දෛනිකව වාර්තා වන කෝවිඩ් රෝගීන්ගේ හා මරණ ප්‍රමාණය පහළ යමින් තිබෙන අතර, මේ අනුව කෝවිඩ් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 80වැනි ස්ථානය දක්වා ශ්‍රී ලංකාව පහත වැටී තිබේ.

එසේම අද (28දා) උදෑසන 6.00 අවසන් වූ පැය 24ක කාලය තුළදී ලෝකයේ රටවල් රැසකින් කෝවිඩ් රෝගීන් වාර්තා වී තිබෙන අතර, එම කාලය තුළදී රෝගීන් 39,047ක් කෝවිඩ් මරණ 68ක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාව තුළින් එම කාලය තුළදී රෝගීන් 09ක් හඳුනාගෙන තිබෙන අතර,  එම කාලය තුළදී මෙරටටින් කෝවිඩ් මරණ 01ක් වාර්තා වී තිබේ.

සමස්ත කාලය තුළදී ලෝව පුරා රටවල් 230කින් කෝවිඩ් රෝගීන් වාර්තා වී තිබෙන අතර, මේ අනුව සකස් කර තිබෙන ලෝක කෝවිඩ් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ මේ වනවිට ශ්‍රී ලංකාව 80වැනි ස්ථානයේ පසු වේ.

එසේම පෙරේදා (27දා) දිනය සැලකීමේදී මෙරට තුළින් කෝවිඩ් රෝගීන් 09ක්  හා මරණ 01ක් වාර්තා වී තිබෙන අතර, 26වැනිදා කෝවිඩ් 15ක් රෝගීන් 01ක්, 25වැනිදා කෝවිඩ් රෝගීන් 09ක් හා මරණ 01ක්, 24වැනිදා කෝවිඩ් රෝගීන් 17ක්  හා මරණ 01ක්, 23වැනිදා කෝවිඩ් රෝගීන් 13ක් හා මරණ 01ක්, 22වැනිදා කෝවිඩ් රෝගීන් 14ක් හා මරණ 03ක් සහ 22වැනිදා කෝවිඩ් රෝගීන් 24ක් වාර්තා වී තිබේ. 

0 comments

Leave a Reply

Post Comment