saravita-anim2

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

TOP STORY - timelapse 5199 hours ago

LATEST

ගම්පහ දුම්රිය ස්ථානයේ වැසිකිළියෙන් ‘ගැහිල්ලක්’ - වියදම ලක්ෂ 180යි, වර්ග අඩියට රු 30440යි

calendar_today 2022 නොවැ 03 - 16:31 remove_red_eye - 889  

ගම්පහ දුම්රිය ස්ථානයේ නව වැසිකිළික් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් භාරදී ඇති අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂ අසු එක් දහස් හයසිය පහලොවයි ශත හතරක (18081615.04) මුදලක් වැය කිරීමට නියමිතය. සැලසුමට අනුව, කාන්තා හා පිරිමි වැසිකිළි දෙකකින් සමන්විත තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වන මෙහි, වර්ග ප්‍ර

මේ සතියේදි ඉන්ධන මිල අඩුවිමක් නොමැති බව විදලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමන් පවසයි. මේ වන විට ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වි ඇත්තේ ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන ඉන්ධන හල් විසින් ඉන්ධන සඳහා ඇණවුම් ඉදිරිපත් නොකිරීම බවද අමාත්‍යවරයා පවසයි.

Read More

සංවිධාන රාශයක් ‌ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.

Read More

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් රජයට එරෙහිව ඒකාබද්ධව පවත්වන විරෝධතාව සඳහා පොලීසියෙන් බාධාවක් එල්ල වී තිබේ. මෙම විරෝධතා පාගමන ටෙක්නිකල් හංදිය හරහා කොළඹ කොටුවට පැමිණෙමින් සිටින විට එය නැවැත්වීම වෙනුවෙන් පොලිසිය බාධාක දමා තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

නිසි සෞඛ්‍යය උපදෙසකින් තොරව අවිධිමත් ලෙස උපත් පාලන ඖෂධ ලබා ගැනීමේදී අවදානම් සහගත නොමේරු දරු උපත් හටගෙන එම දරු උපත ජීවිත අවදානමකට පවා ලක්ව අවාසනාවන්ත සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදු විය හැකි බැවින් එම සිදුවීම් අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව උපත් පාලන ඖෂධ ලබාගැනීමට කාන්තාවන් යොමු විය යුතු බව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.

Read More

පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පසුගියදා සම්මත වූ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (31) සිය සහතිකය සටහන් කළේය.

Read More

දකුණු කොරියාවේ සෝල් අගනුවර පටු වීදියක, හලොවීන් සැමරුමක් අතරතුරේ හටගත් තෙරපීමකින් මියගිය පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයෙකුද සිටින බව වාර්තා වෙයි. ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක් බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. මෙම තෙරපුමෙන් පුද්ගලයනන් 150කට ආසන්න සංඛ්‍යාවක් ම්යගොස් ඇති අතර ඒ අතර විදේශිකයන් 19ක් සිටින බවද වාර්තා වෙයි.

Read More

සිය ගුවන් ගමන් තහනම අධිකරණය මගින් ඉවත් කර ගැනීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මහතා අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 17, 18, 19, 20 හා 22 යන සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

අමාත්‍යාංශ කිහිපයක විශයපථයන් හා ආයතන සංශෝධනය කරමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මට හොඳට නින්ද යනවා. කිසිදෙයක් කරලා නෑ ජනතාවට විරුද්ධව. මම තමයි මේ රට බංකොලොත් නොවෙන්නට කටයුතු කරලා තියෙන්නෙ. ඒ හින්දා මගේ හෘද සාක්ෂිය ඉතාමත්ම පිරිසිදුව තියෙනවා. ඒකට ගැටලුවක් නෑ.

