saravita-anim2

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

2025 දෙසැම්බර් මස 17 වන බදාදා

Latest News - timelapse 235 hours ago

LATEST

වෙළඳපොළ කොටස අඩුවීමෙන් තෙල් සංස්ථාවේ ආදායම සියයට 26කින් පහළට

calendar_today 2025 ඔක් 24 - 17:53 remove_red_eye - 250  

නව ජාත්‍යන්තර් ඉන්ධන ක්‍රියාකරුවන්ගේ පැමිණිමෙන් පසු වෙළදපොළ කොටස අඩුවිම හේතුවෙන් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව ඉකුත් වර්ෂයේ දි (2024) සැලකිය යුතු අයුරින් මුල්‍ය පසුබැමකට ලක්ව තිබු අතර එහි ආදායම සියයට 26.9කින් පහත වැටි ඇති බැව් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත්කොට ඇති වාර්

තමාට මරණ තර්ජනයක් එල්ල වී ඇති බවත් එය පොලිස්පතිවරයා විසින් ද තහවුරු කර ඇති බවත් විපක්ෂ මන්ත්‍රී ජගත් විතානේ මහතා අද (24දා) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

Read More

තායිලන්තය විසින් ශ්‍රී ලංකාවට තෑගි කරන ලද අලි ඇතුන් දෙදෙනෙකු නැවත තායිලන්තයට ගෙන්වා ගැනීම සඳහා තායි රජය ඔක්තෝබර් 28 වන දින ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව තායිලන්ත මාධ්‍ය වාර්තා කරයි. එම අලි ඇතුන් දෙදෙනාගෙන් අයහපත් ජීවන තත්වයන් සහ අයුතු ලෙස සැලකීම් පිළිබඳ වාර්තා පළ වීමෙන් පසුව තායිලත්තම මෙම තීරණය ගෙන තිබේ.

Read More

ඩයගම ප්‍රාදේශීය රෝහල තුල පුද්ගලයෙකු කලහාකාරි ලෙස හැසිරි එම රෝහලේ ගිලන්රථ රියදුරාට පහර දුන් සිද්ධියක් සම්බන්ධයෙන් දින 03ක් තිස්සේ වසා දමා තිබූ එම රෝහලේ ප්‍රතිකාර කටයුතු (24) දින සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරිනි මෙනූෂා වැලිකන්ද මහත්මිය පැවසීය.

Read More

මෙරට විවාහවිම් ඉකුත් වර්ෂයේ දි (2024) දොළොස්දහස්,හැටහයකින් (12,066) අඩුවි ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

විවිධ අරමුණු වෙනුවෙන් විදේශගතවු වෛද්‍ය නිලධාරින් 705 දෙනෙකුගෙන් ගිවිසුම් කඩකිරිම හේතුවෙන් අයවිය යුතු රුපියල් එකසියපහළොස්කෝටි,හැටපන්ලක්ෂ,හැටදෙදහස් එකසියදහනමයක (1,156,562,119) බැදුම්කර මුදල් හා දඩ මුදල් අයකරගැනිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු කර නොමැති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

Read More

ඔක්තෝබර් 30 වන දින ආසියාවේ පැවැත්වෙන සමුළුවකට සමගාමීව දකුණු කොරියාවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා චීන ජනපති ෂී ජින්පින් හමුවන බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.

Read More

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට ජාතික මෙහෙයුම’පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විය.

Read More

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කර විදේශ රටවල සැඟව සිට සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදු කරන ජාවාරම්කරුවන් දෙදෙනෙකුට අයත් මුදල් සංසරණය කිරීමේ අරමුණින් මෙරට පුද්ගලික බැංකු දෙකක ගිණුම් දෙකක් ආරම්භ කර ඇති අතර එම මුදල් සංසරණය කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූ සැකකාරියක් 2025.10.23 වන දින නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන පනත් කෙටුම්පතක් වශයෙන් 2026 වර්ෂයට අදාළ ව සකසන ලද ව්‍යාජ ලේඛනයක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතින අතර එය කිසි දු අයුරකින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ඊට අනුබද්ධ ආයතනයක් විසින් හෝ ප්‍රකාශයට පත් කරන ලද්දක් නොවන බව අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.

Read More

ජාතික ආරක්‍ෂාවට ප්‍රමුඛත්වය ලබා දෙමින්, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ආරක්‍ෂක විධිවිධාන සම්බන්ධයෙන් වූ ඉහළ පෙළේ සමාලෝචන සාකච්ඡාවක් පැවැති අතර, එය වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තගේ (විශ්‍රාමික) ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Read More

බදුල්ල කොළඹ කොටුව අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසලදී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (24) අලුයම සිට සාමාන්‍ය පරදි ධාවනය කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

Read More

රැඳවුම් නියෝග මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදු කරන සංවිධානාත්මක අපරාධකරුවෙක්වන නිර්මල ප්‍රසංග නොහොත් බැකෝ සමන් යන අයට අයත් අධි සුඛෝපභෝගී බස් රථ දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඒම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

