saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 11353 hours ago

LATEST

හම්බන්තොට හා නුවර එළිය මහ රෝහල් විවෘත කිරිමට යයි

calendar_today 2019 මාර් 18 - 12:20 remove_red_eye - 945  

නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ලබන මැයි මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

බත්තරමුල්ල විරෝධතාවයක් අතරතුර පොලිස් අත්අඩංගුවට පත‘ අන්තර් ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙණිය අද (18) ඇප මත නිදහස් කර තිබේ.

Read More

ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට 50 % වඩා ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට ඉඩ ලබානොදන බව ජනතා විමුක්ති පෙරමුණෙ ගම්පහ දිස්ත්‍රික් පා.ම සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසිය.

Read More

දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිශාන්ත පුෂ්ප කුමාර මහතා (රත්තරන්) පළාත් සභා මන්ත්‍රි ධුරයෙන් සහ සියලුම දේශපාලන කටයුතු වලින් තාවකාලිකව ඉවත් වන බව ප්‍රකාශ කළේය.

Read More

හොංකොංහි පැවැති 03 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, ඒ අනුව රටවල් 19ක් අතරින් ආසියාවේ 14 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. සෙන් කවාන් %ඔ^ ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා (15 – 17) පැවැති මෙම තරගාවලිය ඊයේ (17දා) අවසන් විය.

Read More

දේශීය පිටිකිරි සන්තකයේ තබාගෙන අලෙවි කිරීමෙන් වැළකී සිටි ව්‍යාපාරිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී පිටිකිරි සමග අත්අඩංගුවටගත් බවත්, ඔහු බැඳුම්කරයක් මත මුදාහැරි බවත් එම ඒකකය පැවසීය.

Read More

කාන්තාවන් තිදෙනෙක් හා එක් පිරි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත

Read More

දේශීය වෙළෙඳපොළ තුළ ඉඩක් නොමැති නිසා බටර් විශාල වශයෙන් විදේශ රටවලට අපනයනය කරන බවත් සභාපතිවරයා පැවසීය.

Read More

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.

Read More

එක්සත් ජාතික පෙරමුණ සමගඑක්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්ව පිහිටුවනු ලබන පුළුල් දේශපාලන පෙරමුණ, කොළඹ නගර සභා පිටියේ පැවැත්වෙන එ.ජා.ප. මැයිදින රැලියේදී එළිදැක්වීමට සියලු කටයුතු යොදා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂිතය සහ අවට අද ( 17) දහවල් පැතිරි ගිය ගින්නකින් අක්කර 50 කට ආසන්න ප්‍රමාණයක් සම්පුර්ණයෙන් විනාශ වි ඇති බව පුත්තලම ආපදා කළමණාකරන සහකාර අධ්‍යක්ෂ ඒ .එම් . ආර්.එන්.කේ .අලහකොන් මහතා පැවසිය .

Read More

යුද සමයේදී සිදු වූවායැයි පැවසෙන යුද අපරාධ වෙනුවෙන් වහාම ජාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට දෙමුහුන් අධිකරණයක් පිහිටුවා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඊයේ (16) දින යාපනයේ විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

Read More

ආණ්ඩුවේ කිසිදු මුදලක් නොමැතිව ගාල්ල දිස්ත්‍රික්කය තුළ එකවර නිවාස 25,000ක් ඉදි කිරිම සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කොට ඇති බවත් ඒ සඳහා අනුමැතිය ලැබුණු විගස මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බැව් ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන ඇමති වජිර අබේවර්ධන මහතා අද පස්වරුවේ (17) ගාල්ල නුගදුවේ දි පැවසිය.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන හෙට (18) පුත්තලමෙන් ආරම්භ වේ.

Read More

සේනා දළඹුවාගේ උවදුරෙන් පීඩාවට පත් ගොවින්ට වන්දි ලබා දීමේ පළමු අදියර අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හට වන්දි පිරිනැමීම කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.

Read More

ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර වල අඩංගු සීනි, තෙල් සහ ලුණු සඳහා වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

අළුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදි ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමඟින් ජාතීන් අතර ආගම් අතර බෙදිමක් ඇතිවන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

රාජකාරීයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී රාජකාරීයට බාධා කළ බවට ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති එම් කේ අමිල් මහතාගේ (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) සභාපති ධුරය සහ සභික ධුරය අහෝසි කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව සඳහන් වේ.

Read More

ඕනෑම රටකට නරක කාලයක් උදා වෙන්න පුළුවන්. ශ්‍රි ලංකාවත් නරක කාලයක් පසුකළා. දැන් අපි පසුගිය දේ, අපට අහිමිවූ දේ, කිරීමට නොහැකි වූ දේ අමතක කරලා, දැන් අපි රට ගැන සිතිය යුතුයි. මේ වනවිට අපේ ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් රටේ අනාගතය, ජනතාවගේ සුභසිද්ධීය වෙනුවෙන් නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදී ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

රුපියල් ලක්ෂ 300ක් වටිනා කැරට් විසිහතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු අද(17) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

Read More

අද සහ හෙට (17,18) යන දිනයන්හි ,විශේෂයෙන් බස්නාහිර,,සබරගමුව,වයඔ,මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇති විමේ හැකියාව ඉහළ මට්ටමක ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකාවෙන් අල්ලස දුෂණය තුරන් කිරිමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කිරිම හෙට (18) දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදි සිදු කරන බව අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව නිවේදනය කරයි.

Read More

වවුනියාව කුඩකච්චකොඩි ප්‍රදේශයේ රක්ෂිතයක තිබී දිරා ගිය ගිනිඅවි ඇතුළු යුද උපකරණ තොගයක් ඊයේ (16) දින හමු වූ බවට වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැවසූහ.

Read More

පොලිස් අධිකාරීවරුන් හා සහකාර පොලිස් අධිකාරීවරුන් 21කට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ වැඩබලන ස්ථානාධිපති ලෙස එම ඒකකයේ සෙවය කළ එන් ප්‍රැන්සිස් මහතා පත්කර තිබේ.

Read More

කිරි මිල සූූූූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරි පිටි මිලද වැඩිවීමට නියමිතය.

Read More

කිරිපිටි මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 18 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී දියත් කිරීමට නියමිතව තිබේ.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ තිබී තරුණ මළ සිරුරක් තලවාකැලේ පොලීසිය මගින් අද (16දා) සොයා ගනු ලැබීය. මෙම මළ සිරුර නානුඔය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ක්ලින්ටන් ඇලස්ඩ් නැමති අයෙකුගේ බව මියගිය අයගේ ඥාතීන් හඳුනාගෙන ඇත.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත ඊයේ (15 දා) උදෑසන 6.00 සිට රාත්‍රී 9.00 දක්වා දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ අපරාධ සඳහා පුද්ගලයින් 2646ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.