saravita-anim2

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

TOP STORY - timelapse 4586 hours ago

LATEST

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ගේනවා

calendar_today 2023 මාර් 23 - 20:34 remove_red_eye - 552  

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ව්‍යාපාරිකයන් නොපැමිණීම හේතුවෙන් සීඝ්‍රයෙන් එළවළු තොග මිල පහත වැටී අලෙවිකර ගැනීමට නොහැකි තත්වයකට 23 දින උදෑසන සිට පවතින බව ගොවීන්හා වෙළෙන්දන් පවසති.

Read More

සහනදායි බදු පදනම මත වාහන ආනයනය කරන පුද්ගලයන්ගේ මෙන්ම ආයෝජන මණ්ඩලයේ බදු සහන බදු විරාම ලබාගන්නා ආයතනවන ලේඛනය ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම මේ වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.3ක් බවත් ලෝකයේ අනෙකුත් රටවල් සමග සැසදීමේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම පහළම මට්ටමක බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

පසුගිය වසරේ තමන් භාර ගත්තේ ගිනි ගොඩක් තිබූ රටක් බවත් එවැනි පසුබිමක රට භාර ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවුණ බවත් ඇතැම් අය කේන්දර බැලූ බවත් ඇතැම් අය ලිස්සා ගිය බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බවත් විදේශ විනිමය ශක්තිමත් වූ පසු ආනයන සීමා ඉවත් කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

IMF විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 7ක් දක්වා අරමුදල් ලබා ගැනීමට හැකි වන විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ වැඩසටහන අනුමත කරන ලදැයි ජනාධිපති කාර්යාලය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කළේය. මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ පවත්වනු ලබන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල

Read More

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිටල්ස් සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Read More

වසර 20 ක කාලයකට අධික කාලයක් ගොවින් පිරිසක් වී ගොවිතැන් කල ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් අක්කර 9 කට ආසන්න කුඹුරු ඉඩම රස්නායකපුර පොලිස්ථානාධිපතිවරයාගේ මැදිහත් විමේන් කිසිදු අයිතියක් නොමැති ව්‍යාපාරිකයකුට කම්බි ගසා කොටුකර දීමට කටයුතු කිරීමට යාමේදි ගොවින් හා පොලිසිය අතර උණුසුම් තත්වයක් මතුවිමත් සමග ගොවීන් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.

Read More

අප්‍රේල් මස විසි පස් වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය.

Read More

ඩොලර් අර්බුදය අවසන් බවත් අත්‍යාවශ්‍ය අංශ වෙනුවෙන් ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුව පවතින බව මහ බැංකු අධිපති ආචර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

Read More

මෙරට සිංහල සහ මුස්ලිම් ජනතාව සමගියෙන් හා සහජීවනයෙන් යුතුව ජීවත් වන බවත් ඔවුන් අතර මතභේද නිර්මාණය කර බෙදීම් ඇති කරනු ලබන්නේ ඇතැම් දේශපාලනඥයන් විසින් බව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පලස්තීන, ඊජිප්තු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරු හමුවේ පැවසූහ .

Read More

2023 පෙබරවාරි මාසයට අදාළව සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ගණනය කරන ලද මත විමසීම අනුව මහ මැතිවරණයක් පැවැත්වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජනබලවේගය පැහැදිවම ඉදිරියෙන් පසුව බව ඔවුන්ගේ දත්ත සටහන්වලින් පෙනෙන්ට තිබේ.

Read More

වැඩ වර්ජන ආදිය නිසා දිගින් දිගටම ගැටළු මතු වුවහොත් සිය ව්‍යාපාරික කටයුතු වලට බලපෑම් එල්ල විය හැකි බැවින් කණගාටුවෙන් වුවද තම ගිණුම් මහජන බැංකුවෙන් ඉවත් කර ගැනීමට සිදුවනු ඇතැයි ව්‍යාපාරිකයන් මෙලෙස ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.

