saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6835 hours ago

LATEST

දඹුලු නගර සභාව බල්ලන්ට බද්දක් ගෙනෙයි

calendar_today 2021 සැප් 02 - 11:51 remove_red_eye - 1222  

නිවාස වල ඇතිකරන සුනඛයින්ට බද්දක් හඳුන්වාදීම හා නගර සභාව මගින් අය කරන සියලුය බදු වැඩිකිරීමට දඹුල්ල මහ නගර සභාවෙන් යෝජනාවක් ගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වන බවට පළ වන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා සිටියි. පක්ෂයට වසර 70ක් සපිරෙන හෙට (02) දිනයේදී තමන් විශේෂ කතාවක් සිදුකිරීමට ද සූදානමින් සිටින බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Read More

ජාත්‍යන්තර නීතිය අනුව නැවක් එක් වරායක සිට තවත් වරායකට එන විට එම නැව තුළ එකතුවන දැවිතෙල් අවසන් වරාය විසින් බාර ගත යුතුය. එමෙන්ම එම රටට සිදුවන පාරිසරික හානිය හේතුවෙන් අදාල නැව විසින් යම් මුදලක් වන්දියක් වශයෙන් අදාල රටට ගෙවිය යුතුය. එ‍හෙත් අපේ රටේ මෙතෙක් සිදුව ඇත්තේ නැව්වලට මුදල් ගෙවා ඔවුන් බැහැර කරන අපද්‍රව්‍යයක් වන දැවිතෙල් මිල දී ගැනීම බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දුන්නේය.

Read More

පින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.

Read More

රජය මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට පිළියම් ලෙස රජයේ ඉදිරි වියදම් සියල්ල නැවත සමාලෝචනය කර වියදම් සීමා කිරිට මුදල් අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ

Read More

අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කෙරේ.

Read More

ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවට ඉහළම ගෞරවය රැගෙන එමින් පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත අද (30දා) සමත් විය. එක් අතක් වැලමිටෙන් පහළ අහිමි හෝ අප්‍රාණික ක්‍රීඩකයන් සහභාගිවන F-46 කාණ්ඩය යටතේ තරග වඳිමින් දිනේෂ් මෙම ගෞරවය මවුබිමට රැගෙන ආවේය.

Read More

ජපානයේ පැවැත්වෙන පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමෙ ඉසව්වෙ නව පැරාලිම්පික් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත සමත්වූයේය. ඒ මීටර් 67.79ක් වාර්තා කරමිනි.

Read More

වයස අවුරුදු 30 ට වැඩි ජනතාවගෙන් 60 % කට එන්නත් මාත්‍රා දෙකම ලබා දීමට හැකි වී තිබෙන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

Read More

පවතින තත්වය මත මේ වන විට පැයකට කොරෝනා හේතුවෙන් මරණ 9ක් සිදු වන බව වෛද්‍ය පද්මා ගුණරත්න සඳහන් කර සිටියි. වැඩි දෙනෙක් මියගොස් ඇත්තේ එන්නත් ලබා නොගත් පිරිස හෝ එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස බවයි එතුමිය සඳහන් කර සිටියේය.

Read More

කොළඹ මේ වන විට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය බවත් එය සියයට 100ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.

Read More

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ලබන සැප්තැම්බර් 6 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක පවසා සිටියි.

Read More

සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.

Read More

සෑම ඒන්නතකින්ම කොවිඩ් වෛරසය මගින් ඇතිවන බරපතල රෝගාබාධ හා මරණ විශාල ප්‍රමාණයකින් අඩුවන බව පෙනෙන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසයි.

Read More

කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

Read More

උද්ගතවී ඇති ව්‍යසනකාරි තත්ත්වය හමුවේ නිරෝධායනයට ලක් කර සිටින පවුල් සඳහා බේදයකින් තොරව ලබා දෙමින් තිබෙන මෙම වියලි ආහාර සලාකය අඩු ආදායම්ලාභී පවුල් වලට පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව එම චක්‍රලේඛයෙහි සඳහන්වේ.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි. මේ වන විට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවටද වාර්තා වෙයි.

Read More

කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී ති​බේ. මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය.

Read More

කෝවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට සති තුනක කාලයක් රට වසා තබන්නැයි ජනාධිපතිවරයාට ලිපියක් යවා එය මාධ්‍යය ලබාදුන් පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්ශ නායකයන්ට අගමැති මහින්ද රාජපක්ශ මහතා අද (23දා) පැවති කැබිනට් රැස්වීමේදී දැඩිසේ අවවාද කර තිබේ.

Read More

කැබිනට් අමාත්‍යවරුන්ගේ අගෝස්තු මස වැටුප කොවිඩ් -19 අරමුදල සඳහා පරිත්‍යාග කිරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසා සිටියි.

Read More

ඩෙල්ටා කොරෝනා වයිරස ප්‍රභේදයේ තවත් ජාන විකෘතිතාවක් (MUTATION ) හඳුනාගෙන තිබේ. මේ අනුව ඩෙල්ටා ප්‍ර භේදයෙන් හඳුනාගෙන ඇති ජාන විකෘතිතා ගණන 4කි.

Read More

නිරෝධායන ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින්​ට රජය ලබාදෙන රුපියල් 2,000 දීමනාව අද (23) සිට ලබාදීමට නියමිතව ඇ​ත.

Read More

පසුගිය 20 වනදා ට පෙර දින හතරකට අදාළ නව ආසාදිතයන් 4808 දෙනෙකු එක් කරමින් නව සංශෝදනයක් සිදු කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වා තිබු​නේ එම දින හතරක කාලය තුළ ප්‍රමාදවී වාර්තා කිරීම හේතුවෙන් මෙම සංඛ්‍යාව එක් කළ බව​ටයි.

Read More

ඇෆ්ගනිස්ථානයේ පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි අවධානයෙන් පසුවන අතර, එහි ප්‍රවණතා පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් ගතවූ දින 10ක කාලය තුළදී කොවිඩ් මරණ 1645ක් වාර්තා වී තිබේ. මෙය දින 10ක් තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වෙයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) ජාතිය අමතා කරන ප්‍රකාශය

Read More

අද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 75% ක්, රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ සේවකයන්ගේ වැටුපෙන් 50%ක් සුළු කම්කරුවන්ගේ වැටුපෙන් 30%ක් පරිත්‍යාග කරමින් මෙම දායකත්වය දැක්වීමට තමන් යෝජනා කරන බවයි.

Read More

ඊට පෙර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමටද නියමිතය.

Read More

කොවිඩ් දැඩි ව්‍යාප්තිය හේතුවෙන් අද වන විට සමස්ත රටවාසීහු මහත් ව්‍යවසනයකට මුහුණ පා සිටින බවත් වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙසත් ඉල්ලමින් මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන් විසින් ජනපති ගෝඨභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.