saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11057 hours ago

LATEST

ශ්‍රි පාද රක්ෂිතයේ මැණික් ගැරූ හත් දෙනෙකු අත්අඩංගුවට

calendar_today 2019 මැයි 23 - 12:20 remove_red_eye - 175  

ශ්‍රි පාද රක්ෂිතය තුළ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත්දෙනෙක් ඊයේ (22) වෙනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩර මහතා පැවසිය.

හොඳයි කියන්නේ උතුම් වචනයක්. ඇයි යකෝ කියලත් කියන්න පුළුවන්. ගරුකිරිමක් ලෙසයි හොඳයි කිව්වේ

Read More

එළැඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියේ නිල විකාශකයින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සි.සී.) විසින් එළිදක්වා ඇත.

Read More

එක රටක් එක නීතියක් යන තේමාව යටතේ, පාස්කු ඉරිදා ඛේදවාචකයෙන් විපතට පත්වූවන් සිහිපත්කරමින් සිදුකෙරුණු නිහඬ විරෝධතාවක් පෙරේදා (21දා) කොළඹ ලිබර්ටි වටරවුම අසලදී පැවැත්විණි. රට රකින පරපුර සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබිණි.

Read More

මාතර අකුරැස්ස ඌරුමුත්ත ප්‍රදේශයේ නීතිවිරෝධි මත්පැන් තොගයක් ඊයේ (22) පස්වරුවේ වැටලිමට ගිය පොලිස් නිලධාරින්ට එල්ල වු වෙඩි ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව අකුරැස්ස පොලීසිය පවසයි.

Read More

මැදමුලන ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදි රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට ඒරෙහිව ගොනු කළ ඇති නඩුව ජුනි මස 19 වනදා සිට විභාගයට ගැනිමට ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය අද දින නියම කළේය.

Read More

විශ්වාසභංගය සඳහා දින ලබාදෙන්නේ ආණ්ඩුව බවත් අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට වාඩ වැදගත් වන්නේ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංගයට බවත් අග්‍රාමාත්‍ය රනිල් විකුමසිංහ මහතා පැවැසීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පිළිබඳව සාකච්ඡා සම්බන්ධයේන කැඳවූ පක්ෂ නායක රැස්වීම අද පෙරවරුවේදී පාර්ලිමේන්තුවේදී විසඳුමකින් තොරව අවසන්ව තිබේ.

Read More

හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දුරකථන දීමනාව රුපියල් 3,000 දක්වාත් මාසික ඉන්ධන දීමනාව රුපියල් 5,000 දක්වාත් වැඩි කිරිමට සභාව තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින වෙළදාම නැවතී ඇති බවට පාකිස්තානයේ ද් එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය පළකළ ප්‍රවෘත්තිය අසත්‍ය බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ බ්‍රිගේඩ්යර්වරු 10 දෙනෙක් මේජර් ජනරාල් ධුරයට උසස් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විපක්‍ෂය විසින් භාරදී ඇති විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව තමන් සිදුකළ ප්‍රකාශ අත්වැරදීමකින් වූවක් යැයි නවීන් දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, තම ස්ථාවරය තේරුම් නොගෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

හදිසි විදුලි මිලදී ගැනීම් යටතේ මුහුදේ සිට බත්තල මත ඉදිකරන ලද බලාගාර දෙකකින් මෙගා වොට් 400ක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබුණද, එය ලබා ගැනීමේ අර්බුදයක් පවතින බව %අද^ පුවත්පතට වාර්තා වේ.

Read More

මඩකලපුව ප්‍ර‘දේශයේ ඉදිකරමින් පවතින පෞද්ගලික විශ්වවිද්‍යාලය වහාම අහෝසි කළ යුතු බවත්, එසේ නොකළොත් එය අහෝසි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23දා) දින වැසි ඇති විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තදවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි

Read More

බොදුබල සේනාවේ මහාලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ජනාධිපති සමාව දීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් සිදුවන බව අදට වාර්තාවේ.මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂක දිලන්ත විතානගේ මහතාගෙන් අද අප කළ විමසීමකදී හෙතෙම සඳහන් කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලිපියට ඊයේ (22දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ බවට වාර්තා වූ බවය.

