saravita-anim2

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

2025 ජුලි මස 12 වන සෙනසුරාදා

TOP STORY - timelapse 7733 hours ago

LATEST

ගිනි ගත් නැවේ ගින්න මැඩ පැවැත්වීම තවදුරටත්

calendar_today 2020 සැප් 04 - 18:36 remove_red_eye - 839  

(නවතම ඡායාරූප) සංගමන්කන්දට නාවික සැතපුම් 25ක් පමණ දුරකින් මේ වන විට ගිනි ගනිමින් පවතින තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළාරකෂක බලකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් කටයුතු කරමින් පවතී.

මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මෙය පළකර තිබේ.

Read More

සංගමන්කන්දට නාවික සැතපුම් 38ක දුරකින් ධාවනය වූ තෙල් ප්‍රවාහන නෞකාවක එන්ජින් කාමරයක ගින්නක් ඇතිව තිබේ.

Read More

ඒ අනුව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මෙසේ පත්කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

මෑතකදී ජනාධිපතිවරයා සහ රජය විසින් කරන ලද යම් යම් පත්වීම්වලට විරුද්ධව විවිධ බලපෑම් ඉදිරිපත් වෙමින් පවතී. මේ පත්වීම් සියල්ල සිදු කරන ලද්දේ, රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව මෙන්ම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි ඉතා සුවිශේෂී කරුණු සලකා බලමින් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

අද දින පල්ලේකැලේ ආශ්‍රිතව ඇති වු භූකම්පන තත්ත්වයට හේතු වි ඇත්තේ වික්ටෝරියා ජලාශය ආශ්‍රීතව හට ගැනිමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් තුළ බිදවැටිමක් බව භූ විද්‍යා හා සමික්ෂණ පතල් කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

Read More

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට අදාළව නීතිපතිට ඉදිරිපත් කළ කෙටුම්පත සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ.

Read More

විදේශයන්හි සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් ලෙස වාර්තා වෙමින් පවතින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාතික වගකීම සපුරාලීම සඳහා කාලය වැය කිරීමට අමතරව උත්සව, ත්‍යාග ප්‍රදාන, විවාහ මංගල්‍ය හා සාද වැනි අවස්ථාවන්ට ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා සහභාගවීමට අපේක්ෂා නොකරන බැවිනි එවැනි අවස්ථා සඳහා ජනපතිවරයාට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය ඉල්ලීමක් කරයි.

Read More

විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

කුඩු ජාවාරමට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගැන කරුණු වාර්තා කර ඔවුන් විදේශත වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස අධිකරණය නියම කරයි

Read More

මිගමුව බන්ධනාගාරයේ පොලිස අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ තවත් තුන් දෙනෙකුට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද ඇප ලබා දි තිබේ.

Read More

(UPDATE)හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණියේය.

Read More

තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග මෙරට වාර්තා වන කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3000 දක්වා ඉහලට.

Read More

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඇහුවා කවුද මේකට කැමති කියලා. හතර දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කළා. මගේ නමත් යෝජනා කළා. ඒ යෝජනාවල් ඇතුළේ මම කිව්වේ පක්ෂය කැඩෙන්නැති ඕනෑම දෙයක් ඉදිරියට ගෙනියන්න මගේ දායකත්වය ලබා දෙන්වා. පක්ෂය තීරණය කරනවානම් මට මේක භාර දෙන්න ඕන කියලා. මම භාර අරගෙන යනවා.

Read More

ප්‍රතිසංස්කරණයේදී රක්ෂිතයට හෝ පරිසර පද්ධතියට හෝ හානි නොවිය යුතු බව ජනාධිපතිවරයා තරයේ අවධාරණය කළේය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා පොලිස් අත්අඩංගුවෙන් පළායෑමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

Read More

2020 සඳහා වන සාමන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරී මස පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය සම්බන්ධයේ අද දිනයේ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් හා කථානායකවරයා අතර උණුසුම් වාදයක් ඇතිවිය.

Read More

රජයේ වියදම් පියවා ගැනීම වෙනුවෙන් සැප්තැම්බර් මාසය දක්වා වෙනුවෙන් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමේ වියදම රුපියල් බිලියන 1900ක් වන අතර එම වියදම් පියවා ගැනිම වෙනුවෙන් රුපියල් බිලියන 1300ක ණයක් ලබාගැනිමට අපේක්ෂා කරයි.

Read More

රට පුරා පසුගියදා සිදුවූ විදුලි බිඳවැටීමට හේතුව කෙරවලපිටිය බලාගාරයේ සේවකයන් අතින් සිදුවූ අත්වැරැද්දක් බවට ඒ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව සිදුකළ මූලික විමර්ශන වලදී හෙළි වී තිබේ.

Read More

(UPDATE)පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරිමට පත්කළ ජනපති කොමිෂමේ පොලිස් ඒකකය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී පැය 9ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Read More

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදිපැවැත්වීමට තීරණය කෙරිණි.

Read More

කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය යැයි පැවසෙන ඉපැරණි ගොඩ නැගිල්ලක් ඩෝසර කර විනාශ කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Read More

මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන මුදල් පරිහරණය කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන ජනිත් මධුශංඛද සිල්වා යන අයගේ මව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට තමන් කටයුතු කර ඇති බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රෙයන් අද (24) අලුයම සිට ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ආරම්භ කළ බව ලක්විජය බලාගාරයේ කළමණාකරු ඉංජීනේරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතා පවස

Read More

ඒ වාර්තාවේ කියනවානම් විදුලි බල අමාත්‍යාංශයේ තමයි වැරදීම කියලා මට දෙන්න ඕන දඬුවම මොකක්ද? මම ගන්න ඕන පියවර මොකක්ද? විදුලි බල අමාත්‍යාංශය නම් මේකට වග කියන්න ඕන අඟහරුවා හැන්දෑවේ ඉදලා මේ රටේ විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම නෙමයි.

Read More

ශ්‍රී ලංකාව තුළ සිදුවූ 12 වැනි කොරෝනා ආසාදිත මරණය අද පෙරවරුවේ සිදුවූ බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.