Read More

විදේශයන්හි රැදී සිටිමින් ශ්‍රී ලංකාව තුළ අපරාධ කටයුතු මෙහෙයවමින් සිටි පාතාල කල්ලි නායකයින් වන ’’ හරක්කටා ’’ සහ ’’ කුඩු සළිදු ’’ අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

Read More

උපයන විට බදු ගෙවන්නේ රාජ්‍ය සේවයෙන් සමස්ත රාජ්‍ය සේවයකයන්ගෙන් සියයට 10ක පමණ පරිසක් බවත් මෙම බදු පැනවීම රජය කැමැත්තෙන් කළ දෙයක් නොවන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 340 ක සුළං බලාගාර ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසර ලබා දී ඇති ඉන්දීය අදානි සමූහය අනුමත ධාරිතාව මෙගාවොට් 500 දක්වා වැඩි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයි ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

Read More

රුපියල් බිලියන 300 ක වාර්තා ගත බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ සතියේදී සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකව සූදානම් වෙයි. රජයේ එදිනෙදා වියදම් පියවා ගැනීම මෙන්ම අඩු බදු ආදායම් හේතුවෙන් මෙම වෙන්දේසිය සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා අතිරේක දීමනාවක් මේ වසරේ සිව්වන කාර්තුවේදී ලබාදීමට රජය සලකා බලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමෙන් පසු මෙම මුදල් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Read More

නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද (11දා) ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබේ.

Read More

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ මෙතෙක් ප්‍රමාද වී ඇති සියලු වාර්ෂික වාර්තා මාසයක කාලයක් තුළ ඉදිරිපත් කරන ලෙසට කෝප් කමිටුවෙන් නිර්දේශයක්

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගයන් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. එසේම වාණිජ ණය හිමියන් සමග කරන සාකච්ඡා වේගවත් කිරීමටද කටයුතු කරන බවත් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පවසයි.

Read More

“මේ කාරණයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ රටේ ජනතාවගේ හතුරෙක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි මේ රටේ පවුල් ලක්ෂ 52කින් පවුල් ලක්ෂ 35කගේ පමණ ජීවිත විනාශ කර තිබෙන්නේ. ඒ කොන්දේසි ක්‍රියාත්මක කරමින් අපිට ඇවිල්ලා කියන කොට දැන් රටේ තත්ත්වය හොඳයි උද්ධමනය බැහැලයි කියලා ජනපතිට ඔලුවේ අමාරුවක් හැදිලා තියෙනවා කියලා එතුමාට එරෙහිව අපිට දෝෂාභියෝගයක් ගෙන්නත් අපිට ඉඩ තිබෙනවා”

Read More

’’ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ ශිව දෙවියො කිව්වලු ඔයාගෙ කසාදෙ හෙට කියල. ගණ දෙවියන් ඒක ලියා ගත්තලු රන් පත්‍රයක. හැමදාම උදෙන්ම නැගිටලා ඒක බලන ගණදෙවියන් ’’ආ කසාදෙ හෙට’’ කියල එයාගෙ වැඩවල යෙදෙනවලු.’’ යනුවෙනි

Read More

ශ්‍රී ලංකා බලධාරීන් තීරණාත්මක ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගැනීමේදී සහ ඔවුන්ගේ ප්‍රධාන ණය හිමියන්ගෙන් මූල්‍ය සහතික ලබා ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය සාදරයෙන් පිළිගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ කළමණාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියෝවා මහත්මිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව චීනයෙන් ලබාගෙන ඇති ද්විපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට චීනය එකඟතාව දක්වා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

වීරකැටිය පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙකු හා වීරකැටිය අත්තනයායේ පවුලක සාමාජිකයන් පිරිසක් අතර අද සවස ඇති ව තිබූ ගැටුමකින් අනතුරුව ගැටුමට මැදි වූ අයකු සපා කෑමෙන් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන් දෙකම අහිමි වී ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.

Read More

රජය යටතේ පවතින කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බවට හඳුනාගෙන තිබීම හේතුවෙන් එම ආයතනවල බලතල අවසන් කිරීමට හෝ පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

මේ මාසයේදී ගෑස් මිල සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසයි. ඒ අනුව දැනට පවතින මිල තව දුරටත් පවතින බවද සමාගම පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.