saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1804 hours ago

LATEST

පොලිස් කොස්තාපල් තනතුරු 29091ක හිඟයක්

calendar_today 2024 අගෝ 06 - 08:19 remove_red_eye - 208  

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පොලිස් කොස්තාපල් තනතුරු 29,091ක සහ කාන්තා පොලිස් කොස්තාපල් තනතුරු 4020 ක පුරප්පාඩු ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් අගෝස්තු මස 04 වැනි දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

යාපනය තෙලිප්පලෙයි පොලිස් වසමේ අලවෙඩ්ඩි ප්‍රදෙශයේදී මස එකහමාරක් වයදසැති බිළිඳෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය යාම හේතුවෙන් බිළිඳාගේ මව අද (05) දින සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

Read More

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට රජයේ තීරණයට එරෙහිව වතු සමාගම් ගොනු කර ඇති පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය අද (05දා) තීරණය කළේය.

Read More

අපවත් වී වදාළ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (05) පස්වරුවේ සිදුකෙරුණි.

Read More

තමන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් විනය ක්‍රියාමර්ග ගන්නේ නම් ඊට විරුද්ධව කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

රාජ කුමාරවරු මේ රටේ නායකයන් බවට පත් කිරීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් තවදුරටත් සූදානම් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.හැරිසන් මහතා බකමූණ නගරයේ පැවැති ජන හමුවකදීපැවසීය .

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අධික වියදමක් යොදා ගසනු ලබන පෝස්ටර් දෙස වේලක් ඇර වේලක් ආහාරය ගන්නා ජනතාව හූල්ලමින් බලා සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

Read More

මාතර බන්ධනාගාරය තුල ඊයේ (04) සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී රැදවියන් සගවා ගෙන තිබු බව කියන ජංගම දුරකතන 19 ක් හා උපාංගද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 ක්ද සොයාගත් බව බන්ධනාගාර ප්‍රකාශකයකු පැවසීය.

Read More

ලෝක අහාර සංවිධානයේ දායකත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන බිත්තර කුකුළු පාලන ව්‍යාපෘතිය නිරීක්ෂණය කිරීම සදහා ලාඕසයෙහි නිලධාරීන් පිරිසක් පසුගිය දා අනුරධපුරයේ සංචාරයක නිරත විය. මෙම බිත්තර නිෂ්පාදන ව්‍යාපෘතිය අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ සාර්ථකව ක්‍රියාත්මක වන බව ලෝක ආහාර සංවිධානය හදුනාගෙන ඇත.

Read More

මෙවර ජනපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්ද දායකයන් 1 71 40 354ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා සිටියි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ 2024 අගෝස්තු මස 04 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම දූපතේ ලඳු කැලෑවක් තුල සඟවා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් දෙසිය හතකට (207) අධික තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

මේ වන විට ඇය බංග්ලාදේශයෙන් පිටව ගොස් ඇති බවද සඳහන්.

Read More

මෙරට කරදිය ධීවර දිස්ත්‍රික්ක 15 සහ මිරිදිය දිස්තික්ක 07 ඇතුලු දිස්ත්‍රික්ක 22 ක කරදිය සහ මිරිදිය ධීවරයන්ට වාර්තමානයේ බලපාන ගැටලු පිළිබඳව හා ඔවුන්ගේ අවශ්‍යතාවයන් සොයා බැලිම සඳහා ජාතික ධීවර මහා සම්මේලනය විසින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව ධීවර සමුළුවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Read More

අද(05දා) පෙරවරුවේ මෙලෙස සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැප වන බවට ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු,පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් ප්‍රතිඥා දෙති.

