saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10868 hours ago

LATEST

මධුෂ්ගේ අපරාධ ‍4ක් ගැන විමර්ශන

calendar_today 2019 ජුලි 04 - 21:24 remove_red_eye - 393  

ඩුබායිහි සැඟව සිටි කාලයේදී මාකඳුරේ මධුෂ් විසින් සිදුකකරන ලද බවට සැකකරන අපරාධ හතරක් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

ජාතික පාසල්වල උසස්පෙළ හදාරණ සිසුන් වෙනුවෙන් ටැබ් පරිගණක ලබාදීමෙන් පසුව එම ව්‍යාපෘතිය වයිෆයි පහසුකම් ඇති පළාත් පාසල්ටලට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

මෙම සැකකරු නුවරඑළියේ තව්හීත් ජමාත් සංවිධාන පුහුණු කඳවුරේ දේශන වලට සම්බන්ධ වී ඇති පුද්ගලයකු වෙයි.

Read More

මෙතන තිබුණේ වසර ගණනාවක පටන් පැවති ප්‍රශ්නයක් බවත් ඒ ප්‍රශ්නයට මානුෂීය විසඳුමක් ලබාදෙන්න අද අපට හැකි වුණ බව විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා මෙතැම්පටමයින් නැමැති රසායනික විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් , ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු ද සමග කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධිකාරී ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More

‘වහබ් අන්තවාදය මව්බිමෙන් අතුගා දමමු’ යන මැයෙන් සංවිධානය කර ඇති ජනතා ව්‍යාපාර රැළියක් අද (04දා) පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් රංග පීඨයේදී පැවැත්වීය.

Read More

වතුකම්කරු දෛනික වැටුපට රුපියල් 50ක් එකතු කිරීම සඳහා එළඹෙන සතියේදී අමාත්‍ය මණ්ඩල රැස්වීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද (04දා) පැවසීය.

Read More

නිදහසින් පසුව මැතිවරණ ජයග්‍රහණ කිරීම සඳහා ජාතිය, ආගම කුලය පදනම් කරගත් පක්ෂ බිහිවූ බවත් එම වරදට සියලු දේශපාලන පක්ෂ වගකිව යුතු බවත් සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ගරු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

Read More

ඓතිහාසික සීගිරි ගලත් පිදුරංගල ගලත් පෙනෙන මානයේ පිදුරන්ගල වෙල ප්‍රදේශයේ ඉපැරණි ගල්කණු සහිත නටඹුන් ඇති ස්ථානයක නිදන් ගැනීමේ අරමුණින් කැනීම් කරමින් සිටි පුද්ගලයන් පස්දෙනෙකු අද (04) දින අලුයම සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තලාහේන, මාලඹේ 8 වැනි සැතපුම් කනුව ආසන්නේ ඇති ජන නලයකින් අවුරුදු 4ක් තිස්සේ ජලය කාන්දුවන බව මාධ්‍යවේදියෙකු, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සුනන්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

තම රජය ඇමෙරිකා එක්සත් ජනපදය සමග ගිවිසුමක් අත්සන් කර නොමැති බවත් එවැනි ගිවිසුමක් අත්සන් කිරීමට කිසිසේත්ම සූදානම් නොමැති බවත් රුවන් විජයවර්ධන මහතා පවසයි.

Read More

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වර්ජනය අවසන් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහිව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

Read More

මේ පිළිබඳ වැඩිදුර විභාගය ලබන වසරේ පෙබරවාරි මස 12දා නැවත කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියම කළේය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන සන්ධානයේ නම ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ‘ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන සඳහන් කරයි.

