saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

TOP STORY - timelapse 2882 hours ago

LATEST

පොල් බෑය රු. 100ට 120ට යයි

calendar_today 2024 දෙසැ 06 - 18:26 remove_red_eye - 284  

කොළඹ ඇතැම් ප්‍රදේශවල පොල් බෑයක් රුපියල් 100-120 ත් අතර මිලකට අලෙවි කරයි. පොල් මිල තවදුරටත් ඉහළ යනු ඇතැයිද වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි. පොල් අස්වනු නෙළීම අඩුවීම, පොල් ආශ්‍රිත අපනයන සඳහා පොල් වැඩි වශයෙන් යොදා ගැනීමත් නිසා මෙලෙස පොල් මිල ඉහල යාමට බලපා තිබේ.

රුපියල් කෝටි 17 ක රූපවාහිනී වෙළඳ දැන්වීම වසර 05 ක් ගියත් විකාශය කර නෑ කෝටි 04 ක තවත් නිර්මාණ 31 ක් හමස් පෙට්ටියට කෝටි 17 ක වැයෙන් හැදූ වෙබ් අඩවිය ඵලදායි නෑ කෝටි 11 ක මාධ්‍ය සැලසුම් අවුරුදු 05 ක්ම ගල්වෙලා

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන අල්ලස් ලෙස 2024 ජනවාරි 01වැනිදා සිට ඔක්තෝම්බර් 06 වැනිදා දක්වා සුරාබදු බලපත්‍ර 361ක් ලබා දී ඇති අතර, ඒ අතර එෆ්.එල්.4 (වයින් ස්ටෝස්) බලපත්‍ර 172ක් ද පවතින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

2024 ඔක්තෝම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,097.1 ක් වූ අතර එය 2023 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 18.22% ක වර්ධනයක් ෙපන්නුම් කරන බව ශ්‍රී ලංකා රේගුව නිකුත් කළ තාවකාලික දත්තවලට අනුව පෙන්වයි.

Read More

රාජ්‍ය ආයතනවල භාවිත වන ඇතැම් අධි සුඛෝපභෝගී වාහනවල නඩත්තු හා ඉන්ධන සඳහා වැය වන අධික පිරිවැය සැලකිල්ලට ගෙන එවැනි අධි සුඛෝපභෝගී වාහන අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එසේ වාහන අපහරණය කිරීම රජයට වඩාත් ඵලදායි වනු ඇති බවටද සැලකිල්ලට ගෙන තිබේ.

Read More

වංකානෛ පිහිටි වලිකාමම් මත්පැන් නිෂ්‍පාදනාගාරයට අදාළව හිඟ සුරාබදු ගෙවන තෙක් මල්පැන් නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට කටයුතු කර තිබෙන බව සුරාබදු දෙපර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඕස්ට්‍රේලියානු පොලීසිය කොකේන් මත්ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 2.3ක් සමග පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙරට නව අගවිනිසුරු ලෙස මුර්දු ප්‍රනාන්දු මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද(02දා) දිවුරුම් දෙනු ලැබිණි.

Read More

ආනයනික ලොකු ලූනු සඳහා වන වෙළඳ බද්ධ අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

මිල සංශෝධනය කර ඇති අයුරු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩුකර කර ඇති නව මිල රුපියල් 309කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල වෙනස් නොවන අතර එහි මිල 371කි. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් වැඩි කර ඇති අත නව මිල රුපියල් 286 කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් වෙනස් කර නොමැති අතර එහි මිල 313කි. ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 05කින් වැඩි කර ඇති අතර එහි නව මිල 188කි.

Read More

වැවලි හා ප්‍රජා යටිතල පහසුකම් කටයුතු අමාත්‍යාංශයේ එක අංශයක් මගින් විනාඩි එක හමාරක වීඩියෝ වෙළද දැන්වීමක් හදන්න රුපියල් ලක්ෂ1740ක මුදලක් වැයකර වසර දෙකක් තිස්සේ එය කොතනකවත් විකාශණය කර නොමැති බව විගණනයකින් සොයාගත් බව එහි ඇමති සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇති අතර, එය රටේ අපේක්ෂිත ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය පියවරක් වන බව ද අවධාරණය කර තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අ.පො.ස උසස්​ පෙළ විභාගය තවත් දින 03ක් නොපැවැත්වීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Read More

අයහපත් කාලගුණික තත්ත්වයත් සමග පුද්ගල මරණ 2ක් වාර්තා වන බව පොලිස් මාධ්‍යප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

Read More

අයහපත් කාළගුණය හේතුවෙන් දැනට පැවැත්වෙන අ.පො.ස උසස් පෙළ විභාගය ඉදිරි දින තුනේ තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

2025 අයවැය දෙවනවර කියවීම ලබන පෙබරවාරි 17 වැනිදා සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

මෙරටට සීනි ආනයනය කිරීම සඳහා 2023 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා කාලසීමාව තුළ රුපියල් මිලියන එක් ලක්ෂ හතළිස් දෙදහස් තුන්සිය එකක මුදලක් වැයකොට ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති කාර්ය සාධක වාර්තාවක් මගින් නොවැම්බර් මස 22වන දින අනාවරණය කරයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක ඩොලර් බිලියන 3ක විස්තීර්ණ ණය වැඩසටහන යටතේ තුන්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කාර්යමණ්ඩල එකඟතාවකට පැමිණි බව මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා අද (23දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවක්දි ප්‍රකාශ කළේය.

Read More

තනි පක්ෂ පාලනයක් අපේක්ෂා නොකරන බවත් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය පිළි ගන්නා බවත් ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයේදී සියලුම අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් මාධ්‍ය යොදාගෙන ප්‍රචාරක කටයුතු කිරීමට රුපියල් මිලියන දෙදහසකට ආසන්න මුදලක් වැය කර තිබෙන බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය සඳහන් කරයි.

Read More

කථානායක ධුරයට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත්කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි. නිහාල් ගලප්පත්ති මහතා විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ පුද්ගලයෙක් වෙයි.

Read More

නව ආදර්ශ ගණනාවක් නව කැබිනට් මණ්ඩලයට ලබා දිය හැකි වනු ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

(UPDATE 6.32 AM ) නව රජයේ කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දිමට නියමිතව තිබේ. අද පෙරවරුවේදි ජනාධිපති කාර්යාලයේදි මෙම දිවුරුම් දීම සිදු කෙරුණු ඇත.

Read More

මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසය තුළ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගත් මන්ත්‍රිවරයා ලෙස ජාතික ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා වාර්තා අතරට එක්විය.

Read More

2024 මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය හා මන්ත්‍රි ආසන (ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරද සමගින්) බෙදී ගිය ආකාරය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් නිවේදනය කළේය.

Read More

මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් අද(14දා) ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව අමෙරිකානු තානාපති කාර්යාලය අමෙරිකානු සංචාරකයන් සහ මෙරට වෙසෙන අමෙරිකානු නිලධාරීන්ට නිකුත් කළ සංචාරක සීමා නිවේදනය ඉවත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.