ජනපති හා TNA අතර හමුවක් - ස්ථාවරය නොවෙනස් බව TNA කියයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් අතර හමුවක් අද පෙරවරුවේදි පවත්වා තිබේ.
විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සෙල්වම් අඩිකල්ලනාදන්, ඩී. සිද්ධාර්තන්, එම්.ඒ. සුමන්තිරන් යන මන්ත්‍රීවරුන් ජනපති මෙමත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් අනුව මෙම හමුව එක්ව තිබේ.
පැය 1 විනාඩි තිහක කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී වර්තමාන අර්බුදය පිළිබඳව දීර්ඝව කරුණු සාකච්ඡා කර තිබේ.
ජනපතිවරයා මෙහදී තමන් එම තීරණ ගැනීමට හේතු සඳහන් කර ඇති අතර එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර ඇත්තේ තමන් ගත් තීරණයේ වෙනසක් නොව බවයි.
එසේම පාර්ලිමේන්තුව ඉතාමත් ඉක්මනින්ම කැඳවා මෙම ගැටලුව විසඳන ලෙසත් ඒ සඳහා ඕනෑම සහායක් ලබාදෙන බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය මෙහිදී ජනපතිවරයාට සඳහන් කර තිබේ.

popular news
-
Champa Wednesday, 07 November 2018 04:32 PM
TNA එකේ දේශපාලනයට සම්පූරණ විරුද්ධ වුනත් TNA එකට තියෙන කොන්ද ගැන පුදුමත් හිතෙනවා. මෙච්චර කල් මම හිතුවේ TNA එක ඉතාම අවස්ථාවාදියි කියලා. මේ වෙලාවේ TNA එක ඉල්ලුවොත් ෆෙඩරල් ව්‍යවස්ථාව, මහින්දයි මෛත්‍රියි ඒකත් දෙන්න කැමති වෙනවා TNA එකේ චන්ද ගන්න. හැබැයි සම්පන්තන් ඒ තරම් පල්ලහට වැටිලා දේශපාලනය කරන්න ලෑසති නැහැ කියන එක දැක්කම මටත් පුදුම හිතෙනවා. දෙමල වුනත්, බෙදුම්වාදී වුනත්, ජාතිවාදී වුනත්, කවදාවත් බලය වෙනුවෙන් තමන්ගේ ආත්මය පාවල දෙන්නේ නැති සම්පන්තන් ගැන හිතට විරුද්ධව වුනත් පැහැදීමක් ඇති වෙන එක මටත් නවත්ත ගන්න බැරි තරම්.
Reply : 0 2
Prem Wednesday, 07 November 2018 07:24 PM
මමනම් හිතන්නේ TNA ඉල්ලන දේවල් ලැබෙන්නේ නැහැ , නැත්නම් මොනවටද ඔයහැටි සාකච්චා ?
Reply : 0 0
Champa Thursday, 08 November 2018 01:21 PM
TNA නෙමෙයි දැන් ඉල්ලනේ. දැන් එකේ අනිත් පැත්ත. හිරේ ඉන්න LTTEකාරයෝ නිදහස් කරන්නත් කැමති වෙලා කියලා නාමල් දාපු twitter message එකක තිබුන. ඒක දැකපු ගමන් මම මහින්දට සහයෝගයෙට ලියන එක නැවැත්තුව. අච්චර අපේ හමුදාවේ නිලධාරීන් හිරේ ඉන්නවා, LRRP එකේ සුනිල් රත්නයකව එල්ලුම් ගහට යැව්වා කොටින්ගේ සාක්කි අහල. ඒ මිනිස්සුන්ව මතක නැහැ. බලය පවත්වාගෙන යන්න සම්පන්තන්ට එන්න කියලා මහින්දත් සහයෝගය ඉල්ලුව නමුත් සම්පන්තන් බැහැ කිව්වා කියලා දෙමල පත්තරේක translation එකක් මන් දැක්ක. රනිල්ට බැන්නට දැන් බලය වෙනුවෙන් හැමෝම යන්න රනිල්ගේ පාරේ. ලැජ්ජයි.
0 0
chathuri Wednesday, 07 November 2018 07:08 PM
කනට කරලා. කියන්නේ තව. ගින්දරක් පත්තු. කරලා ඇති. , සිංහලයට. හිනහ වෙනවා මේ වගේ කොන්ද. පන්ති උන් අපේ. ජාතිය. හැල්ලුවට පත්කරනවා. පුටුව. රැකගන්න. දහජරා දේවල්. සේරම කරනවා. රහස්. කියා. කියා ඉන්න. කුඩල්ල්ල විදේශයෙන් තහනම්. නියෝග. එනකම්. කුඩල්ලෙක් නොවී. සමනලයෙක්. වෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

