ළමා කතාන්දර පොත් අස්සේ කොටි 23ක කොකේන් එවලා
රුපියල් කෝටි විසි තුනක් (මිලියන 230 ක් ) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් , කුඩා දරුවන් කියවන ලොකු ඉංග්‍රීසි අකුරු සහිත ළමා කතාන්දර පොත් 08 ක , පිටකවර තුළ සගවා , විදේශීය කාන්තාවක විසින් ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 10/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබුණි.
ශ්‍රී ලංකාවට පළමු වරට පැමිණි ඇය 42 හැවිරිදි ඉන්දුනීසියානු ජාතික කාන්තාවක් වන අතර , ඇය එරට රෙදිපිළි වෙළෙඳාමේ නිරත වන්නියක් බව මූලික රේගු විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන මුළින්ම ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවරින් ගමන් අරඹා කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ තිබේ . ඉන්පසුව එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් 10/22 දින පස්වරු 04.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
ඇය මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 598 ක් බරැති මත්ද්‍රව්‍ය තොගය ඉතා සූක්ෂම ලෙස , ඝනකම සහිත ඉංග්‍රීසි ළමා කතන්දර පොත් පිටකවර කපා , සකස් කර , ඒ තුළ බහා , සිය ගමන් මලු තුළ සගවා ගෙන රැගෙන විත් තිබුණි .
රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම වසර තුළ කටුනායක ගුවන් තොටුපොළ තුළ සිදු කළ පස් වැනි කොකේන් මත්ද්‍රව්‍ය වැටලීම මෙය බව උසස් රේගු නිලධාරීවරයෙකු මේ අතර පැවසීය .
මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දුනීසියානු ජාතික කාන්තාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

