saravita-anim2

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 2689 hours ago

LATEST

ගුවන්තොටුපොළ අලුත් වෘත්තී සමිතයේ 28ක් ගෙදර යවයි

calendar_today 2024 ජන 03 - 19:38 remove_red_eye - 1382  

කටුනායක ගුවන් තොටුපොළ තුළ අලුතින් පිහිටවු ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතියේ සභාපති ඇතුළු උසස් නිලතල දැරූ නායකයින් 28 දෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි 01/03 දින දහවල් 12.00 පැයේ සිට අත් හිටුවා අනිවාර්ය නිවාඩු ගැන්වීමකට ලක් කිරීමට සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ග

ආගමික වශයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේවගැති ජොරොම් ප්‍රනාන්දු ඇප මත නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ජපානයේ වෙරළාරක්ෂක බලකායේ ගුවන් යානයක් හා A 350 එයා බස් ගුවන් යානයක් ගැටීමෙන් සිදුවූ අනතුරින් ජපාන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පහක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල අද (01දා) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට එම සමාගම කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 685කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4,250කි.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 366කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 38කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 464කි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 358කි. සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර නව මිල රුපියල් 475කි.

Read More

ජනවාරි මස පළමු වැනිදා සිට වාහන ලියාපදිංචි කිරීමේ දී, ආදායම් බලපත්‍ර ගැනීමේ දී සහ දේපොළ මිල දී ගැනීමේ දී බදු ගොනුවක් විවෘත කිරීමට ගෙන තිබූ තීරණය මසකින් පමණ කල් දැමීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

Read More

දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළදපලේ අමුමිරිස් එක කරලක් රු 10 - 15ත් අතර මුදලකට 29 දින අලවි වන බව ජනතාව පවසති .

Read More

මෙරට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල්වලින් සියයට 60.5 ක මාසික ආදායම පහළ බැස ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව විසින් මෙම සමීක්ෂණය සිදු කර ඇත.

Read More

රජය මගින් ක්‍රියාත්මක කරන නව බදු සංශෝධන යටතේ ලබන ජනවාරි 01 වැනිදා සිට ඉන්ධන සහ ගෑස් සඳහාVAT බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසයි. අද (28දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය මේ බව සඳහන් කළාය.

Read More

‘ඇමති කිව්වා මං කළා’ යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර බාල ඖෂධ ගෙන්වු ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුුගේ නීතීඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය.

Read More

කොළඹ ජාතික රෝහලේ හදවත් රෝග අංශයේ දැඩිසත්කාර ඒකකයේ මීට මසකට පමණ පෙර නවක පත්තීන් ලැබූ හෙද නිලධාරිනියක් මෙසේ ජීවිතක්ෂයට පත් වූවාය.

Read More

කතරගම දේවාලයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450ක් එකතුවී තිබෙන අතර,. මේ වනතෙක් දේවාලයේ කපුවන් වෙත පූජාවට්ටි වෙත තබා පඬුරු ලෙස දෙන මුදල් මීට වඩා හතර පස් ගුණයකින් වැඩි බව ද කාර්‍ය මණ්ඩලය පවසන කරුණකි.

Read More

කප්පම් ගැනීම සහ පස් ජාවාරමට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයකු වන රොෂාන් ඉන්දික නොහොත් මන්න රොෂාන් නැමැත්තා සහ ඔහුගේ සහායකයකු පාදුක්ක තුන්නාන වෙන්දේසි වත්ත ඉඩමක සුඛෝපභෝගී ජීප් රථයක් තුළ අද (25) අලුයම වෙඩි තබා ඝාතනය කර ඇතැයි පාදුක්ක පොලිසිය කියයි.

Read More

නත්තල් දිනයට සමගාමීව කිතුණු දේවස්ථානවල සිදුකරන දේවමෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පොලිසිය හා ත්‍රිවිධ හමුදාව කටයුතු කර තිබේ.

Read More

රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී , ඇයට ගෙවීමට නියම වූ රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ , එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරාගෙන චැසි සහ එන්ජින් වෙනස්කර මුහුණු පොත ඔස්සේ අලෙවි කළ සංවිධානාත්මක කණ්ඩායමක ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට අධික වටිනා යතුරුපැදි තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

Read More

දෙසැම්බර් මාසයේදී, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවැනි වාරිකය ද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් ද, ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ද හිමි ව තිබේ.

Read More

ලංකා විදුලි බල මණ්ඩලයේ කිසිම සේවකයෙක් වෙනුවෙන් 2023 වසරට අදාළව ප්‍රසාද දීමනා, වෙනත් දිරි දීමනා හෝ වැඩිපු වර්ධක ලබා නොදීමට විශයභාර අමාත්‍ය කංචන විජේසේකර මහතා ආයතනයේ පරිපාලනයට ලිපියක් මගින් දන්වා තිබේ.

Read More

ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අයකර ගැනීමට සුදානම් වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

Read More

බුවනෙකබාහු රජු සමයේ රාජසභා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් වරැදිකරුවන් බවට පත්ව සිර දඬුවම් නියමව සිටින කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන්ගේ ගාස්තු වශයෙන් මහ නගර සභා ගිණුමෙන් වැය කර තිබෙන රුපියල් කෝටියකට ආසන්න මුදලක් ඔවුන්ගෙන් ආපසු අයකර ගැනීමට කුරුණෑගල මහ නගර සභාව තීරණය කර ඇත.

Read More

අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින් මිරිස් වාර්තාව අලුත් කර තිබේ.

Read More

රට අතිශය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

අතිශයින් භයානක ආර්ථික ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධව ජනතාව ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඉදිරි මැතිවරණ වේදිකාවක විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජණබලවේගය සමග එකතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජි එල් පීරිස් මහතා පවසයි.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරමාධිපත්‍ය නායකයා ලෙස තවදුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී තීරණය විය.

Read More

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙයි.

Read More

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට රජයේ ඉහළ නිලධාරීන්ගේ සම්බන්ධ බවට තොරතුරු පෙනෙන්නට ඇතැයි කී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඔවුන් කුමන ආයතනයක කුමන තරාතිරමකට අයත් වුවත් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට ඊයේ (13) නියම කළාය.

Read More

ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක විස්තිර්ණ අරමුදල් පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට ඇති දෙවැනි ණය වාරිකය ශ්‍රී ලංකාව වෙත මුදා හැරීමට එහි විධායක කමිටුව ඊයේ (12දා) අනුමැතිය දී තිබේ.

Read More

ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි

Read More

මත්ද්‍රවවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන පොළොන්නරුවේ වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ 11 වෙනිදා සවස වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන දොළොස්වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැලිකන්ද පොලිසිය කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.