ශ්රි පාද රක්ෂිතය තුළ විශාල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් අනවසරයෙන් මැණික් ගරමින් සිටි ජාවාරම්කරුවන් හත්දෙනෙක් ඊයේ (22) වෙනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩර මහතා පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් පෙට්රොසෝ වතුයායේ ප්රිඩ්ලන්ඩ් කොටසට ඉහළින් වු ශ්රි පාද රක්ෂිතය තුළයි මෙම අනවසර මැණික් ගැරිම සිදු කර ඇත්තේ.
එම රක්ෂිතය තුළ කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා ඇළ මාර්ග හරස් කරමින් රක්ෂිතය තුළ විශාල වලවල් හාරා විශාල පරිසර හානියක් සිදු කරමින් මෙම ජාවාරම්කරුවන් පිරිස කාලයක් තිස්සේ රක්ෂිතය තුළ ඉතා සුක්ෂම ලෙස අනවසර මැණික් ගැරිමේ නිරතව සිට ඇති බවයි පොලීසිය පවසා සිටියේ .
මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව පෙට්රොසෝ වතුයායේ පදිංචිකරුවන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසිය.
