හාරිස්ප්ත්තුව ප්‍රාදේශිය සභාව සිය මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන ඉන්ධන සහ දුරකථන දීමනාව වැඩි කරගැනීමට තීරණය කර තිබේ.
මධ්‍යම පළාත් පළාත් පාලන ආයතනවල ආදායම් තත්වයට අනුකූලව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කර ගැනීම සඳහා මධ්‍යම පළත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අවසරය ලබා දී තිබූ ලිපියක් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කිරීමට සභාව තීරණය කළේය.මේ සඳහා ජනතා විමුක්ති පෙමුණ සිය විරෝධය එල්ල කළේය.
සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ආණ්ඩු පක්ෂය වශයෙන් තමන්ට කොට්ඨාසයේ විශාල සංවර්ධන වැඩසටහන්වලට සහභාගී වීමටත් පොදු මෙන්ම ජනතාවගේ අවශ්‍යතාවන් සදහා විවිධ ගමන් යාමට ඇති බවත් එම නිසා දීමනාව වැඩි කිරීම සුදුසු බවත්ය.
ඒ අනුව හාරිස්පත්තුව ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දුරකථන දීමනාව රුපියල් 3,000 දක්වාත් මාසික ඉන්ධන දීමනාව රුපියල් 5,000 දක්වාත් වැඩි කිරිමට සභාව තීරණය කරනු ලැබූ අතර මේ සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බව වැඩ බලන සභාපති විජේසේකර මැදගෙදර මහතා මෙහිදී කීය.
මොහොමඩ් ආසික්
