saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

TOP STORY - timelapse 5461 hours ago

LATEST

IMF ප්‍රධානී සතුටෙන්

calendar_today 2022 සැප් 04 - 14:13 remove_red_eye - 908  

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා මහත්මිය පැවැසුවාය. මෙය

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මත විය. එයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබුණි.මන්ත්‍රිවරු 43ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

Read More

ලිට්‍රෝ ගෑස් මිල යළිත් වතාවත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රි යේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ මිල සංශෝධනය කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය කරයි.

Read More

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) අතර විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.

Read More

ජී.එල්. පීරිස් මහතාට අමතරව ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ජී. කුමාරසිරි, ගුණපාල රත්නසේකර, උදේනි කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙසේ විපක්ෂයට ගොස් අසුන් ගත්හ.

Read More

රාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Read More

ලබන පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩිකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කරමින් පැවැසීය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට රාජ්‍ය වියදම ට්‍රිලියන 4 ඉක්මවූ විසර්ජන පනත් කෙටුම්පත හෙට (30දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

රාජ්‍ය ආදායම වසරේ මුල් මාස පහ තුළදී සියයට 17.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. 2021 වසරේ මුල් මාස පහ තුළදී රු. බිලියන 630.1 වූ ආදායම 2022 වසරේ මුල් මාස 5 තුළදී රුපියල් බිලියන 811.9 දක්වා ඉහළ ගොස් තිබේ. බදු අනුපාත ඉහළ නැංවීම සහ විශාල සමාගම් සඳහා එක් වරකට අධිභාර බද්ද පැනවීම හේතුවෙන් මෙසේ රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබේ.

Read More

ඉදිරියේදී පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

නමුත් මේ වෙලාවේ තියන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ තත්ත්වය සමනය වුනාට පස්සේ ක්‍රමානුකූලව මේවා ඉවත් කළාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්නත් පුළුවන්.

Read More

හොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය. ඒසෛ්ම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.ඩ

Read More

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කොන්දේ්සි සහිිත ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.

Read More

ණය සහන පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නික්කෙයි ඒෂියා පුවත් සෙවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසිය.එසේම ඒ් සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීිම පහසු නොවන බවද ජනපතිවරයා සඳහන් කරයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුුවත් සේ්වය පවසයි. ඒ් අනුව ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බවද එම පුවත් සේවය පවසයි.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි.

Read More

මේ වන විිට තායිිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටරස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාර්ථක සාකච්ඡාවලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම වසර අවසානය වන විට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

අන්තර් විිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ ඇතුළු තිදෙනක් දින 90කකාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත.

Read More

එක ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.

Read More

සපුගස්කන්ද පිරිපහදුව අද සිට මෙහෙයුම් ආරම්භ කළ බවත් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ බොර තෙල් මෙට්‍රික් ටොන් 100,000 ඒ සඳහා මුදා හරිමින් පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවද මූල්‍ය අරමුදල පවසයි.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකරමින් එහි මාර්ගෝපදේශ පිළිනොගත් ඉන්ධනහල් 12ක් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

Read More

පහුගිය කාලයේදී අපි ගත්ත ප්‍රතිපත්ති එක්ක සාධනීය ප්‍රථිඵලයක් පේනවා. උද්ධමනය සියයට 70ට වඩා යන්න වගේ ඉඩකඩක් තිබුණ බව පෙනුනා. නමුත් විදුලි බල ගාස්තු වැඩිකිරිමට පස්සේ මේක යම් ප්‍රමාණයකින් අවසන් වෙලා ඉදිරියේදී උද්ධමනය අඩුවෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා.

Read More

ජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම වෙනුවෙන් ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුු වාර්තා කරයි.

Read More

හම්බන්තොට වරාය යුදමය කටයුතු වෙනුවෙන් භාවිත කිරීම සඳහා චිනයට අවසර දි නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.