මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර කරන්නන්ට ඉදිරියේදි දැඩි දඬුවම් - වජිර
මුහුණු පොත හරහා වැරදි ප්‍රචාර ගෙන යන අය ජාතිවාදය අවුස්සාගෙන ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන බවත් ඔවුන්ගේ නාම ලේඛනය මේ වනවිට රහස් පොලීසිය විසින් ලබාගෙන ඇති බවත් එවැනි අය අත්අඩංගුවට ගෙන නීතිය වහා ක්‍රියාත්මක කළ යුතු බවත් පළාත් සභා පළාත් පාලන ස්වදේශ කටයුතු සහ අභ්‍යන්තර කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවසීය.
ගාල්ල උළුවිටිකේ ඊයේ (21) පැවති රැස්වීමක් අමතමින් වජිර අබේවර්ධන මහතා මෙසේ පැවසීය.
පටු අරමුණු සහිතව වෛරයෙන් ක්‍රෝධයෙන් සහ දේශපාලන ඊර්ෂ්‍යාවෙන් කටයුතු කරන ඇතැම් පිරිස් තම යුතුකම ඉටු නොකර බොරු ප්‍රචාර ගෙනයමින් බෞද්ධකමට ද නිගරු වන ආකාරයට මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා මඩ ප්‍රචාර ගෙන ගියත් ඒවායින් සැලෙන් නැති බවත් ඔහු සඳහන් කරයි.
ගාල්ල දිස්ත්‍රික්කයේ සෝදිසි මෙහෙයුම් කිරීමට අවශ්‍ය උපදෙස් ආරක්ෂක කමිටු කැඳවමින් ලබා දීමට කටයුතු කළා බවත් ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන නායකත්වයද ලබා දුන් බවත් පැවසිය.
අප සමාජයේ මරණ දැන්වීමක් ප්‍රචාරය කරන්නත් නමක් යොදා ප්‍රචාරය කරන ලදි යනුවෙන් සඳහන් කළ යුතුය.සමාජ ජාලාවලින් අපහාස කරන්න බොරු ප්‍රචාර ගෙනියන්න බොහෝ දෙනකුට අවස්ථාව ලැබී තිබෙනවා. ඒවාට නම ගම ඕන නෑ. අපේ රජය යටතේ ප්රකාශනයේ සහ භාෂණයේ නිදහස තහවුරු කළ නිසයි.
අපේ රජය මාධ්‍යයට උපරිම නිදහස ලබා දී තිබෙනවා. දැන් ඔවුන් ඒ නිදහස තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබෙනවා. ඉකුත් රජය කාලයේ මෙසේ කළානම් සුදු වෑන් ඇවිල්ල මෙවැනි අය අරගෙන යනවා. ඒවා ඔබට මතක ඇති. නමුත් අපි අදත් කියන්නේ අපේ රජය දුන් මාධ්‍ය නිදහස භුක්ති විදින්න තරම් උගත් තරුණයන් සිටිනවාද යන්නප්රශ්නයක්. මෙවැනි අයට මා බෞද්ධයකු ලෙස ප්‍රකාශ කරන්නේ ඔබ සුවපත් වේවා කියායි ඔහු වැඩිදුරටත් පැවසීය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්

popular news
-
Kumar Thursday, 23 May 2019 12:47 AM
මේ මහත්තයා කියන විධියටනම් මුහුණු පොතේ තිබෙන සජීවී video වල ඉන්නේ නළුවොවෙන්න ඕනෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

