saravita-anim2

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

2025 නොවැම්බර් මස 10 වන සඳුදා

TOP STORY - timelapse 2843 hours ago

LATEST

මහ මැතිවරණයක් තිබුණොත් වැඩිහිටියන්ගෙන් සියයට 39ක් ජවිපෙට

calendar_today 2024 ජන 28 - 10:25 remove_red_eye - 5808  

2023 වසරේ දෙසැම්බර් මස මහ මැතිවරණයක් පැවැත්වූයේ නම් වැඩිහිටියන්ගෙන් සියයට 39ක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජවිපෙ/ජාජවේ ඉදිරියෙන් පසුවන බව සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය නිකුත් කළ නවතම මත විමසුමක සඳහන් වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (26) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ලබන පෙබරවාරී 07 වැනිදා පෙ.ව 10.30 ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

Read More

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍රී හා රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ දී සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇතැයි රාගම රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

Read More

පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය එම පුද්ගලයාගේ බදු අංකය (TIN) ලෙස භාවිත කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

Read More

වෛද්‍යවරුන්ට අත්හිටවූ දීමනාව රු. 35000ක දීමනාව යළිත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කිරීමත් වෛද්‍යවරුන් පැවැත්වීමට සූදානම් කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය නවත්වා දැමීමට තීරණය කර තිබේ.

Read More

වෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35000ක දීමනා වැඩිවිම ගෙවිම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

රථවාහන වැරදි සම්බන්ධයෙන් වන ස්ථානීය දඩ මුදල් එවලේම ඔන්ලයින් හරහා ගෙවීමේ අවස්ථාව ලංකාවේ ජනතාව වෙනුවෙන් ලබාදෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අභියස දී ඩිපෙන්ඩරයක සිටි පිරිසකට කැබ් රථයකින් පැමිණි පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයන් පස් දෙනෙක් මියගොස් ඇතැයි වර්තා වෙයි. වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටි පිරිසකට මෙලෙස වෙඩිතැබීම සිදුකර ඇතැයි වාර්තා වෙයි.

Read More

කොළඹ නගරයේ ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා මගින් රථවාහන වැරදි නිරීක්ෂණය කර රථවාහන හිමිකරුවන් වෙත දඩ කොළ යැවීමේ නියමු ව්‍යාපෘතිය අද (22දා) ආරම්භ වේ.

Read More

විදුලි බල මණ්ඩලයේ සේවකයන් ලබාගෙන ඇති ණය වල පොලී ගාස්තු වලින් තුනෙන් දෙකක් විදුලි බල මණ්ඩලය ගෙවමින් ඇති බවත් එම මුදල් අයවන්නේ මහජනතාවගේ විදුලි බිලෙන් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජෙසේකර මහතා පවසයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීම සීග්‍රයෙන් ම අඩු වීමත් සමඟ 18 දින එළවලු මිල පහත වැටෙමින් පවතින බව වෙළෙන්දෝ පවසති.

Read More

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වු දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන් නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළින් 17 දිනද එළවළු මිල විශල වශයෙන් ඉහළ ගියද එළවළු මිලදී ගැනීම සඳහා වෙළෙන්දන්ගේ පැමිණීම සියයට 75 කින් පමණ අඩුවී තිබෙන බව වෙළෙන්දෝ පවසති.

Read More

මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකාශයට පත්කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් රාජ්‍ය ආයතන හතරකට පමණක් අදාලවන ලෙස විවිධ මෝටර් වාහන 30 ක් ආනයනය කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා දී තිබේ.

Read More

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් වහන්සේ බවට තමන්ව හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන විකෘති දේශනා කළැයි කියන පුද්ගලයා අද (15) පන්නිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දෙමල ජාතික සංධානයේ නව නායකයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසුම ලබන 21 ත්‍රිකුණාමලයේදි පැවැත්වෙන බව එම සංධානය කියයි.

Read More

මෙවර (2023/2024) උසස් පෙළ විභාගයේ පෙරේදා පවත්වා ඇති කෘෂි විද්‍යාව විෂයේ දෙවන කොටසේ සියලු මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති ජේ ෂා මහතා සමග පැවැති සාකච්ඡාව ධනාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පනවා ඇති තහනම පෙබරවාරි 15දාට ප්‍රථම ඉවත් කිරීමට හැකියාවක් ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

Read More

2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය නිලධාරීන් වෙත ලබන අප්‍රේල් මස සිට ගෙවීමට නියමිතව තිබූ වැඩිකල රුපියල් 10000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5000 ක් මෙම ජනවාරි සිට ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත් වීමෙන් අමාත්‍ය මන්ඩලය ගත් තීරණයට අදාල චක්‍රලේඛය ඊයේ (10) රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් නිකුත් කෙරිණි.

Read More

බිල නොගෙවීම නිසා පළාත් පාලන ආයතනවල විදුලිය විසන්ධි කිරීම නොකළ යුතුයි; විකල්ප බලශක්තිය සම්බන්ධතා නොදෙන විදුලිබල මණ්ඩලයේ හිතුවක්කරිකමට දඩ ගැසිය යුත්තේ කාටද ? --- අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි

Read More

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.

Read More

වයස අවුරුදු 18 වැඩි සෑම පුරවැසියෙකු සඳහාම අනිවාර්ය කෙරී ඇති TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වැනිදා සිට ආරම්භ කිරීමට සූදානම් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද ’’වතුර’’ බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.

Read More

ජනපති සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් යාපනයේ අවම පහසුකම්වත් නැති පාසල් 100ක් ඉදිරි මාස 06දී සංවර්ධනයට පියවර.

Read More

මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා. පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන්. 2025 වන විට නැවත පදිංචි කිරීම් සියල්ල අවසන් කිරීමට උපදෙස්. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලිමේ කටයුතු කඩිනම් කරනවා. උතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳීමට ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් උතුරට. උතුරු පළාත කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානය

Read More

• 2023.06.30 දිනට ලැබිය යුතු මුළු බදු ආදායම රුපියල් බිලියන 943ක් • බදු ගෙවිය යුතු බවට හඳුනාගෙන ඇති බදු හිමියන් පවා බදු ගෙවා නැහැ • පවතින නීති යටතේ වසර 15ක් බදු ගෙවීම පැහැර හැරිය හැකියි • පවතින නීති සංශෝධනය කිරීමට කඩිනම් පියවර

Read More

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 01/03 දින දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා ලිපි මගින් පියවර ගෙන තිබේ .

Read More

ආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ජපානයේ වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් හා A 350 එයා බස් ගුවන් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ජපාන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පහක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.