Read More

ජනාධිපතිවරණයේ දී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොළකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ කිසිඳු නිල තීරණයක් නොවන සම්පුර්ණ අසත්‍ය කරුණු ඇතුළත් සාවද්‍ය ප්‍රවෘත්තියක් මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නිවැරදි තීන්දුව නොගතහොත් පක්ෂයට ඉතුරු වෙන්නේ දෙතුන්දෙනෙකු පමණයි... අපි පොහොට්ටුවේ අපේක්ෂකයාට සහය දෙන්නේ නෑ... ඒ නිසා අපිව ඉවත්කිරීම සාධාරණයි... බුද්ධිමත්ව කටයුතු නොකළොත් පොහොට්ටුවට වෙන්නෙත් ශ්‍රී.ල.නි.ප යට වුණ දේමයි... අද වෙනකම් මම මේ පක්ෂයේ දිස්ත්‍රික් නායකයා නෙමෙයි. මට එහෙම පත්වීමක් දීල නෑ... තනතුරු දෙනකොට අත්දැකීම් තියෙන කෙනෙකුට දෙන්න ඕන.

Read More

සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්තගේ ඝාතනයේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙනවිත් තිබේ.

Read More

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මෙලෙස පක්ෂය සමග එක්ව ඇත.

Read More

විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා විසඳීමට අදාළව සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

අතිපූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නාහිමිපාණන්ගේ අවමංගල පූජෝත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය දන්වයි.

Read More

ජනවාර්ගික ගැටළුවට ස්ථිර විසඳුමක් අවශ්‍ය බව තමන්ද පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ කළ යුතුව ඇත්තේ ජාති, ආගම් බේදයෙන් තොරව රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට ශ්‍රී ලාංකිකයන් ලෙස සියලුදෙනා එක්වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සෙවනගල ප්‍රදේශයේ නිවසක නිදා සිටි පුද්ගලයෙකුට ඊයේ (04) අලුයම නිවසේ ජනේලයක් විවෘත කර වෙඩි තබා ඇති බව සෙවනගල පොලිසිය පවසයි.

Read More

සංචාරක ඉන්දිය කණ්ඩායම ලකුණු 32කින් පරාජය කරමින් දෙරට අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති දෙවැනි එක්දින තරගය ජයගැනිමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

වත්තල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් සැරයන්වරයෙකු වත්තල මාබෝල ප්‍රදේශයේ බහලුම් අංගනයකට ආසන්නව මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං ඇර සිදුකළ අනීතික ක්‍රියාව හේතුවෙන් එම සැරයන් වරයා වැඩ තහනමට ලක් කළ බව නීති දිශාව භාර , වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති රුවන් ගුණසේකර මහතා පැවසීය. එම සැරයන් වරයා එලෙස හුළං අරින ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විණි.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි කිහිපයකට යටත්ව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.

Read More

කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් අලුත් නුවර ඓතිහාසික දැඩිමුණ්ඩ දේවාල පරිශ්‍රයෙන් රැගෙන ආ කප සිව් මහා දේවාලයන්ට බෙදා දීම ඊයේ (04) සවස 3.58 ට යෙදුණු සුභ මුහුර්තියෙන් චාරිත්‍රානුකූලව සිදුකෙරුණි .

Read More

ශ්‍රී ලංකාව රැක ගැනීමට අවශ්‍ය වූ බැවින් සර්වජන බලය සංවිධනය නිර්මාණය කළ බව එහි ජනාධිපතිවරණ අපේක්ෂඛ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසීය.

Read More

මෙවර ජනාධිපතිවරණයේදී සිය පක්ෂයද ඇතුළත්ව පක්ෂ විසිපහක් පමණ අගෝස්තු මස 8 වැනිදා සමගි ජන බලවේගයේ නායක සජිත් පේමදාස මහතාට සහයෝගය පල කිරීමේ ගිවිසුමට අනිවාර්යයෙන්ම් අත්සන් කරන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රචාරක ලේක්ම් සමන් විජේවික්‍රම මහතා අද (4) කරන්දෙණියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

රුපියල් ලක්ෂ දහ අටක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන මෙරටට ආ පුද්ගලයෙකු ද සමග අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් 08/04 දින උදෑසන පියවර ගෙන තිබේ .මොහු කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.