Read More

නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත නොවන බව පවසමින් බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා තම ධූර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවතත් අධිකරණ මතය විමසිමට ගෙන ඇති තීරණය සදාචාර සම්පන්න නොවන ක්‍රියාවක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

අක්මීමන උපනන්ද විදුහලට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයෙකුට වෙඩි තැබීමෙන් පසුව ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එම වෙඩි තැබීම සිදුකළ යුද හමුදා සෙබලා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

මෙරට දෙවන ජාතික රෝහල බවට මහනුවර ශික්ෂණ රෝහල පත් කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙන බවත් නවින පහසුකම් වලින් සමන්විතව මහනුවර ශික්ෂණ රෝහල ඉතා නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කරන බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

කුඩු කිලෝ 23ක් සිය සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඒ සඳහා වරදකරුවූ මෙරට ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මොහොමඩ් සියාම්ට හා ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණය දුන් මරණ දඬුවම නිවැරදි තීන්දුවක් බව අභියාචනාධිකරණය තීන්දු කළේය.

Read More

වැඩවර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යවරයා අතර අද (04දා) සවස සාකච්ඡාවක් පවත්වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

කොළඹ සැහැල්ලු දුම්රිය 2ව්‍යෘපෘතියේ සැලසුම සැකසීම හා ප්‍රසම්පාදන කටයුතුවලින් පසුව 2020දී ඉදිකිරීම් ආරම්භ කර 2024දී අවසන් කරන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ කමාන්ඩර් චමින්ද ආරියදාස මහතා මෙහිදී පැවසීය.

Read More

ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාරස්ථානයට අනුබද්ධව කුල දරුවන් පනස් දෙනෙකු පැවිදි කිරීමේ මහා පුණ්‍ය උත්සවය අද (04) දින ඓතිහාසික රන්ගිරි දඹුලු රජමහා විහාර මැද පන්සල හෙවත් ශ්‍රී වළගම්බා පිරිවෙන් පරිශ්‍රයේදි සිදු කෙරිණි .

Read More

මඩකලපුව පුදූර් ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍ර දේශවාසීන් කළ පහරදීමකින් ඔවුන් දෙදෙනා තුවාල ලබා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

Read More

ගා/ මානවිල උපනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි යුධ හමුදා සෙබලෙකු විසින් සිදුකළ වෙඩි තැබිමකින් දෙදරු පියෙකු අද (04) දහවල් මියගොස් ඇති බැව් අක්මිමන පොලීසිය පවසයි.

Read More

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වර්ජනයට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරිමට මහජන අයිතීන් සුරැකීමේ සංවිධානය තීරණය කර තිබේ.

Read More

විහාරස්ථාන හා පිරිවෙන් වලට මෙන්ම පාසල් අධ්‍යාපනය සඳහා වත්මන් ආණ්ඩුව මෙන් මීට පෙර කිසිදිනෙක මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් කවර හෝ ආණ්ඩුවකින් ලබා නොදුන් බව අධාපන අමාතය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

දැයට එකම රොදකට’’ ජාතික සංවිධාන රාශියක් එක්ව පැවැත්වීමට නියමිත සමුළුව නැවැත්වීමට උසාවි නියෝගයක් ලබා ගැනීමට ජමෙයිතුල් උලමා හා ඔවුන් හා සම්බන්ධ සංවිධාන රාශියක් හා යම් දේශපාලන නායකයින් කිහිප දෙනෙකු විසින් බොරු ප්‍රචාර කරමින් පොලීසිය නොමග යවමින් කටයුතු කරන බව බොදුබල සේනා සංවිධානය පවසයි.

Read More

කිලිනොච්චිය, පච්චිලිපලෙයි ඉත්තාවිල් ප්‍රදේශයේදි අද (04) අලුයම සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පලෙයි පොලීසිය පවසයි.

Read More

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

Read More

පන්නල , කඳානේගෙදර නගරයේ පිහිටි වෙළඳසැලකට දහවල් කාලයේ ඉදිරිපස දොරටුවෙන් පාරිභෝගිකයෙකු මෙන් ඇතුලුවි ජංගම පෙර ගෙවුම් කාඩ්පත් සොරකම් කල පුද්ගලයෙක් නැදලගොමුව ප්‍රදේශයේදි එම සොරගත් බවට සැක කෙරෙන රුපියල් 15,000 ක් පමණ වටිනා කාඩ්පත් සමග අත්අඩංගුවට ගත්බව පන්නල පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.