ගාල්ල දෙවට ප්‍රදේශයේ බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳ යෝජනාවක් ප්‍රවාහන ,මහා මාර්ග ,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට යෝජනාවක් ලෙස ඉදිරිපත් කෙරිණී.
මෙහිදී අදහස් දක්වමින් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති නලින් හේවගේ මහතා පැවසුවේ මේ පිළිබඳ සැලසුම් සකස් කර බලයලත් ආයතන වෙත ඉදිරිපත් කරන ලෙසයි.
යෝජිත බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගීන්ගේ පොදු ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් ආරක්ෂිත ,වේගවත් ,සුවපහසු සහ පරිසර හිතකාමී අයුරින් ඉදි කෙරේ.
මෙහිදී සැපයෙන සේවාවන් අතර අන්තර් පළාත් පළාත් දුම්රිය සේවා ,අවසන් ගමනාන්ත සේවා,park & ride,waiting area, ප්‍රවාහන තොරතුරු, ආරක්ෂාව, offload parking , සනීපාරක්ෂාව, ආපනශාලා, බැංකු ඇතුළු සේවා පද්ධතියක් වශයෙන් ඉදි කිරීමට යෝජිතය .
ගාල්ලට අමතරව රාගම ,ගම්පහ ,කුරුණෑගල ,කොළඹ කොටුව ,දඹුල්ල ,අවිස්සාවේල්ල හා මොරටුව යන ප්‍රදේශවල මෙබදු බහුවිධ ප්‍රවාහන මධ්‍යාස්ථාන ඉදිකිරීමට මෙහිදී සැලසුම් කර ඇත.
කටුගොඩ දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.
පොදු ප්‍රවාහනය නංවාලීම , නාගරික ගමන් කාලය අවම කිරීම, කාබන්ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම ,තිරසාර ප්‍රවාහන විසඳුම්, බහුමාධ්‍ය ඒකාබද්ධතාවය යනාදිය මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂිතය.
හබරාදූව රම්‍යා