Read More

වැල්ලම්පිටිය තඹ කම්හලට තඹ මෙට්‍රික් ටොන් 500ක් ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීමට තඹ කිලෝවක් ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

අද ජනතාවට දේශපාලනය එපා වි සිටින බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

මුහුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ නාම ලේඛනය මේ වනවිට රහස් පොලීසිය විසින් ලබාගෙන ඇති බවත් එවැනි අය අත්අඩංගුවට ගෙන නීතිය වහා ක්‍රියාත්මක කළ යුතු බවත් පළාත් සභා පළාත් පාලන ස්වදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.

Read More

ධීවර රැකියාවේ නිරතව සිටියදී අනතුරට පත්ව විනාශ වන බෝට්ටුව වෙනුවට නව බෝට්ටුවක් සඳහා වැය වන මුදලින් සියයට 50ක් සහනාධාරයක් ලෙස ලබාදීමට තීරණය කල බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා ගොස් සේවා ස්ථානයේදී සිදුවන අනතුරක් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ නිවසක් නොමැති ශ්‍රමිකයින් සඳහා නිවසක් සාදා ගැනීමට කාර්යාංශය මගින් “සහන නිවාස” වැඩසටහන යටතේ රුපියල් මිලියනයක මුදලක් ලබා දෙනු ලැබේ.

Read More

ඉදිරියේ දී රන් භාණ්ඩ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීමි සිදු කොට නීතිය ක්‍රියාත්මක කිරීම පිළබඳවත් අවධානය යොමු වෙයි.

Read More

අපේ පාසල් ක්‍රමය ආගම්, භාෂාව අනුව වෙන් කරන්නේ නැතුව යළිත් පොදු පාසල් ක්‍රමයක් ලංකාවේ ඇති කිරීමේ වගකීම අධඨ්‍යාපන අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.

Read More

බන්ධනාගාර ගතව වැඩ සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීම සඳහා අමාත්‍ය රවී කරුණනායක හා බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි යන මහත්වරුන් අද (22දා) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියහ.

Read More

ඩි 50ක් පමණ උස ජල ටැංකියක් මතට නැග, බිමට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී, වහා එම ජල ටැංකියට නැග ඇය නිරුපද්‍රිතව බේරා ගැනීමට අනුරාධපුර ගිනි නිවීම් හා ආපදා කළමනාකරණ එ්කකයේ නිලධාරීන් කටයුතු කළේය.

Read More

කුලියාපිටිය මුලික රෝහලේ රසායනාගාර ටෙන්ඩරය ලබාදීම සඳහා එම රෝහල ඉදිරිපිට ඇති වෛද්යම රසායනාගාරයේ හිමිකරුගෙන් මාස්පතා අල්ලස් ඉල්ලා ඉන් රුපියල් 75,000/-ක අල්ලසක් ලබාගත් බවට චෝදනා ලැබ සිටින කුලියාපිටිය මහ රෝහලේ හිටපු විශේෂඥ වෛද්‍යවරයාට කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට දෙවැනි ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (22) නියම කළේය.

Read More

ඉදිරියේදී රජය මගින් වී වියළිම සඳහා වී වියළීමේ යන්ත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සකසමින් පවතින බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

Read More

‘සිංහල, දමිල, මුස්ලිම් ජන බලයෙන් අන්තවාදය පරදවමු‘ මැයෙන් අත්පත්‍රිකා බෙදීම සම අයිතිය ව්‍යාපාරය මගින් අද (22දා) කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරිණි.

Read More

ජාතික සමගිය ඇති කිරීම සඳහා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා හා නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද (22දා) දින සංදේශයක් භාරදීමට කටයුතු කළේය.

Read More

ගර්භනී කාලයේ සති 28 න් පසු කුස තුළ මියයන දරුවන් සහ උපතින් දින 07 ක් තුල සිදුවන බිළිදු මරණ අඩුකිරිම අතින් ශ්‍රී ලංකාව විශිෂ්ට තත්ත්වයක් ලබා ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය ප්‍රකාශයට පත් කළ නවතම වාර්තාවක සදහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.