තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුසු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව එම ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩිවන අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.
මෙම මුහුදු ප්‍රදේශ වල යාත්‍රාකරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී.