saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 300 hours ago

LATEST

ගංඟාරාමයේ ධාතු වන්දනාව වෙනුවෙන් විශේෂ අරක්ෂක වැඩසටහනක්

calendar_today 2026 ජන 23 - 19:42 remove_red_eye - 178  

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ මැදිහත්වීම යටතේ, ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවීමට නියමිත ‘ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව’ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී. නිශාන්ත ද සොයිසා මහතා පවසයි.

​මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ගොයම් කහවීමේ තත්ත්වයක් වාර්තා වන අතර, මේ සඳහා ප්‍රධාන වශයෙන් වටපණු හානිය සහ පෝෂණ ඌනතා බලපා ඇති බව නාච්චාදූව කෘෂිකර්ම උපදේශක කාර්යාලය පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් වගාවන් දුඹුරු පුල්ලි දිලීර රෝගයට පාත්‍රවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවද නිරීක්ෂණය වී ඇත.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදල වෙත ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේය.

Read More

දිත්වා නිසා ආපදාවට ලක්වූ කුඩා හා මධ්‍ය පරිමාණ්‍ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ලබාදෙන සහන ඳපිළිබව නව චක්‍ර ලේඛයක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

Read More

නීතිපතිවරයාගේ පමණක් නොව රජය යටතේ ඕනෑම ආයතනයක ස්වාධීනත්වය ආරක්ෂා කරන බව ස්ථාවර නියෝග 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේදී අද (23) අසන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

Read More

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් හා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකද වූ අනූෂ පැල්පිට මහතා ලබන මස හයවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට සැකකාර අනූෂ පැල්පිට මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

Read More

සමාරම්භක උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර කණන්විල සහ හීනටියන්ගල දී. මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා දිවයින පුරා ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මධ්‍යස්ථාන 42 ක් ජනතා අයිතියට පත් කිරිම ලබන 24 දින දිවයින පුරා දිස්ත්‍රික්ක 21 දී සිදු කෙරේ.

Read More

හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වූ අනූෂ පැල්පිට මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අද අත්අඩංගුවට ගත්තේය. රුපියල් කෝට් 4කට අධික අයථා වත්කම් ඉප වූයේ යැයි කියන චෝදනාවකට අදාළව සැකකරු අත්අඩංගුවට ගත්තේය. අනූෂ පැල්පිට මහතා අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

E- ග්‍රාම නිලධාරි ව්‍යාපෘතිය සදහා 2024 වර්ෂය තුල රුපියල් මිලියන 1,150ක මුදලක් වෙන්කර තිබුණද එම මුදලින් ව්‍යාපෘතියේ අරමුණු සදහා වැයකොට ඇත්තේ රුපියල් මිලියන 117ක මුදලක් බැව් විගණකාධිපතිවරයා විසින් නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

මෙරට රබර් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2025) ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා වු මාස 11ක කාලය තුලදි කිලෝග්‍රැම් මිලියන 61.5ක දක්වා සියයට 4.9කින් පහත වැටි ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

රජයේ වෛද්‍ය නිළධාන්ගේ සංගමය විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන (23) දින ආරම්භ කල සංකේත වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇත.

Read More

වසර 17කට ආසන්න කාලයකට පසුව නුවරඑළිය නගර සීමාව අභයවල පට්ටිපොළ ලෝකාන්තය ඇතුළු ප්‍රදේශවලට සෙල්සියස් අංසක 05ට අඩු දැඩි සීතලක් සහිතව සෙන්ටිමීටරයක පමණ උසකින් සුදු වර්ණයෙන් මල් තුහින පතිත වී තිබීම අද (23) උදෑසන දක්නට ලැබින.

Read More

අද සවස් කාලයේ සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කර්මාන්තපුර 09ක් සංවර්ධනය කිරිම සදහා රජය විසින් රුපියල් මිලියන 1542ක මුදලක් වැයකොට තිබුණද 2024 වර්ෂය අවසන් වනවිටත් එවායේ කිසිදු කර්මාන්තයක් ආරම්භකර නොතිබු බව අනාවරණය වි ඇත.