Read More

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කිසිසේත්ම අලෙවි නොකරන බව කැබිනට් ප්‍රකාශක මෙන්ම ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් සිටියත් ඒ් පිළිබඳව තොරතුරු දැන ගැනීමට ක්‍රමයක් නොමැති බවත් වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත්ව සිටින්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

මේ වසරේ දැනටමත් ක්‍රියාත්මක කර ඇති රුපියල් මිලියන 800 කට අධික ප්‍රධාන සුබසාධන සහ සහන වැඩසටහන් සඳහා වන පිරිවැය පියවා ගැනීම සඳහා 2023 අයවැයේදී රජයට තවදුරටත් බදු වැඩි කිරීමට සිදුවනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

එහිදී සාගර කාරියවසම් මහතාගේ පාර්ශ්වයට සනත් නිශාන්ත, ජයන්ත කැටගොඩ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ යන මන්ත්‍රීවරුන් ඇතුළු 15 දෙනෙකු පමණ මේ වනවිට එක්ව ඇති අතර, එහිදී ඔවුන් පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව සඳහන්ය. මීට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු, කනක හේරත් මෙන්ම රාජ්‍ය අමාත්‍ය ධුර දරන සහ තරුණ මන්ත්‍රීන් පිරිසක් නාමල් රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කරන බව වාර්තා වේ.

Read More

පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ හා කථානායකවරයාගේ සහතිකය ලැබුණ විට නව දේශීය ආදායම් පනත නොමැම්බර් 01 දා සිට ක්‍රියාත්මක විමට නියමිත බව වාර්තා වෙයි.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්ද 178කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 179ක් ලැබුණ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 1ක් පමණි.

Read More

සංචාරය කිරීමට ලොව හොඳම ගමනාන්ත සහ ආරක්ෂිතම රටවල් 13 අතරට ශ්‍රී ලංකාව ඇතුළත්ව ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.

Read More

තිකෝ සමූහ ව්‍යාපාරයේ’ හිමිකාරිනිය වන තිළිණී ප්‍රියමාලි නමැත්තියට අයත් ගිණුමට මේ වසරේ, ජනවාරි මස සිට ජුනි මස දක්වා වූ මාස හයක කාලයක රුපියල් කෝටි 300ක මුදලක් තැන්පත් වී ඇති බවත්, මේ වන විට එම ගිණුමේ කිසිදු මුදලක් ඉතිරිව නොමැති බවත්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

පසුගිය කාලයේ සිදු කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට රුපියල් බිලියන 700ක් අහිමි වෙලා පසුගිය වසර දෙක හමාර තුළ රුපියල් බිලියන 2300ක මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය 70%කින් වැඩිවෙලා ඍජු බදු වැඩි කර, රටේ ආදායම වැඩි නොකළ හොත් නැවත පෝලිං යුගයකට යාමට සිදු වෙනවා

Read More

දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම වෙනුවෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාධනීය පියවර ගත්තත් ඔහුගේම කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් එයට එරෙහිව කටයුතු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

ගුවන් යානා ඉන්ධන සැපයීමේදී ශ්‍රී ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවට ඇති ඒකාධිකාරිය ලිහිල් කරන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය. ඛනිජ තෙල් නිශ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඔහු කළ ප්‍රකාශයේදී මේ බව සඳහන් කළේය.

Read More

ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන ඇති දුෂ්කර, නමුත් අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය රජයට ප්‍රශංසා කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් අද රාත්‍රී 9.00 සිට අඩු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ් අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් දක්වාත් ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415ක් දක්වාත් පහළ යනු ඇත. අනෙකුත් ඉන්ධන මිල ගණන් ‌වෙනස් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 40ක් පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (SLPP) ස්වාධීනව නව දේශපාලන කණ්ඩායමක් වශෙයන් කටයුතු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය නගරයේ ජනහමුවක් පැවැත්වෙමින් තිබියදී රජයට එරෙහිව සමගි ජන බලවේගයේ පිරිසක් නාවලපිටිය නගරයේ අද (16) විරෝධතාවයක් පැවැත් වු අතර, එහෙදී සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් මහතා අතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 100ක වහල මත සූර්ය විදුලි පද්ධති සකස් කිරීමේ ව්‍යාපෘතිය යටතේ පාසල්, විශ්වවිද්‍යාල, අධ්‍යාපන ආයතන, ආගමික ස්ථාන, රජයේ ගොඩනැගිලි, රෝහල්, දිස්ත්‍රික් හා ප්‍රා දේශීය ලේකම් කාර්යාල වල වහල මත සූර්ය විදුලි පද්ධති සවි කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

අපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.