක් මිය ගොස් ඇත.

0 comments

Leave a Reply

Post Comment