මහින්දගේ උපදේශකයන් යළිත් එක්වෙලා
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී වටේ සිටි උපදේශකයන් යළිත් එක්වී තිබෙන බව ‘සිහල රාවය’ සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද (06දා) පැවසූහ.
බොදුබල සේනා සංවිධානයේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ හිමියෝ මේ බව කියා සිටියහ.
රටට නොගැළපෙන එම උපදේශකයන් නිසා පසුගිය වර මහින්ද රාජපක්ෂ මහතාට පාලන කාලය වසර දෙකක් තිබියදී දමා යෑමට සිදුවූ බවත්, ජනාධිපතිවරයාව සිටි කාලයේ සිදුකළ වැරදි යළිත් සිදුනොවීමට රාජපක්ෂ මහතා වගබලාගත යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පැරණි උපදේශකයන් ළං කර ගැනීම මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිහීමට හේතුවක් වනු ඇති බවද මාගල්කන්දේ සුදත්ත හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
popular news
-
Champa Tuesday, 06 November 2018 11:45 PM
බැසිල් තමයි ලොකුම උපදේශකයා. එයා තමයි මේ ගොන් part එකේ mastermind එක. දැනටම මහින්දව නැති කරලා ඉවරයි. පව් හිටපු ජනාධිපතිතුමා. මාත් තරහ වුනා. මම සෑහෙන දරුණු විවේචනයක් කළා පහුගිය දවස් ටිකේ. තව ඉවර නැහැ. මට දුකයි. හැබැයි TNA එකත් එක්ක කතා කරපු එකටයි LTTE ත්‍රස්තවාදියෝ නිදහස් කරනවා කියලා නාමල් කියපු එකටයි, තව මස 4-5ක් තිස්සේ මෛත්‍රී එක්ක කුමන්ත්‍රණ කළා නමල්ම කියපු එකයි මට හුඟක් තරහ ගියා. මේක මහින්දව නැති කරන්න දීපු ගේමක්. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

