සමනල කතාවෙන් ලිංගික ජනකොටසක් ඉලක්ක කළේ නෑ - මහින්ද
පැවති රජයේ තීන්දු තීරණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ප්රමුඛ සමනල රෑනක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (07දා) ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
බත්තරමුල්ලේදී පසුගිය 05 දා පැවති ජන මහිමය රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා මෙසේද පැවසීය
"ජනාධිපතිතුමා දේශපාලන රැස්වීමේදී ඒ කරපු ප්‍රකාශට කිසිසේත්ම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගෙන පදනම් කරගෙන කරපු දෙයක් නෙවෙයි කියලා මම පැහැදිලිවම කියන්න ඕන. ඒ ප්‍රකාශයට නොයෙකුත් අය නොයෙකුත් අර්ථකථන දෙන්න පටන් අරගෙන තිබෙනවා. නමුත් ජනාධිපතිතුමා එවැනි අදහසත් පදනම් කරගෙන නෙවෙයි ඒ ප්‍රකාශය කළේ.
රාජිත සේනාරත්න ඇමතිතුමාත් මාධ්‍ය හමුවක් කැඳවලා කිව්වා එයා ගැනයි ඒ කිව්වේ කියලා. හිටපු අගමැතිතුමා වටේ පිරිසක් හිටියා. ඒවගේ පිරිස එක එක තැන්වලට ගිහිල්ලා අනවශ්‍ය ලෙස ඇඟිලි ගහලා එතුමාගේ පාර්ශ්වයෙන් අවුල්කළා කියන එකයි ඒ කිව්වේ. මෙතන ලිංගික කොටසක් පදනම් කරගෙන ජනාධිපතිතුමා අදහස් ප්‍රකාශ කිරීමක් නෙවෙයි සිදුකළේ."
(මාධ්‍යවේදීන්) - එහෙනම් හරි අර්ථකථනය මොකද්ද කියලා ඔබතුමා කියන්නකො?
(අමාත්‍යවරයා ) - ජනාධිපතිතුමා ලිංගික අර්ථකථනයකින් නොවෙයි ඒක කිව්වේ.
(මාධ්‍යවේදීන්) - එහෙනම් ඇමතිතුමා සමනලා කියන එකේ තේරුම කියන්නකො?
(අමාත්‍යවරයා) - සමනලයා කියන්නේ හරි අහිංසක සතෙක්
(මාධ්‍යවේදීන්) - එහෙනම් වැරැද්දක් නැහැනේ ඇමතිතුමා?
(අමාත්‍යවරයා) - ඒ අහිංසක සතා විකෘති කරලා ඒ අහිංසක සතාගෙන් කරන වැඩගැන ජනාධිපතුමා කලකිරීමෙන් හිටියා කියලා කියන්නේ.
(මාධ්‍යවේදීන්) - අහිංසක සත්තු ටිකක් පාලනය කළානම් කිසිම ප්‍රශ්නයක් නැහැනේ ?
(අමාත්‍යවරයා) - අහිංසක සතා ඒ පාලනය විකෘති කරගෙන
(මාධ්‍යවේදීන්) -අහිංසක සතා රනිල් වික්‍රමසිංහ මහත්තයාද වටේ හිටපු අයද?
(අමාත්‍යවරයා) - ඒක එයාලගෙන්ම අහන්න ඕන.
(මාධ්‍යවේදීන්) - ජනාධිපතිතුමා කූඩැල්ලෙක් කියලත් කියලා තියෙනවා. ඒගැන මොකද කියන්නේ?
(අමාත්‍යවරයා) -කූඩැල්ලා කතාවෙන් එයලා තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා අපිට කියන්න. අපි ඕවට කලබල වෙන්න ඕන නැහැ. අපි ඊළඟ ප්‍රශ්නයට යමු.

popular news
-
Upul Wednesday, 07 November 2018 03:49 PM
සමනල්ලු ගැන කියන්න ගෙම්බෝ දන්නේ නැත...
Reply : 0 2
Lion Wednesday, 07 November 2018 04:05 PM
අනේ මෙහෙම වහලෙක් .තමුන් හිතන්නේ මේ රටේ ඉන්නේ ගොන්නු කියලද
Reply : 0 1
Nandana Wednesday, 07 November 2018 04:45 PM
සියලු සතුන් අතරේ සමනලයා ඉතා අහිංසක සතෙක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

