“රට වෙනුවෙන් එකට සිටිමු” හෙට ඇරඹේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන හෙට (18) පුත්තලමෙන් ආරම්භ වේ.
මෙම වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගෙන “එකම දිනයක එකම වේලාවක” මහජන සේවාවක් ආරම්භ කිරිම හා ක්‍රියාත්මක කිරිම හෙට දින පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරේ.
මෙම ජාතික ව්‍යාපෘතිය මගින් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන,රණවිරු සත්කාරක සේවා වැඩසටහන,ඩෙංගු මර්දනය, දරුවන් සුරකිමු ව්‍යාපෘතින්ද විවිධ අමාත්‍යංශ මගින් ක්‍රියාත්මක ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුභසාධන වැඩසටහන් කාර්යක්ෂමව ,ඵලදායිව ලෙස ජනතාවට උපරිම සේවාවක් හා ප්රතිලාභ අත්කරදිම “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ මුඛය අරමුණ වේ.
මෙය 18 සිට 22 වෙනි දින දක්වා දින පහක කාලයක් පුරා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශිය ලේකම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරේ.
ජතතාවට දිර්ඝ කාලයක් තිස්සේ පවතින මහජන ගැටලු හා අවශ්‍යතා කඩිනමින් විසඳිමට කටයුතු කරන බැවින් පුත්තලම අවට ජනතාවට මෙයට සහභාගි වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලයි.
කෂිනි හපුආරච්චි

popular news
-
rocky Monday, 18 March 2019 07:57 AM
ඔබතුමාගේ කතාවට වඩා කෙරුවාව වෙනස් බව ඔබ තුමාම ඔප්පුකරල තියනවනේ! එක හින්දා ඔය සෝබන කතාවලට අපට රැවටෙන්න තව දුරටත් බැහැ! ඉතුරු මාස කීපය තුල කරන්න දෙයක් නැත් නම්, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ලෝක උරුමයක් බවට පත් කරන්න කටයුතු කලොත් නරකද?
Reply : 0 1
Champa Monday, 18 March 2019 03:27 PM
රට වෙනුවෙන් එකට සිටිමු නේද? රට වෙනුවෙන් එකට සිටිමු. 2015 ඉඳන් 2019 දක්වා රට පාවල දීල දැන් කියනව රට වෙනුවෙන් එකට සිටිමුලු. වහල් ආණ්ඩුව මේ පාරත් කලින්ට වඩා දරුණු ජිනීවා යෝජනාවකට සම අනුග්‍රහය දැක්වුව. එහෙම කරපු නිසා තමයි මානව හිමිකම් කොමසාරිස් අර වගේ රටට ඉතාම අහිතරකර වාර්තාවක් එලියට දැම්මේ. දැන් ජනාධිපති මොකක්ද කලේ? රනිල්ට සම අනුග්‍රහය දක්වන්න set කරලා මඟ ඇරලා පිටරට ගියා. වැඩේ කලාට පස්සේ මාරපනට කියනව මීට පස්සේ එයාගෙන් අහලාලු වැඩ කරන ඕනේ. ඔය දෙවෙනි යෝජනාව ගේනවා කියලා දන්නේ මාස ගානකට ඉස්සෙල්ල. එතකොට ඒ වෙලාවේ නියෝගයක් දෙන්න තිබ්බ ලංකාව සම අනුග්‍රහය දෙන්න එපා කියලා. තමන් කැමති ඇමති කෙනෙක් පත් කරගන්න බැරි රනිල්ට බලයක් නැහැ තනි මතේට core group එකේ යෝජන්වට සම අනුග්‍රහය දෙන්න. ඒක කරන්න පුළුවන් වුනේ කලින් ජනාධිපති කැමති වෙලා තියෙන නිසා. පැත්තක ඉදන් බලන ඕනේ කෙනෙකුට තේරෙනව මේ කරන්නේ සිංහල ජනතාව රැවටීමක් කියලා. මේ දෙන්න 2015 කොටින්ට දීපු පොරොන්දු දැන් දෙන්නම නැතුව එක්කෙනෙක් ලව්වා කරවනවා. අර ඉල්ලුම් ගහ ගෙන්න ඕනේ. මොකොටද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

