නිල්පාට ,කොළ පාටට කළ නොහැකි වුදේ බලය දුන්නොත් අපි කරනවා - විජිත
ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණයේදි ඉදිරිපත් වන කිසිදු අපේක්ෂකයෙකුට 50 % වඩා ජන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට ඉඩ ලබානොදන බව ජනතා විමුක්ති පෙරමුණෙ ගම්පහ දිස්ත්‍රික් පා.ම සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසිය.
ඔහු මේ බව පැවසුයේ රට දිනවන අභියෝගයට අපි සුදානම් යන මැයෙන් ඊයේ (17) දින පස්වරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑළිය සහ මස්කෙළිය ආසන බල මණ්ඩල රැස්විම ගිනිගත්හේන සමුපාකාර සම්මන්ත්රණ ශාලාවේ පැවති රැස්විම අමතමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රිවරයා,
ජනාධිපතිවරණයේදි ඉදිරිපත් වන අපේක්ෂකයන්ට අවශ්‍ය ඡන්දය ප්‍රතිශතය ලබා නොදිමේ තුරුම්පුව ඇත්තේ තම පක්ෂය සතුව බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පරාජය කිරිමට තම පක්ෂය කටයුතු කළා සේම මෙවර ජනාධිපතිරණයේදිත් ඉදිරිපත්වන අපේක්ෂකයන් පරාජය කිරිමට තම පක්ෂය දැඩිව කටයුතු කරන බව විජිත හේරත් මන්ත්‍රිවරයා මෙහිදි පැවසිය.
මෙරට තුළ ආනයනික කිරිපිටි බහුජාතික සමාගම්වලට වත්මන් රජය බිය වි ඇති බවත්, මෙරට තුළ දේශීය කිරි කර්මාන්තය නංවාලිමට පැවති කිසිදු රජයකට නිසි වැඩපිළිවෙලක් නොතිබුණු බවත් පැවසිය.
වසර 71 තුළ නිල් පාට සහ කොළපාට පාලකයින් මේ රටේ ආර්ථිකය නංවාලිමට කිසිදු වැඩ පිළිවෙලක් සිදු නොකල බවත්, වසර 71 තුළ මේ රටේ නිල් පාට සහ කොළ පාට පාලකයින් සිදු නොකල ආර්ථික සංවර්ධනයක් වසර 5කින් ඉහළ නැංවිමට ජනතා විමුක්ති පෙරමුණට බලය ලබා දෙන්නේ නම් එය සිදු කරන බවත් විජිත හේරත් මහතා කියා සිටියේය.

popular news
-
Ranil_Rajapaksha Monday, 18 March 2019 01:24 PM
මව්බිමට ජය
Reply : 1 1
Deepal Nirosh Monday, 18 March 2019 02:27 PM
ඕන තුරුම්පුවක් තමුන් අතේ තියාගන්න. ඒකට කමක් නැහැ,බඅපිට නියමිත කාලයේ දී මීළඟ ජනාධිපතිවරණය ලබා දෙන්න. ජනතාව ඉල්ලන්නෙ එච්චරයි.
Reply : 0 0
Champa Monday, 18 March 2019 02:48 PM
තවත් ජනාධිපතිවරණයක් එපා කියන මිනිස්සු දැන් මොකොද බලය ඉල්ලන්නේ? බලයට කෑදර හින්ද නේද? දැන් ඕගොල්ලන්ට පුළුවන්ද 50%ක් ගන්න? මිනිස්සුන්ට දැන් හැමෝම එපා වෙලා තියෙන්නේ මන් දන්නා හැටියට නම්. කොටින්ම මිනිස්සුන්ට මැතිවරණයක් ගැන උනන්දුවකුත් නැහැ. 50%ක් ගන්න බැරි කතාව බොරු කරන්න පුළුවන්. වේලාසන වැඩි නිසා දැම්ම කියන්නේ නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