Read More

අහංගම තිත්තගල්ල කැරෑන ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ වැඩබිමකදී අද ( 22) සවස පස් කන්දක් කඩා වැටීමෙන් පස් කන්දට යටවු තිදෙනෙකු මිය ගොස් ඇත.

Read More

රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

Read More

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා අද (22) පහත බැස පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නුවරඑළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 3.5 දක්වා අද (22) පහත බැස පැවති බව නුවරඑළිය දිස්ත්‍රික් කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කරයි.

Read More

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධ වූ පිරිස්වලට අද රට පුරාම විරෝධතාවයක් ගොඩ නැගෙමින් ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවසීය. අද(22) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

Read More

හෙට දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර පළාත්වලත් මාතලේ හා නුවරඑළිය දිසරික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.උතුරු, උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් සරථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දොඹගහවෙල පොලිස් වසමට අයත් ඇල්ල ලන්ද ප්‍රදේශයේ කපමින් තිබූ තේක්ක ගසක් අදිමින් සිටි අයෙකුගේ හිස මතට ගසේ අත්තක් වැදීමෙන් බරපතළ තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු (21) වෙනිදා රාත්‍රී මිය ගොස් ඇත.

Read More

නුවරඑලිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම (22) දින අලුයම මල් තුහිණ පතිත වී තිබුණි.නුවරඑලිය ග්‍රෙගරිවැව පරිශ්‍රය, තුරග තරග පිටිය, ගොල්ෆ් ක්‍රීඩාංගණය සහ වික්ටෝරියා උද්‍යානය, එලවලු වගා භූමි සහ තේවතුවල මල් තුහිණ පතිත වී තිබුණි.

Read More

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් ‘KRI SULTAN ISKANDAR MUDA - 367’ යුද නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද (2026 ජනවාරි 22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදි සිදු කෙරිණි.

Read More

වත්මන් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරනවා යන්න පිළිබදව අද දිනයේත් මාධ්‍ය කිහිපයක් මගෙන් විමසීම් සිදු කරනු ලැබුවා. සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා. ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා.

Read More

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා ලෙස කටයුතු කල ( ජාතිකජනබලවේගය) හර්ෂ පුංචිහේවා මහතා සියධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වි ඇති හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිධුරයේ වැඩ බැලිම සදහා නියෝජ්‍ය සභාපති තක්ෂීන රවිශාන් ගමගේ මහතා පත්කරනු ලැබ තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රිකය නියෝජනය කල හිටපු අමාත්‍යවරයකුවූ රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ලෙස පත්විය. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතින් අද දින (22.01.2026) පත්වීමේ ලිපිය ලබාගත්තේය.ඒ නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදීය.තවද රමේශ් පතිරණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ කැදවුම්කරු ලෙසද පත් කර ඇත.

Read More

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා රමේෂ් නමැත්තා රදවා සිටින ඒ කොටසේ අංක විස්ස සිර මැදිරියේ තිබී ස්මාට් වර්ගයේ ජංගම දුරකතනයක් ඇතුලුව බන්ධනාගාරය තුළට ගෙන යාමට තහනම් කොට ඇති ද්‍රව්‍ය තොගයක් ඊයේ(21)සිදු කළ විශේෂ මෙහෙයුමකදී සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

Read More

දිට්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ නුවරඑලිය රේන්දපොළ ජනපදයේ පස්වලට යට වී ඇති වාහන කිහිපයක් ගොඩ ගැනීමට සහයෝගය දක්වන ලෙස එම වාහන හිමියන් වග කියයුතු නිළධාරින්ගෙන් ඉල්ලා සිටියි.

Read More

හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති හර්ෂ මනෝජ් ගාර්දිය .පුංචිහේවා මහතා (ජාතික ජන බල වේගය)සබාපති ධුරයෙන් ඉල්ලා අස්වි තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.