සියවසකට වැඩි කාලයකට පසු පළමු වතාවට රුසියාවට සිය විදේශ ණය පැහැර හැරීමට සිදුව තිබේ. රුසියාවට ඩොලර් මිලියන 100 ක ණයක් ගෙවීමට මුදල් තිබුණත් රුසියාවට ඒරෙහිව පනවා ඇති සම්බාධක නිසා ඔවුන්ට ජාත්‍යන්තර ණය හිමියන්ට ගෙවීම් කිරීමට නොහැකිවීමෙන් මෙසේ වසර 100කට පසුව රුසියාව ණය ගෙවීම් පැහර හැරි රටක් බවට පත්ව තිබේ.
ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන සිපෙට්කෝ හා ලංකා ඉන්දීය තෙල් සමාගමට අමතරව ලෝකයේ ඉන්ධන නිශ්පාදනය කරන වෙනත් රටවල සමාගම් වෙත ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම හා බෙදා හැරීමේ කටයුතු සඳහා එක්වීමට අවස්ථාව දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.
Read Moreපෙට්‍රල් ඔක්ටේන් 92 ලිටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 470කි. පෙට්‍රල් ඔක්ටේන් 95 ලිටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 550කි. ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 460කි. සුපර් ඩීසල් ලිටරයක් රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 520කි. කෙසේ වෙතත් භූමිතෙල් මිල ඉහළ දැමීමට මෙතෙක් කටයුතු කර නොමැත.
Read Moreශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක් පවා පැවැසීමට නොහැකි තත්ත්වයකට විෂයභාර අමාත්‍යවරයාත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් පත්ව තිබේ.
Read Moreජූලි මස පළමු වැනිදා සිට හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය 10ක් සීමා සහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ජූලි මස 1වැනිදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සදහායි
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූහ. හමුව අද (24) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
Read Moreඉන්ධන මිල වැඩි කිරීම හෙට සිට ක්‍රියාත්මක වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය වාර්තා කරයි.
Read More’’මම මගේ පපුව ගැන ආඩම්බර වෙමි. මම සුන්දර දරුවන් තිදෙනෙකුට කිරිදුන්නෙමි. මම ඔවුන්ව පෝෂණය කළෙමි, ඔවුන්ව පහසුවෙන් තැබූයෙමි, ඔවුන් වෙනුවෙන් මාගේ ශරීරයම කැප කළෙමි. (පොලිසීය සමග ඇතිවූ කලබලයේදී) මගේ නිරාවරිත පියයුරු වලින් විනෝද වන්නවුන් සියලු දෙනාම පාහේ ළදරුවන් ලෙස තමන්ගේ මවගේ තනපුඩු වියැලී යනතුරු උරා බොන්නට ඇතැයි මට නිසැකය.
Read Moreශ්‍රී ලංකවේ ප්‍රමුඛතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා හා නිව් රත්න සහල් අධිපති ලංකේෂ්වර මිත්‍රපාල මහතා අතර අද පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උණුසුම් කාරී තත්ත්වයක් ඇතිවිය.
Read Moreප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ අද(22දා) දිවුරුම් දුන්නේය.
Read MoreHamilton Reserve Bank Ltd විසින් එම නඩුවේදී කියා සිටියේ, පැහැර හැරීම පාලක රාජපක්ෂ පවුල ඇතුළු ආණ්ඩුවේ ඉහළම මට්ටමේ නිලධාරීන් විසින් සංවිධානය කළ එකක් බවය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු අද (21දා) තීන්දු කළේය.
Read Moreවිපක්ෂයේ සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ මෙම සතියේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ. රට මුහුණ දෙන අර්බුදය විසදීමට ආණ්ඩුවට නිශ්චිත වැඩ පිළිවෙළක් ආණ්ඩුව මේ දක්වා ඉදිරිපත් නොකිරිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ.
Read Moreවිසිඑක්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය අද (20) අනුමැතිය දුන්නේය.
Read Moreඔක්ටේන් 92 පෙට්‍රල් රැගත් නෞකාවත් යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එළැඹෙන 23 දා බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreපවතින අර්බුදකාරී තත්ත්වය යටතේ ජුනි 20 -24 සතිය තුළ අධ්‍යන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඉන්ධන සැපයීම සීමා සහිත වීම හේතුවෙන් රජයේ සේවකයන්ට ලබන සඳුදා (20දා) සිට සති දෙකක කාලයක් නිවසේ සිට වැඩකිරීමට නිර්දේශ කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යයේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතා අද (17) පස්වරුවේ චක්‍රලේඛයක් නිකුත් කළේය.
Read Moreදැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහකා උපදෙස් දී තිබේ.
Read Moreඅපිට විශ්වාසයක් තිබෙනවා. තව දින තුනත් ඇතුළත එක පෙට්‍රල් නෞකාවක් ලබා ගන්නවා. ණයවර ලිපි විවෘත කිරීමෙන් පසුව දින අටකින් පමණ අනෙකුත් නෞකා දෙක ලබා ගැනීමට නියමිතව තිබෙනවා.
Read Moreශ්‍රී ලංකාවට සහාය දීමක් වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ණය සඳහා අනුමැතිය ලබා දී තිබේ.
Read Moreඉන්ධන ගැන අමාරුම සති තුන පැමිණ ඇති බවත් ඉන්ධන හා ගෑස් ලබාගැනීමට ඇති පෝලිම්වලින් ඒ බව පෙනෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස තුනක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වෙත යොමුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ විදෙස් ගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව වෙත එවන ප්‍රේෂණ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මැයි මාසයේදී සැලකිය යුතු තත්ත්වයකින් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් මෙම වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ප්‍රේෂණ 2021 වසරේ මැයි මාසයට සාපෙක්ෂව තවමත් පහළ මට්ටමක පවතී.
Read Moreශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලිදී ගැනීම වෙනුවෙන් පළමුව වෙනත් මූලාශ්‍ර සොයා බලන නමුත් මොස්කව් වෙතින් තවත් බොරතෙල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව විවෘත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.ඒ.පී. පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.
Read Moreමන්නාරම සුළං විදුලි බලාගාරය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බවට තමන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ සඳහා කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටින බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරියේදි අමාත්‍යධුරවල දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කර ඇති බව සඳහන් කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreතාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා , ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය නමින් නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවමින් ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාරදී තිබේ.
Read More