saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11049 hours ago

LATEST

සංචාරක තහනම් ඉවත් කරන්න අගමැති ඉල්ලයි

calendar_today 2019 මැයි 25 - 08:53 remove_red_eye - 714  

ශ්‍රී ලංකාව වෙත පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශීය තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප‍්‍රකාශයට පත් කරමින් පරිසරය වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක කර ඇති සියලු වැඩසටහන් වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

Read More

ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට මත්තෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූ පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක තිබූ රුපියල් මිලියන 140කට අධික මුදලක් තහනම් කිරිමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

හදිසි නීතිය මාසයකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 14 කින් පාර්ලිමේන්තුවේදී අද (24දා) සම්මත වූයේය.

Read More

රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල්මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙන යන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ජාතිවාදි ගැටුමකට සැරසෙන බව රාජ්‍ය බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

සෘජුවම ධීවරයාගෙන් සහ බෝට්ටු හිමියාගෙන්ම ලංකා ධීවර සංස්ථාවට මාළු මිලදී ගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහන තංගල්ල ධීවර වරායෙන් හෙට [ 25දා ] උදෑසන ආරම්භ කිරීමට නියමිතය

Read More

යාපනයේ විද්‍යා සිසුවිය පැහරගෙන ගොස් අතරවර කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින්

Read More

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා හැසිරෙන්නේ කුඩා දරුවෙක් ලෙස යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පැවැසීය.

Read More

බය නැති අගමැති හා ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියමින් උඩබුරපු සභා නායක ඇතුළු එජාපයේ සියලු දෙනා රිෂාඞ් බදියුදින්ගේ විශ්වාසභංගයට බය වෙලා ඉන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

Read More

ජනපති පොදු සමාව යටතේ නිදහස් වූ අතිපූජ්‍ය ගලබොඩඅත්තෙ ඥානසාර හිමියෝ අද දිනයේදී දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩමවා තිබේ.

Read More

වැල්ලවාය, තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කඳවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටිමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සෙයා බැලීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස නම් කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 13 වෙනි දින චීනය බලා ගමන් කළ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රචාරය කළ විශ්වවිද්‍යාල සිසුවා ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

Read More

බගවන්තලාව කොටියාගල වත්ත ප්‍රදේශයේ ඊයේ (23) දින බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මතුගම අධ්‍යාපන කලාපයේ අගලවත්ත 2 කොට්ඨාසයේ පාලින්දනුවර දික්හේන කනිටු විදුහලේ පුපුරුවා හැරීමට සකස් කල බෝම්බ 13ක් අද (24) දා අලුයම ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන බදුරලිය පොලීසියට භාර දී තිබේ.

Read More

රක්නා ලංකා සමාගම ආරක්ෂක අමාත්‍යාංශයට අනුබද්ධව පවතින පූර්ණ රාජ්‍ය සමාගමකි.

Read More

දෙවන පාසැල් වාරයේ අධ්‍යයන කටයුතු ඉකුත් 13 දා ආරම්භ විමෙන් පසු මොණරාගල සෙවනගල සෝමාදේවි ප්‍රාථමික විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයට තර්ජනාත්මක පණිවිඩයක් එවන ලද කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව සෙවනගල පොලීසිය පවසයි.

Read More

සහරාන් හසීම් නමැත්තා සමඟත් තවුහිද් ජමාත් සංවිධානය සමඟත් සමීප සබඳතා පවත්වමින් දිස්ත්‍රික්ක දෙකක අන්තවාදී දේශන සිදුකළ සංවර්ධන සහකාරවරයෙකු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු හොරොව්පොතාන කිවුලේකඩ සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවලදි අද (24) උදෑසන අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.

Read More

හෝමාගම ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රී කමල් චන්දන මහතාගේ මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි මීගොඩ පොලීසිය පවසයි.

Read More

නාවලපිටිය බස් නැවතුම්පොළෙහි දුර ගමන් බස් රථ නැවතීම වෙනස් කිරීමට එරෙහිව ඊට විරෝධය පාමින් හැටන්- මහනුවර ලංගම හා පුද්ගලික බස් රථ අද (24) වර්ජනයක නියළිණි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ තේරීම් කාරක සභාවෙන් තමන් ඉවත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසයි.

Read More

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23දා) රාත්‍රි උන්වහන්සේ සමඟ ජනාධිපති මෛතී‍පාල සිරිසේන මහතා හමුව තිබේ.

Read More

පුත්තලම වාන්කුලම් වැවේ තිබු කඩු කිහිපයක් හා හිස් පතොරම් තොගයක් සමඟ තවත් ආයුධ කිහිපයක් යුධ හමුදාව හා නාවික හමුදාව එක්ව කල සෝදිසි මෙහෙයුමකදි ඊයේ ( 23) දහවල් සොයා ගත් බව පුත්තලම පොලීසිය පවසයි.

Read More

කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල පොලිස් වසමේ ප්‍රේමානන්ද ‌‌‌ මාවතේ සෝමවර්ධන විහාරය ඉදිරිපිටදි පිහියකින් ඇණ පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

Read More

ෙපාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් මියන්මාරයේදි අත්අඩංගුවට පත්ව තිබේ.

Read More

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස පවතින කොළඹ විජේරාම මාර්ගය නවතත් වසා තබන ලෙස ඔහු ආරක්ෂක අංශවලට සඳහන් කර ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

Read More

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදීමට ගත් තීරණයට ද්‍රවිඩ ජාතික සන්ධානය විරෝධය දක්වා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.