ජල ටැංකියකින් පනින්න ගිය දැරිවිය බේරා ගනියි
අනුරාධපුර නගයේ පිහිටා තිබෙන ගැහැණු ළමා නිවාසයක දැරියක් අද (22 දා) දහවල් එහි ඉදිකර ඇති අඩි 50ක් පමණ උස ජල ටැංකියක් මතට නැග, බිමට පැනීමට උත්සහ දැරූ අවස්ථාවේදී, වහා එම ජල ටැංකියට නැග ඇය නිරුපද්‍රිතව බේරා ගැනීමට අනුරාධපුර ගිනි නිවීම් හා ආපදා කළමනාකරණ එ්කකයේ නිලධාරීන් කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් ලැබුණු ඇමතුමක් මත එම ස්ථානයට පැමිණි අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීම් හා හදිසි ආපදා ඒකකය අංශ භාර නිලධාරී ජී.ඩී.කේ. අනුරුද්ධ මහතා ඇතුළු කණ්ඩායම සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය දැනුවත් කිරීමට පියවර ගත්හ.
පසුව, අපදා ඒකකයේ නිලධාරියෙකු, ළමා නිවාසයේ සාමාජිකයෙකුද සමග ජල ටැංකිය මතට නැග එහි ජලය ඉවත් කර, එම දැරිය තමන් භාරයට ගත් අතර, ඉන් අනතුරුව ලංකා විදුලි බල මණ්ඩලයේ බූම් රථයක් ගෙන්වා, එමගින් දැරිය නිරූපද්‍රිතව පහළට ගෙන පරිවාස නිලධාරීන්ට භාර දීමට කටයුතු කළේය.
අනුරාධපුර චතුරංග



popular news
-
Kumar Thursday, 23 May 2019 12:52 AM
මේ ආකාරයෙන් ඒ දරුවාගේ ජීවිතය අවසන් කරන්නට තැත්කිරීමට හේතුව රහසිගතව අහල බලන්න ඕනෙ.
Reply : 0 0
Champa Thursday, 23 May 2019 09:25 AM
අනේ දෙයියනේ මේ දරුවට මොකක් හරිම ප්‍රශ්නයක් ඇතිනේ. නැත්නම් මෙහෙම කරයිද? අර කාන්තාවෝ දරුවාව අල්ලාගෙන යන විදිහත් එච්චර හොඳ නැහැ. ඉඳපන් දෙන්නම් වගේ අල්ලන් යන්නේ. මේ වගේ ළමා නිවාස ගැන විධිමත් වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ළමා මනෝ වෛද්‍යවරයෙක් අඩු ගානේ මාසෙකට සැරයක්වත් මේ තැන් වලට ගිහින් දරුවන්ට කතා කරන්න ඕනේ වෙන වෙනම. පව්. ප්‍රශ්නයක් තිබුනත් මේ දරුවන්ට කියන කවුරුවත් නැති නිසානේ ජීවිතය නැති කරගන්න හිතන්නේ. මට පුළුවන් නම් මම මේ තැන් තැන් වල අනාථ නිවාස වල ඉන්න දරුවෝ ඔක්කොම එක තැනකට එකතු කරලා ගම්මානයක් වගේ හදනවා. අර අඟුණකොලපලැස්ස වගේ super prison එකක් මොකොට හිරකාරයන්ට හැදුවද. අක්කර 65ක්ද කොහෙද. හිරකාරයෝ ටික වෙන තැනකට ගාල් කරලා ඒක හොඳයි convert කරන්න ළමා ගම්මානයක් විදිහට. පව්. දෙමව්පියනේගේ ආදරේ නොලැබුණු එහෙම නැත්නම් දෙමව්පියෝ නැති වුනු අසරණ දරුවෝ. මට හරියට දුක හිතෙනවා. හිරකාරයන්ට සැප දෙන්න swimming pools හැදුව ආණ්ඩුව. කිසි වැඩකට නැති වැඩක්. ඒක මේ වගේ පොඩි දරුවන්ට පාවිච්චි කරන්න තිබ්බනම් මොකද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

