හම්බන්තොට හා නුවර එළිය මහ රෝහල් විවෘත කිරිමට යයි
නෙදර්ලන්ත ආධාර යටතේ ඉදිකරන ලද හම්බන්තොට සහ නුවරඑළිය නව මහ රෝහල් ලබන මැයි මාසයේ දී විවෘත කිරීමට නියමිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසිය.
මෙම රෝහල්වල ඉදිකිරීම් සහ උපකරණ සම්බන්ධයෙන් පැවැති ගැටලු අවසන් කර ඇති බවත් එම උපකරණ රෝහල් දෙකට ලැබෙමින් පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
අදාළ රෝහල්වල ගොඩනැගිලි සෞඛ්‍ය අමාත්‍යාංශයට කොන්ත්‍රාත්කරුවන්ගෙන් පවරා ගැනීම කඩිනමින් සිදු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදි.
මේ අතර ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සඳහා බදවා ගත් ක්ෂේත්‍ර නිලධාරීන් ස්ථිර කිරීම පිළිබදව ද සාකච්ඡා කළ අතර, ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.
එවැනි ක්ෂේත්‍ර නිලධාරින් 1500 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බදවාගෙන ඇත.
දකුණු පළාත තුළ ඉන්ෆ්ලුවෙන්සා රෝගය යළි පැතිරයාමේ අවධානමක් පවතින බවට අනතුරු අඟවා ඇති බැවින් ඊට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදෙන ලදි.

popular news
-
Champa Monday, 18 March 2019 03:10 PM
දැන් මේ ආණ්ඩුව ආවට පස්සේ මෙහෙම ණය අරගෙන ඉස්පිරිතාල කීයක් නම් හදන්න මුල්ගල් තිබ්බද? කරන්න ඕනේ ලෙඩ්ඩුන්ට ඉස්පිරිතාල හදන එකවත් බෙහෙත් නිෂ්පාදනය කරන එකවත් නෙමේ, මිනිස්සුන්ට නිරෝගී දිවි පෙවතක් ගෙවෙන හැටි කියලා දෙන එක. එහෙම කරන්න හිතන්නෙවත් නෑ ඒ මොකොද කිව්වා නම් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය කියන්නේ නොසිඳෙන ඉල්ලමක්. හොඳට ගරන්න පුළුවන්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

