saravita-anim2

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

TOP STORY - timelapse 4655 hours ago

LATEST

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක්

calendar_today 2022 ඔක් 11 - 14:20 remove_red_eye - 700  

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් ලෙස පවතිනු ඇතැයි ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ණය ‌ශ්‍රේණිගත කිරීම පහත දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නොමැත.

මේ වන විට ශ්‍රී ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර තිබුණත් එය අඩු ආදායම් ලාභී රටක් ලෙස නැවත වර්ගීකරණය කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලාංකික මහාචාර්යයවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් නවෝත්පාදන කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද ජංගම දුරකතන යෙදුමක් ඩොලර් මිලියන 179කට අලෙවි වූ පුවතක් ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වෙයි.

Read More

රුසියානු ජාතික ගුවන් සේවාව වන එරෝෆ්ලොට් ගුවන් සේවය මාස 4කට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කරමින් එහි ගුවන් යානයක් අද පෙරවරුවේ දිවයිනට ළඟා විය.

Read More

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

Read More

ආගමික ස්ථාන සඳහා විදුලි ගාස්තු සහන ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව ඒකක 180කට වඩා වැඩි ප්‍රමාණයක් භාවිත කරන ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට ගෙන මෙම සහනය ලබාදීමට නියමිතය.

Read More

සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුව අද (06දා) සිට යළි වසා දමා තිබේ. ඒ ඒම ‌පිරිපහදුව වෙනුවෙන් යෙදවීම වෙනුවෙන් බොරතෙල් නොමැතිවීම හේතුවෙනි.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයට ඉදිරිපත් වූ ‘ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’’ යන යෝජනාව වැඩි ඡන්ද 13කින් සම්මත විය.

Read More

මේ වසර අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වසර අවසන් විට ලබන පාඩුව බිලියන 4000ක් පමණ වනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.

Read More

(UPDATE) මිනුවන්ගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ නව යෝජනාවේ අවසන් කෙටුම්පත අද (05) ජිනීවාහි 51 වැනි ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට ඉදිරිපත් කළේය.

Read More

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය. ගෑස් මිල සූත්‍රය අනුව මෙම මිල අඩුවීම සිදුවන අතර එය අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වෙයි.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානය යන අතරතුර සිංගප්පූරැවට ගිය අවස්ථාවේ දිවා ආහාරය ගෙන තිබෙනුයේ මහබැංකු මංකොල්ලය සිදු කළ අර්ජුන් මහේන්ද්‍රන් සමග බවට පැහැදිලිව සඳහන් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

මන්ත්‍රීවරයා සඳහන් කරනතෙක් තමාට ඒ පිළිබඳව අවබෝධයක් නොතිබූ බවත්, කාදිනල් හිමිපාණන්ගේ ආරක්ෂාව පිළිබඳ කඩිනමින් සොයා බැලීමට කටයුතු කරන අතර, උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ආණ්ඩු කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නොමැති බවත් ඊට පිළිතුරු ලබා දෙමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

පසුගිය කාලයේදී ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පමණ අලාභයක් ලැබුවත් මේ වන විට රුපියලක පමණ ලාභයක් ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මෙැවැනි ලාභයක් ලැබීම ඩීසල් මිල අඩු කිරීමට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වන විට ලෝක වෙළඳපොළ තුළ තෙල් මිල පහළ යාම හේතුවෙන් තවත් දින 14කින් 15කින් සංශෝධනයක් සිදු කිරීමට හැකි වෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

උසස්පෙළ විභාගය කල් දැමීම හරහා නැවත පාසල් ආරම්භ කිරීමත්, ඊළඟ විභාග පැවැත්වීමත් කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවැසීය.

Read More

කොළඹ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවලංගු කර ඇත. ෙමම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි.

Read More

අද මධ්‍යම රාත්‍රි යේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින්හා ඔක්ටේන 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ දැමීමට පියවර ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය සම්බන්ධයෙන් ජපානය ’’තමන්ගේ කොටස’’ කිරීමට සූදානම් නමුත් චීනය සහ ඉන්දියාව වැනි අනෙකුත් ණයහිමියන් ද එය විසඳීමේ ප්‍රයත්නයන්ට සම්බන්ධ විය යුතු බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසූකි මහතා ප්‍රකාශ කළේය.

Read More

සොබාදනවි එල්.එන්.ජී. බලාගාරය ලබන වසරේදී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ලබන මස 01වැනිදා සිට අය කිරීමට නියමිතව තිබෙන 2.5%ක සමාජ ආරක්‍ෂක බද්ද කෘෂිකාර්මික කටයුතුවලින් ඉවත් කිරීමට කටයුතු නොකළහොත් එදින සිට සහල් කිලෝවක මිල රුපියල් 6.00කින් ඉහළ දැමීමට සිදුවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔටෝ ඩිසල් ලීටරයකින් රුපියල් 31.88ක් අලාභ ලබන බව එහි සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කරයි.

Read More

2023 වර්ෂයට ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා ජපානයේ වැඩි රැකියා අවස්ථාවක් සැලසීමට මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

Read More

රටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වන්නේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීම බවත් මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් බවට පත්ව ඇති බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.

Read More

රුසියා රජයට අයත් ගුවන් සමාගමක් වන ඒරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් ලබන ඔක්තෝබර් 9 දින සිට මොස්කව් සිට ශ්‍රී ලංකාව දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Read More

පාර්ලිමේන්තු සංකීර්ණය, ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය කොළඹ, මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය කොළඹ, නීතිපති දෙපාර්තමේන්තු, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය, පොලිස් මූලස්ථානය, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යංශය, යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය, අරලියගහ මන්දියර, ආරක්‍ෂක ලේකම් නිල නිවස සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස (එම ප්‍රදේශය තුළ පිහිටි තානාපති මුක්තිය හිමි ස්ථාන හැර)

Read More

අමාත්‍යවරුන්ගේ විදේශ සංචාර සීමා කිරීමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ ඇනුමැතිය ලැබී තිබේ.

Read More

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අවසන් තීරණයකට පැමිණිමට පෙර ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමාට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.