උද්ධමනය තවදුරටත් ඉහළ යනවා
- 20 11 2026
- 18:39
- {{hitsCtrl.values.hits}} views
- ..
ඉදිරියේදී තවදුරටත් උද්ධමනය ඉහළ යනු ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. මහ බැංකුවේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
"මැදපෙරදිග යුද්ධය කෙටිකාලීනව පවතීයැයි පුරෝකතනය කර තිබුණත් එය දිගුකාලයක් පැවැතුණා. මෑත වෙනකම්ම තෙල් මිල ඉහළ මට්ටමක පැවැතුණා. ඒක නිසා ගියමාසෙත් මේ මාසෙත් උද්ධමනය වැඩිවුණා.
ලබන මාසය වන විට සියයට 9 ආසන්නයෙ උද්ධමනය පවතිනු ඇති බවට අපේ පුරෝකතන වල පෙන්නුම් කරනවා.
කෙටි කාලීනව අපි හිතුවට වඩා උද්ධමනය ඉහළ මට්ටමක පවතිනවා. මේ අවස්ථාවේදි උද්ධමනය ඉහළ ගොස් තිබෙන නිසා යම්කිසි ආකාරයකට මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන්න ඔ්න වෙනවා. ඒ නිසයි ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කළේ."

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
