අද රෑම පාර්ලිමේන්තුව විසුරවීමට යනවා - අජිත් පී පෙරේරා
අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවීමට කටයුතු කරමින් යන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමට ඔහු කළ සජීවී වීඩියෝවක මේ බව දැක්වෙයි.
"මහින්ද - මෛත්‍රී නීතිවිරෝධී දෙවැනි කුමන්ත්‍රණයට පෙළගැසෙමින් ඉන්නවා. මුළු රටම අවුල් කළ මහින්ද - මෛත්‍රී සුසංයෝගය දැන් උත්සාහ කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව රටේ පාර්ලිමේන්තුව ඉක්මනින්ම විසුරුවන්න.
සමහර විට අද රාත්‍රියේම විසුරුවන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකර හැක්කේ අවුරුදු 4 හමාරකට පසුවයි. ඒ කාලය උදාවෙන්නේ 2020 පෙබරවාරි මාසයේයි. එසේ නැත්නම් පාර්ලිමෙන්තුවේ තුනේන දෙකක බහුතරයකින් විසුරුවාහැරිය හැකිය. වැරදි දේශපාලන තීරණයක් හරහා රට විනාශයට රැගෙන ගිහින් 14 දා පරජය වෙන එක වහගන්න නීතිවිරෝධී අංක දෙක කුමන්ත්‍රණයට යනවා. මේකට එරෙහිව කටයුතු කළ යුතුයි." යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

popular news
-
Champa Wednesday, 07 November 2018 05:07 PM
කොහොමත් දැන් කරල තියෙන ඔක්කොම නීති විරෝධියි. ඒ හින්දා හොඳම දේ මැතිවරණයට මුහුණ දීම. මම එකට සපුරා විරුද්ධයි. ඒ මොකොද පලවෙනි එක එකට ෆෙඩරල් ව්‍යවස්ථාව දෙන්න පොරොන්දු වෙච්ච නිසා. දැන් මහින්දත් එකෙන් ආණ්ඩුවක් පිහිටුවන්න සහයෝගය ඉල්ලුවට පස්සේ ඒකම අනිත් මිනිස්සු කරන එක විවේචනය කරන්න බැහැ. අවුරුදු 4 1/2 කට ඉස්සෙල්ල පාර්ලිමේන්තුව විසිරුවන්න බැහැ කියලා ව්ය්ව්යස්ථාවේ තියෙනව. ඒක හින්ද ඒ තීරනෙට විරුද්ධව SC එකට් යන්න පුළුවන්. මෛත්‍රී ගේ ධූර කාලය අවුරුදු 6න් 5 ට අඩු කරලා දැනටම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීල තියෙනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පිලි අරන් තියෙනව 19 වෙනි සංශෝධනය වලංගුයි, බල පැවැත්වෙන්නේ එකේ තියෙන Clauses කියලා. ඒ අනුව මෛත්‍රී පාර්ලිමේන්තුව විසුරුවන්න තීන්දුවක්ග ගත්තොත් ඒ තීන්දුව බල රහිත කරන්න පුළුවන් ලේසියෙන්ම.
Reply : 0 0
sathyapala Wednesday, 07 November 2018 05:25 PM
තමන්ටයි බලය තිබෙන්නේ කියා දෙගොල්ලන්ම කියන නිසා ඇත්තටම කාටද තිබෙන්නේ කියා ඔප්පු කල හැකි එකම සහ ප්රජාතන්ත්රවැඩිම ක්‍රමය එයයි. අවාසනාවට එජාපය භීතියෙන් මුසපත් වෙලා. දැන් හිතනවා මහින්දගේ රජය පිළිගෙන විපක්ෂයේ ඉන්න එක හොදයි කියලා. මැතිවරණයකට ගියහොත් එජාපය විනාශ වෙනවා. රනිල් බලන්නේ තම බිරිදට පක්ෂයේ නායකත්වය පවරන ක්‍රමයක්. සජිත් බලන්නේ මෙවර හොදින් හෝ නරකින් බලය අල්ලන්න. කතානායක බලන්නේ තම බෑනා වන නවින් දිසානායක පක්ෂයේ නායකයා කල හැකි උපක්‍රමයක්. මේ ගැටුම් හා එජායේ ජන්ද පදනම දැනටත් බින්දුවට වැටි ඇති විටක මන්ත්‍රීවරු 10-15 කට වඩා පත් නොවන බව දන්නා දැනට ඉන්නා මන්ත්‍රීවරු බියෙන් සලිතව විකාර දෙඩවීමට පටන්ගෙන ඇත.
Reply : 0 2
Champa Wednesday, 07 November 2018 06:06 PM
මෝඩ මහින්ද. මෛත්‍රීගෙයි බැසිල්ගෙයි ලනුව කාල නිකම් අපරාදේ පරදින්න යනව. නියමිත කාලෙට චන්දෙ තිබ්බනම් වැලේ වැල් නැතුව පරදින්න තිබ්බ UNPඑකට දැන් කලින්ටත් වඩා චන්ද ලැබෙනවා. එමොකොද කිව්වා නම් මහින්ද කැමති මිනිස්සුත් කියනව මහින්ද අගමති වුන එක හොඳයි නමුත් මෛත්‍රී රනිල්ට කරපු දේ වැරදියි කියලා. දැන් UNP එකට අලුත් ජවයක් ලැබුන හොඳට සූදානම් වෙලා මහා මැතිවරණෙකට යන්න ලොකු බලවේගයක් එක්ක. කලින් තිබ්බේ රාජපක්ෂල්ට විරුද්ධ බලවේගයක් විතරයි. දැන් ඒකට මෛත්‍රීට විරුද්ධ බලවේගයකුත් එකතු වෙලා. මම කිව්වා ඕක. මෛත්‍රී කවදාවත් මහින්දට හොඳක් කරන්නේ නැහැ කියලා.
Reply : 3 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

