මත්පැන් වැටලිමට ගිය පොලිස් කොස්තාපල්ට වෙඩි
මාතර අකුරැස්ස ඌරුමුත්ත ප්රදේශයේ නීතිවිරෝධි මත්පැන් තොගයක් ඊයේ (22) පස්වරුවේ වැටලිමට ගිය පොලිස් නිලධාරින්ට එල්ල වු වෙඩි ප්රහාරයකින් පොලිස් කොස්තාපල්වරයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව අකුරැස්ස පොලීසිය පවසයි.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ විශේෂ කාර්යය බලකායේ සේවයේ නිරතව සිට එයින් නිදහස්ව පොලිස් සේවයට බැදි අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේහි නිරතව සිටි ඉමදුව, කනංකේ ප්රදේශයේ පදිංචි කසුන් සමිපත් (34) නමැති දෙදරු පියෙකි. පොලීසිය පවසන පරිදි අකුරැස්ස ඌරුමුත්ත ප්රදේශයේ නිවෙසක් තුළ නීතිවිරෝධි මත්පැන් ජාවාරමක් පිළිබඳව ලැබුණු තොරතුරක් මත අදාළ ස්ථානය වැටලිම සඳහා පොලිස් කොස්තාපල්වරුන් සිවු දෙනෙකු සහභාගි වි ඇති අතර එහිදි නිවෙස හිමිකරු එම ස්ථානයෙන් පළා යාමට තැත්කර තිබේ.
එහිදි මියගිය පොලිස් කොස්තාපල්වරයා සැකකරු පසුපස හබාගොස් තිබෙන අතර ඒ අතරතුර සැකකරු සන්තකයේ තිබු බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබිමක් සිදුකර ඇති බව පොලීසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරයාගේ පසු ප්රදේශයට එල්ල වු වෙඩි ප්රහාරයෙන් බරපතළ තුවාල ලබා කඹුරුපිටිය ආදපාන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබු අතර ඒ වනවිටත් ඔහු ජිවිතක්ෂයට පත්ව සිටි බව රෝහල් ප්රකාශකයෙකු පැවසිය .
සිද්ධියට සම්බන්ධ හදුනාගෙන තිබෙන සැකකරු ආයුධය සමඟම ප්රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහු සොයා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති බව ද වාර්තා වේ .

popular news
-
චමින්ද Thursday, 23 May 2019 01:46 PM
ඌරුමුත්ත තියෙන්නේ මාකඳුරට නුදුරින් මාකඳුර අකුරැස්ස මාර්ගය ආසන්නයේද
Reply : 0 0
Champa Friday, 24 May 2019 02:49 PM
මීට කලිනුත් මෙහෙම වුනා මාතර. රටම කම්පා වුනා. වැටලීම් වලට යන පොලිස් නිලධාරීන්ට වෙඩි නොවදින ඇඳුම් දිය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