Read More

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද (23) රාත්‍රි කිතල්ඇල්ල දුම්රිය ස්ථානය අසලදී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

තමන්ටත් දරුවන් සිටින බවත් මත්ද්‍රව්‍ය නැවැත්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

Read More

දිගින් දිගටම පැමිණෙන බේබදු මැර තර්ජන නිසා ඩයගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරිණියන්ගේ ආරක්‍ෂාව නැතිවීමෙන් පොලිසිය ආරක්ෂාව තහවුරු කරන දෙනතුරු (21) දින සිට ඩයගම ප්‍රාදේශීය රෝහල තාවකාලිකව වසා දැමීමට නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කටයුතු කර තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු 10/23 දින ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.මොහු 35 හැවිරිදි සෙනගාල් ජාතිකයෙකි.

Read More

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන හා බැකෝ සමන්ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂාණිගේ ඇප ඉල්ලීම පිළිබඳව නියෝගය ලබන 31 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

වැලිගම ප්‍රා දේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේන මහතා වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව මේ වන වට සාර්ථක තොරතුරු කිහිපයක් ලැබී ඇති බවත් එම වෙඩි තැබීමට සම්බන්ධ සියලු පුද්ගලයන් ඉදිරි දින දෙක තුන තුළ අත්අඩංගුවට ගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහල් 16 කින් යුතු නව කාර්යාල සංකීර්ණ ගොඩනැගිල්ලේ පළමු අදියර ඉදිකිරීම් මෙම වර්ෂයේ නොවැම්බර් මස අවසන් වීමට පෙර නිමකර සෞඛ්‍ය අමාත්‍යාංශය කුලී පදනම මත ලබා ගෙන දැනට පවත්වා ගෙන යනු ලබන කාර්යාල සියල්ල නව ගොඩනැගිලේ ප්‍රථම අදියර යටතේ ඉදිකිරීම් නිමාවන පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට අදාළ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ විශාල වශයෙන් මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය සිදු කෙරෙන තත්වයක්ක් තිබියදී දෙරට අතර පාලමක් ගොඩනැගුවහොත් එය තවත් හොඳින් සිදුවෙනු ඇති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බුටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නා හිමියෝ පවසති.

Read More

තමන්ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවත් ඉන් මේ ආන්ඩුව බලාපොරෝත්තු වන්නේ තමන් මරා දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී කියයි.

Read More

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී රැස් විය.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවති ’’ විවෘත ක්ලැසික් ලීග් ’’ ( Dubai Open Classic Leaque ) සවිඑසවීමේ ජාත්‍යාන්තර තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක රන්සිළු ජයතිලක , එහි ’’ප්‍රෝ ’’ ( Pro ) අංශයෙන් තරග කරමින් ’’ඩෙඩ් ලිෆ්ට් ’’ ( Ded Lift ) ක්‍රමයට කිලෝ ග්රෑම් 315 ක බර ඔසවමින් , වාර්තාවක් තබමින් ,එහි ප්‍රථම ස්ථානය දිනා ගනිමින් රන් පදක්කම රැගෙන 10/23 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියේය.

Read More

කොළඹ බී.එම්.අයි.සි.එච්. හිදී පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී අද පුවත්පතට ජනාධිපති රන් සම්මානයක් හිමිවිය. අද පුවත්පත වෙනුවෙන් එහි විශේෂාංග කර්තෘ දිනිති අබේවර්ධන මහත්මිය විසින් එම සම්මානය ජනපති අනුර කුමාර දිසානායක මහතා අතින් ලබා ගත්තාය.

Read More

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙක වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් ඉලක්ක කර ගනිමින් එක්සත් ජනපදය නව සම්බාධක ප්‍රකාශයට පත් කර තිබේ. යුක්රේනයේ සාම ගිවිසුමක් සාකච්ඡා කිරීම සඳහා මොස්කව්ට බලපෑම් කිරීමේ උත්සාහයක් ලෙස මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

Read More

දකුණු කොරියාවේ රැකියා සදහා අවශ්‍ය භාෂා ප්‍රවිනතාවය උදෙසා, ටැබ්ලට් වැනි ස්මාර්ට් උපාංග භාවිතා කරමින් පවත්වන විභාග සඳහා නවීන පහසුකම්වලින් සමන්විත ඉලෙක්ට්‍රොනික විභාග මධ්‍යස්ථානය (Korean Language Examination Center Ubiquitous-based Test (UBT) ) අද දින (10/22) විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන්, 553/1, නව නුවර පාර, තලාහේන (සම්පත් බැංකුව අසල) යන ස්ථානයේදී විවෘත කරන ලදී.

Read More

ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය : තීරුබදු ප්‍රතිපත්තිය, කෘෂිකාර්මික ඵලදායීතාව සහ සුරාබදු බදු එකතු කිරීම දැඩි කිරීමට නියෝග කරයි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.