saravita-anim2

2026 මැයි මස 02 වන සෙනසුරාදා

2026 මැයි මස 02 වන සෙනසුරාදා

Latest News - timelapse 11369 hours ago

LATEST

මැටි ගැසූ, පොල්අතු සෙවිලි යට අකුරු කිරීමට සිදුවිම දුකක්

calendar_today 2019 මාර් 14 - 18:30 remove_red_eye - 514  

ඇතැම් ප්‍රදේශවල පාසල් දරුවන් පොල්අතු සෙවිලි කළ අඩු පහසුකම් සහිත ස්ථාන වල අධ්‍යාපනය ලබන කනගාටුදායක අවස්ථා තමන්ට වාර්තා වි ඇති බවත් එවැනි සිදුවීම් වලට පළාත් දේශපාලනඥයින් සෘජුවම වගකිව යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.

අයවැය කාරක සභා විවාදයට එක්වූ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය සම්පූර්ණ වෙලාව තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රශ්න 21ක් ඉදිරිපත් කළේය.

Read More

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්විමට නියමිත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

Read More

පස් හා බොරලු ප්‍රවාහනයට තිබූ දැඩි නීති ලිහිල් කිරිමට කටයුතු කළ බව මහවැලි හා පරිසර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසිය.

Read More

ඉඩම් ආරවුලක් මත අසල්වැසියකුට 13පළකට පිහියෙන් ඇන මරාදැමීමේ චෝදනාවට වරදකරුවන් වු පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) මරණ දඩුවම් නියම කළේය.

Read More

දැනට ඩුබායි අත්අඩංගුවේ පසුවෙන මාකඳුරේ මධූෂ් වෙනුවෙන් මූලික අයිතිවාසිකම් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෙනු කිරීමට ඔහුගේ පුංචි අම්මා කටයුතු කර තිබේ.

Read More

මධ්‍යම කඳුකරයට මාස දෙකක පමණ කාලයක් තිස්සේ පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ජාතික ජල විදුලිබල පද්ධතියට අයත් ප්‍රධානතම ජලාශ දෙකක් වන මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම ඉතා ශ්‍රීඝ්‍රයෙන් පහළ බසිමින් පවති.

Read More

පාසලේදී ලබාදුන් ක්‍රියාකාරකම් නිසි ලෙස නොකිරීම හේතුවෙන් සැකකාර ගුරුවරයා විසින් සිසුන්ට මෙසේ පහර දී ඇති බව වාර්තාවෙයි.

Read More

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධූෂ්ගේ ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ කැළුම් ඉන්දික නොහොත් කැවුමා නැමැත්තා‌ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකාරියෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි?

Read More

ශ්‍රී ලංකාවේ සිදුවන මරණ වලින් පිළිකා නිසා සිදුවන මරණ 2 වැනි ස්ථානයට පත්ව ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

එප්පාවල පොලිස් ස්ථානාධිපති ඒ.ඒ.පි.රෝහණ අධිකාරි මහතාගේ නිල මුද්‍රාවට සමාන ව්‍යාජ නිල මුද්‍රාවක් සකස් කර ව්‍යාජ අත්සන් යොදා සේවය ස්ථිර කර ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට ලිපි ලේඛන ඉදිරිපත් කළ බව කියන තැපැල් සේවකයකු අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලීසිය පවසයි.

Read More

ටෙස්ට් ක්‍රිකට් තරගවල කාලය නාස්තිවීම වැළැක්විම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට එම්.සි.සී. ක්‍රිකට් කමිටුව යෝජනා ඉදිරිපත් කර තිබේ.

Read More

බදුල්ල කහටරුප්ප ඌරුමීතැන්න ගම්මානයේ දි වනසත්ව දඩයම්පොළක් ඊයේ (13) සවස වැටලූ පොලීසිය එම ස්ථානයේ උගුලකට හසුකර මරා මස්කිරීමට සුදානම් වූ ඈයා නමින් හැඳින්වෙන වදවීයන සත්ව විශේෂයක් වන කබැල්ලෑවෙකුගේ ජීවිතය බේරාගැනීමට සමත් විය .

Read More

තමන් රචනා කළ ’ආර්ථික අපගමනය’ නම් කෘතිය කියැවීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

වැසිකාලය ගෙවී යාමත් සමඟම මින්නේරීය ජාතික වනෝද්‍යානයට වනඅලි රංචු පැමිණීමට පටන් ගෙන ඇති බව මින්නේරිය ජාතික වනෝද්‍යාන භාරකාර වසන්ත මඩුගල්ල මහතා පවසති.

Read More

බරපතල මූල්‍ය වංචා, අපරාධ නඩු විභාග කිරීම වෙනුවෙන් ස්ථාපිත කළ දෙවැනි විශේෂ මහාධිකරණය අද (14දා) අලුත්කඩේ අධිකරණ සංකිර්ණයේදි විවෘත කළේය.

Read More

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ කඳවුම්කරු වන මහීල් බණ්ඩාර දෙහිදෙණිය ලබන 18 දක්වා බන්ධනාගාරගත කර ඇති බව සඳහන් වේ.

Read More

පුළුල් සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති පළමු සාකච්ඡාව සාර්ථක වී තිබේ.

Read More

අද (14) උදෑසන 10.30ට පමණ මොරටුමුල්ල පොලිස් වසමේ මොරටුමුල්ල පිළියන්දල මාර්ගයේ නිවසක් ඉදිරිපිට සිටි තිදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පතරොම් සහිත තුවක්කුවකින් වෙඩි තබා පළාගොස් තිබේ.

Read More

මොරගහකන්ද - කළුගඟ වාරි ව්‍යාපෘතිය සංවර්ධන කටයුතු සඳහා ඉවක් බවත් නොමැතිව පරිසරයට හානි සිදුවන බව පරිසර සංවිධාන කියා සිටියි.

Read More

උප්පැන්න සහතික හා විවාහ සහතික නිකුත් කිරීමේ දී මෙතෙක් පැවැති සහතිකය වෙනස් කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සහතිකයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට සම අනුග්‍රහය දැක්විමෙන් ලංකාව ඉවත් විය යුතු ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කිරිමට සමගාමීව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

Read More

පොලොන්නරුව මින්නේරිය ජාතික වන උද්‍යානයේ වෙඩි වැදී තුවාල ලබා සැරි සරමින් සිටි වන අලි පැටවෙකුට ප්‍රතිකාර සිදු කිරීම ඊයේ (13 දා) සවස් වරුවේදී සිදු කෙරුණි.

Read More

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (13දා) රාති‍්‍රයේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

Read More

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සෙනසුරාදා දිනයේද විවෘතව තැබීමට ප්‍රවාහන සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් දී තිබේ.

Read More

ත්‍රිරෝද රථයක මිල මේ වනවිට රුපියල් ලක්‍ෂ අටකට අධික බවත්, එම මුදලින් රුපියල් හාරලක්‍ෂ අසූදහසක් රජය බදු වශයෙන් අයකර ගන්නා බවත් ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රි‘රෝද රථ සංගමය සඳහන් කරයි.

Read More

මීට අමතරව කොමඩු, කැකිරි වැනි ජලය සහිත පලතුරු හා පිපිඤ්ඤා වැනි ජලය සහිත එළවළු වැඩි වශයෙන් ආහාරයට ගතයුතු බවද එම කණ්ඩායමේ සාමාජික මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ සිසුන් වෙත ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර වාරික මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.