saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 11968 hours ago

LATEST

ඔක්තෝබරයේ සංචාරක පැමිණීම් 153,123ක්

calendar_today 2018 නොවැ 07 - 16:39 remove_red_eye - 324  

වසරේ මේ දක්වා විදෙස් සංචාරකයන් දහ අට ලක්ෂ අසූපන්දහස් හතළිස් පහක් මෙරටට පැමිණ ඇත. එය පසුගිය වසරේ එම කාල සීමාවේදී මෙරටට පැමිණි දහ හත් ලක්ෂ හාරදහස් තුන්සිය හැටට සාපේක්ෂව 10.6%ක වර්ධනයකි.

මුළු රටම අවුල් කළ මහින්ද - මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න. සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අතර හමුවක් අද පෙරවරුවේදි පවත්වා තිබේ.

Read More

නීත්‍යානුකූලව පැවැත්වෙන ඕනෑම මැතිවරණයට සූදානම් බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් දැන් ආරම්භ වී තිබේ.

Read More

කවුරු බහුතරය පෙන්නුවත් ජනමතය වැදගත් බවට තර්ක මතුවී තිබෙන නිසා ව්‍යවස්ථාවේ ඇති ඇතැම් හිඩැස් හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයට යෑමට හැකියාවත් ඇතැදැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.

Read More

දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ’’ඩීල්’’ වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

Read More

අපේ 80%ක් ඉන්නේ සිංහල බෞද්ධයන් ඒ අයට අයිතියි මේ රට. ආගම්වලින් බලනවානම් අපියි සුළු ජාතිකයෝ.

Read More

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් ඇති සමූහ මිනීවලේන් සිදු කරන ලද කැනීම් තුළින් අද (07) උදෑසන වන විට සිරුරු ඇටසැකිලි 232 ක් හමුවී ඇති බවට කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්යහ නිලධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

පැවති රජයේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ සමනල රෑනක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

Read More

ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ආචාර්ය චරිත හේරත් සමතා පත්කර තිබේ

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ අද (07දා) දහවල් 11.30 ට පමණ හදිසියේම විදුලි සැපයීම විසන්ධි වී ගිය නිසා ගුවන් තොටුපොළ අත්‍යවශ්‍ය රාජකාරි සිදු කිරීම දුෂ්කර තත්වයකට පත්විය.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය.

Read More

එළැඹෙන 14 දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවන බවත් 14 දා පාර්ලිමේන්තුව රැස්වීනේ පසුව එදිනද පාර්ලිමේන්තුව කල් දමන බව සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.

Read More

මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව ඊයේ දීන රාත්‍රි යේ සිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.

Read More

මගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ වුණේ නායකයන් දෙපළ අතර සංහිදියාව ශක්තිමත් කරමින් ජනතාව බලාපොරොත්තු වුණ සංවර්ධනය ක්‍රියාත්මක කිරිමයි.

Read More

නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

Read More

අත්ඩංගුවට පත් සැකකරු අවුරුදු 51ක් වන මීගමුවේ පදිංචි මොහොමඩ් සරුක් මොහොමඩ් සෙඩික් වෙයි. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 20කට අධික වෙයි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342ක් රැස්කිරීමට සමත්විය.

Read More

විද්‍යුත් හෝ සූර්ය බලය ඇතුළු ඕනෑම බලශක්තියකින් ධාවනය වන යතුරු පැදි හා කුඩා වාහන ලියාපදිංචි කළ යුතු බවත්, එවැනි යතුරුපැදි හෝ රථ ධාවනයට රිය බලපත්‍රයක් අවශ්‍ය බවත් රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලීසිය සඳහන් කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී අද (07) පෙරවරුවේ පැවැත්විණි.

Read More

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.

Read More

ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්තුවේ සංයුතිය සකස්වන්නේ කෙසේද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකරන මේ මස 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම සම්බන්ධයෙන් 13 වැනිදා පස්වරුවේ අවසන් වශයෙන් තීරණය කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශකයෙක් ’අද’ පුවත්පතට පැවසීය.

Read More

නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බව වාර්තා වෙයි.

Read More

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී වටේ සිටි උපදේශකයන් යළිත් එක්වී තිබෙන බව ‘සිහල රාවය’ සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද (06දා) පැවසූහ.

Read More

පො‍ළොන්නරුවේ සියලු වැවි පිරි පවතින බැවින් එම වැවි පරිහරණය කිරිමෙන් වැළැකි සිටින ලෙස පොළොන්නරු දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ට විරුද්ධව රාජ්‍ය දේපොළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තමා ඉදිරිපත් කළ කරුණු 11න් අවම වශයෙන් 25%ක් නව රජයේ සීමිත කාලය තුළදී ඉටු නොකළහොත් ඉන් ඉදිරියට විරෝධය පළ කරන බව නැගෙනහිර ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඒ. විජයාලේන්ද්‍රන් මහතා අද (06දා) පැවසීය.

Read More

රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ධර්ම සංවේගයට හේතු වී තිබෙන නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට සංඝ ආඥාවක් නිකුත් කළ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සමාලෝචක ආචාර්ය පූජ්‍ය කරකොළේ පියදස්සී හිමියෝ අවධාරණය කළහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.